කාන්චනාගේ අහස සහ පොලොව
කාන්චනාගේ මේ 'දෘශ්‍ය කවිය' ගැන ලියමි. මෙම 'දෘශ්‍ය කවි' යැයි මා සඳහන් කළ දෙය ගැනද කිසියම් පැහැදිලි කිරීමකින් අනතුරුව කවියක් ගැන කෙටි අදහස් දැක්වීමක් පෙළ ගස්වමි. මෙම කවි 'දෘශ්‍ය කවි' වන්නේ ඒවායේ වියමනට වචන හා සමානවම වර්ණ හැඩතල මුසුවූ පසුබිමක්ද වන බැවිනි. මගේ සිතට ආවේ නගරයේ බිත්ති තාප්පවල පෝස්ටර ඇලවූ විට ඒවා හුදෙක් පෝස්ටරයේ අන්තර්ගතය ඉක්මවා පසුබිමද සමගින් ම කියවීමකට ලක් වීම නොවැලැක්විය හැකි තත්වයක් වන්නේ යම් සේද මේ දෘශ්‍ය කොටස හේතුවෙන් එම කවිය කියවා ගැනීමේ දී ද එම සන්තෑසියම සිදුවන බැවින් ඒ කවි ප්‍රවර්ගය වෙන්කොට නාමකරණය කරනු වස් 'දෘශ්‍ය කවිය' යැයි මම සඳහන් කරමි. 'දෘශ්‍ය කවි' යන වර්ගය ගත් විට ඒවායේ කිසියම් මිම්මක් ආදර්ශනයක් ගැනීමට කදිම උදාහරණ චරිත් සේනාධීරගේ හෝ අජිත් තිලකසේනගේ එබඳු නිර්මාණ ඔස්සේ සාදා ගත හැකිය. ඒවා 'සංයුක්ත කවි' ලෙස හැඳින්වීමට අතිශය සාධාරණය. 'සංයුක්ත' වීමට දේවල් අතර සම්බන්ධය විෂයමූලික විය යුතුය. එනම් සරල උදාහරණයකින් පැහැදිලි කලොත් ද්‍රව්‍ය සහ අවකාෂය සංයුක්ත සම්බන්ධයකින් පවතී. මන්ද යත් ද්‍රව්‍ය අතර නොපවතින ද්‍රව්‍ය හේතු...