සත්‍යවාදියකුගේ දිනපොත -1986 ජුලි 27

1986 ජුලි 27

සොන්ඩ් මොලාපා මරා දමා ඇත. මම දෑස් පිසදා එම පුවත යළිත් කියැවූයෙමි. හදවත වැළපෙන්නට විය. ඔහු මරා දැමීමෙන් පසු දකුණු අපි‍්‍රකාවෙ කෲර ජඩ සුදු පාලකයන් කීවෙ ඉතාමත් වුවමනා කර තිබූ ත‍්‍රස්තවාදියා මරා දැමූ බවයි. අද ලොවෙ සිටින ලොකුම ත‍්‍රස්තවාදියා පීටර් බෝතා බව මට ස්ථිරය. ඇමරිකාවට එරෙහිව වියට්නාමයේ සටන් කළ විමුක්ති භටයන්ට ත‍්‍රස්තවාදීන් යැයි කියූ ලොවක සොන්ඩ් මොලාපාට ත‍්‍රස්තවාදියකු යැයි කීම ගැන මම පුදුම නොවෙමි. කළු ජාතිකයන්ගේ දේශයම උදුරා ගෙන ඔවුන්ගේ ලේ උරා බොමින් මහා මිනිස් ඝාතනයක යෙදෙන අධිරාජ්‍යයවාදී සුදු පාලකයන්ට එරෙහිව සටන් වදින්නා ත‍්‍රස්තවාදියකු නම්, එබඳු ත‍්‍රස්තවාදියකු වීමට මම පෙරුම් පුරමි.

මොලාපාගේ මරණය ගැන ඇසූ නෙල්සන් මැන්ඩෙලා හිරගෙයි සිට හඩන්නට ඇත. ලොව පුරා සිටින සාධාරණය ගරු කරන මිනිසුන් කොහි සිටියත් හඩන්නට ඇත. මම මගේ පුංචි කාමරයේ සිට මෙ රාත‍්‍රියේ වැළපෙන්නෙමි.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු