
මෙහි කෙටි කතා නවයක් වුව ද 'වතුර' කෙටි කතාව එහි දිගම කෙටි කතාවයි. අනෙක් කෙටි කතා වඩාත් කෙටි වී ඇත.
'ඇඳ කබල' කතාව අපට ඉතාම සමීප අත්දැකීමක් වඩාත් මනෝ විද්‍යාත්මක තලයක ඔසොවා තබමින් රචිත අගනා වියමනකි.
'ගැලවීම' ද පාරභෙතික මානසික අපේක්ෂාවන් භෙතිකය තුල විශද වන අයුරු පෙන්වා දෙන සුලබ අත්දැකීමකි.
'දහමන්දරී' සහ 'බෙලෙක්' පුද්ගල චර්යා කෙරෙහි අමුතු බැලුම් හෙලයි.
'දේරාහියෙකුගේ අභ්‍යන්තර කතාව' සිහි ගන්වන්නේ මා කලකට පෙර නැරඹූ චිත‍්‍රපටයක එන දසුන් කීපයකි. එම චිත‍්‍රපටයේ කුඩා දරුවන් වෙඩි උණ්ඩ අහුලමින් එකතු කරන්නේ ඒවා සෙල්ලම් බඩුය සිතාය. ගුණපාල පෝස්ටර සමග ඇති ගණුදෙනුව ද ඒ පුංචි එවුන් මෙන්ය.
කීර්ති වැලිසරයන්ගේ මෙම කෙටි කතා සංග‍්‍රහයට 1995 විශිෂ්ටතම කෙටි කතා සංග‍්‍රහයට පිදුණු උපාලි පුවත් පත් සාහිත්‍ය සම්මානය ලද්දේය.

ගුණපාල මෙසය යටින් පෝස්ටරය එළියට ඇද ඒ ඉදිරියේ ඇන තබා ගත්තේය. අනතුරුව ඔහු සිය බිරිඳ ළගට කැඳවා ගත්තේ, පෝස්ටරයේ ලියා ඇති සියල්ල ඇය ලවා කියවා තේරුම් කර ගත්තේය.
'මව් බිම...'
'මව් බිම...?'
'ඇයි...? මව් බිම කියන්නෙ රටට නේ...'
'ඔව්...රටට තමා...රටට ඉතිං...'
'....................................ඉතිං...'
'ඉතිං මෙකෙ කියන්නේ........'
'...................................'
'...................................'
'මෙ පොඩි අකුරු........?'
'.............................'
'.............................'
'.............................'
ගුණපාල ඒ සතිය අවසානයේ තවත් පෝස්ටරයක් පෙර පරිද්දෙන්ම ගලවා ගෙන ආවෙය. රාත‍්‍රියේ බිරිඳ හා එකතුව හැකි තරමින් අකුරු අමුණමින් ඒවා තේරුම් කර ගැනීම ඔහුට මහත් ආස්වාදයක් විය.
අකුරු කියවන්න කවදාවත් නොදැන සිටි එනමුත් තමා වටා සිදුවන මහ විශාල පෙරලි වටහා ගන්නට අසීමිත කුහුලකින් ජීවත් වුන ගුණපාලගේ ඉරණම විසඳුනේ විමුක්තිකාමීන් අතින් ද නැත්නම් රජයේ බල සේනා අතින් දැයි සොයා දැනගන්න 'දේරාහියෙකුගේ අභ්‍යන්තර කතාව' නැවත නැවත කියවන්නට මගේ සිත මට බල කරයි.
ප‍්‍රවීන විචාරක පුවත්පත් කලාවෙදී සේපාල් අමරසිංහයන් විසින් කීර්ති වැලිසරයන්ගේ 'දෝනාවක් ඔස්සේ' නම් වූ කෙටි කතා සංග‍්‍රහය ගැන දිනමිණ පුවත් පතේ පළ කළ විචාර ලිපිය මෙතනින් කියවන්න..
0 කුළිය:
Post a Comment