ක්වොන්ටම් ලෝකය-2009 මාර්තු 31
වීරවංශ ඔපරෙටරය සහ චූල අංශු මහින්ද රාවණගේ බල කඳවුරු බොහොමයක් ඒ වන විට බිඳ වැටී තිබිණ. රණබිමෙහි දී නට සෙබළුන්ගේ අඹුවන් නගන අඳොනා හඩ රාජ සභා ගර්භය කරා ද ඇදී ආයේ ය. රාවණ, මාලිග චතුරශ‍්‍රය වෙත දිව ගොස් ඈත සටන් බිම දෙස බැලීය. මුළු මහත් ජීවිතය ම විනාශකාරී ලෙස ගෙවා දැමූ ඔහුට පවා ඒ ලෙයින් වැකුණු සටන් බිම දැක දෑස් අදහා ගත නොහැකි විය. රාවණ හමුදාවෝ තැන තැන වැතිර කෙඳිරි ගාමින් සිටියහ. වානර හමුදාවෝ කුල්මත් ව නටමින් හුන්හ. 'දැන් මා රණබිමට අවතීර්ණ විය යුතු මොහොත යි.' ඔහු නිම් හිම් නැති කෝපයෙන් තමාට ම කියා ගත්තේය. චාරිත‍්‍රානුකූල ජල ස්නානයෙන් පසු ශිව දෙවියන් යැද සිරුරෙහි සෑම අංශුවක් ම ආරක්ෂා කෙරෙන සන්නාහයෙන් ද දුනු හී අසිපත් ඇතුලු යුද්ධායුධ පංක්තියෙන් ද නළල් පට හා මිණි කිරුළින් ද සැරසුණු රාවණ මහත් සාඩම්බර ලීලාවෙන් සිය යුධ රථය අරා සිටියේ ය. ඒ යුධ රථය වූ කලී අශ්වයන් අතරමග මිය ගිය ද ස්වයංක‍්‍රීය ව ගමන් කරන්නා වූ අද්භූත නිර්මාණයක් විය. දෙමළ රාමායණය නව වන උල්ලාසය රාම-රාවණ සටන ප‍්‍රතිකථනය මහාචාර්ය සුනිල් ආරියරත්න [උපුටනය සහ අවධාරණය කර්තෘ විසිනි] රාවණගේ යුධ රථය ක්වොන්ටම් යාන්ත‍්‍රණයෙන් නිපදවා ගත් හා...