Posts

Showing posts from July, 2011

පමාදෝ මච්චුනෝ පදං!

Image
ඩුබායිවල මුහුද ගොඩ කර ලස්සන දූපත් මතුකර ඇත දිලිසෙන මේ අරුම කෘත්‍රිම දූපත් මිළ දී ගන්නට යුරෝපීයෝ ද පොර කත්! සමහර දූපතක් ලෝක සිතියමක රටක හැඩය ගත් අත්කර ගැනුමට රටක් නමටවත් සමහරු සිය ධනය යොදවත් "තෙල් රටවල තෙල් ඇති-මොළ නැති" කලකට පෙර කවුරුත් කීවේ... දැන් දැන් ප්‍රඥාවෙන් අණූන ලෝක වැසියෝ ද ඩුබායි වෙත ඇදී එති සල්ලි මළු හිස්කර-නැවත ගෙදර යති පොටෝ ඇල්බම කිහිලි ගන්නති  අනෙකාගේ ධනය තමන්ගේ සාක්කුවට දමා ගන්නට කැස කවන ක්‍රම සහ විධි පිරි රටක; අත්කර ගත නොහැකි එනමුත් අතපත ගා විඳිය හැකි සියළු ඉඳුරන් පිනවන උපකරණ-සූක්ෂමතා-මේලා රජකරවන රටක; පරමාදර්ශය සුසමාදර්ශය ඩුබායි! විනෝද වන්නට "සෆාරි" යන්නෙත් වැලි කතරට-අඳෝමැයි! නැත නෙත සනසන දසුනක් මනස්කාන්ත දිය ඇල්ලක් පඳුරක්-කූටයක් බදා ගත හැකි රුක් බඳක් අතට අහු වන අතීතයක් කටුගෙට ලෑ සෞභාග්‍යයක්..! ලෝක උරුමයක් ඇතුළට ජුරාසික් උද්‍යානයට යන්නා සේ සංචාරක "සෆාරි" යත හැකි වෙතොත් කදිම ධන උල්පතකි සැබෑව! එබන්දක් තිබුණි නම් එරට නොවේ මෙතරම් මහන්සියක් මහ මුහුදු ගොඩ කරන්නට... අහස උස කුළුණු තනන්නට... විකුණන්නට හැකි දෙයක් හිතට ගතට හුවමාරු වන කලට අරුම පුදු...

ලේඛනයේ ක්ෂණික මෝචනයට පිළියම්!

Image

උපස්ථිතිවාදය සහ නව යථාර්ථවාදය-ජුලි 24

Image

මනස ක්වොන්ටම් සීනො ආචරණයේ ප්‍රතිඵලයක් ද?

Image
4.2 Stapp: Quantum State Reductions and Conscious Acts 4.2 ස්ටාප් ආකෘතිය-ක්වොන්ටම් ඌණිත තත්වයන් සහ සිහියේ ක්‍රියාකාරකම ක්වොන්ටම් සිද්ධාන්තය භාවිතයේ ඇති තීරණාත්මක සංසිද්ධියක් වනූයේ කිසියම් භෞතික රාශියක් මැන ගැනීම පිළිබඳව ඇති විවාදාත්මක ස්වභාවයයි. එම ගැටළුව දශක හතක පමණ කාලයක් තුළ ක්වොන්ටම් සන්දර්භය තුළ සාකච්ඡා වී ඇත. වොන් නියුමාන් 1955 සිය ක්වොන්ටම් යාන්ත්‍රිකයේ ගණිතමය පදනම ගැන ලියූ තිසීසය තුළ මෙසේ සඳහන් කළේය. එනම් ක්වොන්ටම් මිනුම වූකලී අසන්තතික -හේතුඵල සම්බන්ධතාවයෙන් විනිර්මුක්ත වූ-තත්සම සහ අප්‍රතිවර්ත්‍ය ගතිගුණයෙන් යුක්ත වූ ක්‍රියාවක් ලෙසින් කිසියම් ක්වොන්ටම් තත්වයක පරිවර්තනමය අගයක් ලෙස එහි අයිගන් තත්වයේ අගය මිනිය හැකි නිරීක්ෂකයක සම්භාවිතා අගයක් ලෙසිනි. (එනම් ෂ්‍රෝඩිංගර් සමීකරණයේ කිසියම් විචල්‍යයක් කිසියම් ක්වොන්ටම් ගතිගුණයක එනම් ගම්‍යතාවය වැනි දෙයක මිනුමක් ගත හැකි රාශියක අයිගන් අගයක් ලෙස පරිවර්තනය කොට එම අගයේ වර්ගයෙන් එම සිදුවීමේ මිනුමේ අගය පැවතිය හැකි සම්භාවිතා අගයක් ලෙස ගණනය කළ හැකිය යන පරිවර්තනමය එකඟතාවය යි) මෙම පරිවර්තනීය තත්වය සමහර විට මිනුම්කරණයේ දී තරංග සමීකරණයේ බි...

කණේ මයිල් මොඩලයෙන් ඇහේ මයිල් මොඩලයට...

