Posts

Showing posts from September, 2011

ගුත්තිල අතුරු කාව්‍යය-මංජුල වෙඩිවර්ධන

Image
ගුත්තිල අතුරු කාව්‍යය තැලෙන්තුව ලැබුම වළකන්නට හැකිද තලෙන්තුව ලැබුණෙ වළලන්නද ළමැද වරෙන්තුව කුමට, බිඳ දැම්මෙන් සබත පොරොන්දුව නුඹට, සමුගන්නෙම් සබඳ අතකුරු මගෙ වුණත් නුඹෙමය ඔය සුරත පණකුරු දොළස අරගමි ගතකුරු නුඹට මුලකුරු අහිමි කවියකි සෙනසුරු නමට විසකුරුකමද පිළිතුර සොහොයුරු පෙමට පුටුව ලැබිණි නම් දන්දෙන්නට තිබුණී අටුවෙ වුණත් තිබුණේ කොස් ඇට පමණී කොටුව තනා තනි රකිනා සකි සඳුනී පිටුව පිටුව අහිමිව යන පොතක් වැනී තරග කුමට සොහොයුර පැරදුම මාගේ මතක කවි රැගෙන, යන්නෙමි බරබාගේ අකුරු පෙළහරට මතු හිරිහැර කාගේ ඔබට සිටිය හැකි කව් සිළුමිණ වාගේ වාසල පුරෝහිත අසලම තටු සළන ඈතට ඉගිල යන්නට රූපක සොයන සීතල දෙ අත පිරිමදිමින් කවි ලියන සෝයුර මෙ පුර නුඹට ය, නුඹට ම පමණ. මංජුල වෙඩිවර්ධන 20 සැප්තැම්බර්, 2011

අකුරේ ගෙල සිඳේ...

නුවර උස් තුංග තුරු හිස අතු පතර රැඳුන බකුසු තෙම හුම් කියාවත් නොනගයි සිය හඩ පොත පත උලා කා සද් විසද් දෙසුම් පා තීරු වැකි හෑලි පසිඳා වානෙ පන්නර ලැබුව බකුසා! සතුරු උවදුර හිතට ගිනි බිඳ රැය පහන් වේදෝ නොදැන ලෙස තිර දෑස් දල්වන් බොල් අහස වෙත හුම් කියාවත් නොනගයි සිය හඩ දුරක දැල්වෙන මියෙන පහනක දැල්ල කැරකෙයි සුළඟ බඳ වට පන්හිඳක වෙත මෑනෙයි පතුරම හුම් කියාවත් නොනගයි සිය හඩ අකුරේ ගෙල සිඳේ අකුරු එල්ලා මැරේ අකුරු ගිනි දැල්වෙතේ අකුරු පා දඩු කදේ නෑ සියන් කැති උදලු ගෑවෙත ලේ පෙරන් දන වැටී තැන තැන දෙපා මුල පණ රුහිරු ගලත ද හුම් කියාවත් නොනගයි සිය හඩ මේ ඒ ලේ ද ඒ මේ ලේ ද කාගේ ලේ ද මගේ ලේ නොම වේ ද එනමුදු හුම් කියාවත් නොනගයි සිය හඩ!

ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ...

Image

ලොලීටා මට සෙල්ලම් කරන්න තියෙන්නෙ වචන විතරයි!

Image

මනෝසීල-හෂිත අබේවර්ධන

'මනෝසීල' මුසා ඇසෙන විදුලකරේ දොරින් මෙපිට 'රජ රන්' දැක දැක සැනසෙති ගිනි කණ වැද නුවරුන් කැළ කොළඹ පාර දිගේ ගලයි රිය පෙරහර නොලස වෙසින බාල තෙල් බුදින අස් පෙළ හති හල හල මග හිට හිට උඩ ගිණිකෙළි වට සැණකෙළි පලස් අතුරුවා මහ මඟ ලාබ කොට බෙදේ දර්මය පසල් දනව් යට කර කර නගර ගුත්තිකට හිමිකර නගර දොරටු හිවි පහ පෙළ අංගනියේ අංගාණිය යුහුව තැනෙන බව නොම දැන තුරු පෙළ තැන තැන බැබළුන පෙලා නා රුකින් සසොබන ශෘංගාරය උතුරා යන සල් පිල් පෙළ නැඟේ රුවට හෂිත අබේවර්ධන 12-09-2011

මුහුණු පොතේ කවි එකතුවක් "පොතක්" ලෙස කලඑළි දැක්වීම

ප්‍රිය සහෘදය, මුහුණු පොතේ කවි එකතුවක් "පොතක්" ලෙස කලඑළි දැක්වීමට අපි තීරණය කර ඇති බැව් ඔබ සැම වෙත ඉමහත් සතුටින් දන්වා සිටිමු. මේ සඳහා කවි තෝරා ගැනීමට කවි ලියන අයට තමන්ගෙ නිර්මාන පෝස්ට් කිරීම සඳහා මුහුණු පොතේ " සත්කාර " නමින් ගෘප් එකක් නිමවා ඇත. එම ගෘප් එකේ පළකරන ඔබගේ නිර්මාන සඳහා එහි ඇඩ්මින්වරු විසින් ප්‍රකාශ කරනු ලබන චන්දවලින් බහුතරයක් ලබන කවි එම උක්ත කවිපොතට ඇතුලත් කර ගන්නට ක්‍රමවේදයක් සකසා ඇති බැවින් ඔබට දැනෙන තමන්ගේ ප්‍රශස්ත නිර්මාන එහි පෝස්ට් කිරීමෙන් ඒ සඳහා සහභාගි විය හැකිය. මේ කවි පොත සඳහා ඔබ සියල්ලන්ගේම එකදු කවියක් හෝ අන්තර්ගත කරන්නට උත්සහ කිරීම අපගේ බලාපොරොත්තුව බැවින් ඊට සහභාගි වන ලෙස මුහුණු පොතේ කවි නිර්මානයේ යෙදෙන සැමට කෙරෙන කාරුණික ආරාධනය යි මේ... මෙම කාව්‍ය සංග්‍රහය ලබන ඔක්තෝබරයේ පළ කරන්නට බලාපොරොත්තු වන බැවින් ඔබ සියල්ලන්ගේ සහභාගිත්වය කඩිනමින් අපේක්ෂා කෙරේ. මෙම දැන්වීම සහෘදයන් අතරේ ප්‍රචාරය කිරීම අගය කරමු. 09/09/2011

නූතන වාදයේ ප්‍රවනතා සමඟ ලොලීටා කියවීමක්

Image

ශෘංගාර නවකතාව සැප්. 4 ඉරිදා...

Image