Image

අධිසත්තාවාදය-ජුලි 10 ඉරිදා

Image

කවියක් සහ එගැන ගෙතුමක්-[කවියක පුරා විද්‍යාව..] හෂිත අබේවර්ධනගෙන්

පීතෘ භුමිය හිරු රැසින් නැහැවුන මිටියාවත කඳු මුදුන් සිට ගලා හැලෙන දියඇලි ගීත ගයමින් ගලා යන ගංගා සියොතුන් පියාඹන නිල් අහස වීය අප සැමගේම පොදු වස්තුවක් කිසිවෙකුට අයත් නොවූ භුමිය වීය සැමදෙනාටම රක්ෂා ස්ථානයක් සැමදෙනා සමගිව සිටියෙමු භුමියේ වැඩෙන ගස් වැල් ලෙස කාලයක් මෙලෙස ගිය විට ඇතැමෙකු භුක්තියට ගත්හ භුමියේ සරු ඉඩම් බෙදා වෙන්කර ගනිමින් මගෙයි මගෙයි කියමින් භූමියට කුරිරු ලෙස වධ දී උපයාගත් රන්මසු වලින් මිලට ගත්තෝය වහලුන් කඹුරන්නට උන්ගේ ජීවිත යමින් බැඳ බෙදා වෙන්කරගත් භුමියේ පහල විය නීති රීති ගරු කල යුතුයි දේපලට අසල්වැසියාගේ නීතිය කැඩුවන් කුදලාගෙන ගියහ නිරී සතුන් සේ සින්දෝය ඇතැමෙකුගේ අතපය තියුනු අසිපත් වලින් අහසින් කඩා වැටුනෝය පැලැන්තියක් පූජකයන් කියාගත් පෙන්නා දෙව්ලොව අපට සින්දෝය උන් අපගේ සාක්කු කූඩැල්ලන් මෙන් ගිජුව සාරය උරාගත් භුමිය දෙවියන් විසින් අපටම තිලින කල භූමියක් බව ඇතැමෙකු කීහ සමහරෙකු එය පීතෘ භුමිය ලෙස නම් කලෝය දිවි පුදා එය ආරක්ෂා කල යුතු බව මුර ගෑහ භුක්තිය ඇත්තේ අපට මිස අන් අයට නොවන බව තරයේ අවධාරණය කළහ පීතෘ භුමිය ආරක්ෂා කරනු ඔවුන් අපට විධ...

විඥානයේ ක්වොන්ටම් ආකෘති

Image
මෙම ලිපි පෙළේ පළමු ලිපිය: විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්.. දෙවන ලිපිය: පෙන්රෝස්ගේ නියුරෝ-භෞතවාදීමය විඥානයේ ආකෘතිය 4.1 Ways to Use Quantum Theory 4.1 ක්වොන්ටම් සිද්ධාන්තය භාවිතාවේ විධි මෙතැන් සිට විඥානයේ ස්වභාවය පිළිබඳව ක්වොන්ටම් සිද්ධාන්තයේ යෙදුම් ආශ්‍රයෙන් අසම්පූර්ණව හෝ ගොඩනැගුන වඩාත් ප්‍රචලිත සංකල්ප සමහරක් ඉදිරිපත් කිරීමත් ඒවා පිළිබඳ සාකච්ඡා කිරීමත් සිදුවේ. මේ අරමුණ උදෙසා 2වන කොටසේ සාකච්ඡා කළ දාර්ශනික ආස්ථාන ද්වයක් A/B මෙන්ම 3වන කොටසේ දී සාකච්ඡා කළ ස්නායු-භෞතවේදයේ ආස්ථානයන් ද මාර්ගෝපදේශක ලෙස උපයෝගි කොටගෙන විධිමත් ලෙස ක්වොන්ටම් සිද්ධාන්තයේ එළඹුම් සාකච්ඡා කෙරේ. කෙසේ වුවද සමහර ප්‍රමූලික සුදුසුකම් සළකා බලද්දී ක්වොන්ටම් සිද්ධාන්තයේ විවිධාකාර වෙනස් එළඹුම් වල ඇති ශක්‍යතාවයන් ද පිළිගැනීමට ලක් වේ. ශුද්ධ රූපකාත්මක (pure metaphorical ) ලෙස මූලික ක්වොන්ටම් සෛද්ධාන්තික සංකල්ප විඥානය පැහැදිලි කිරීම හා සම්බන්ධව භාවිතා කිරීම නොයෙක් විධිප්‍රකාරව යෙදේ. ක්වොන්ටම් සෛද්ධාන්තික පාරිභාෂික සංකල්ප වන පැටළුම (entanglement) , අධිස්ථාපනය (superposition), බිඳ වැටීම හෝ අභිපාතය (collapse), අනුපූරකතාවය ...

පෙන්රෝස්ගේ නියුරෝ-භෞතවාදීමය විඥානයේ ආකෘතිය

Image
මෙම ලිපියේ පළමු කොටස: විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්... 3. Neurophysiological Levels of Description ස්නායු (නියුරො) භෞතවේදී විග්‍රහ තල පිළිබඳ 3.1 නියුරෝනමය එකලස් කිරීම් මානසික පද්ධතියක් විවිධාකාර වූ සිහි [conscious] සහ අභිමතාර්ථමය මනෝ තත්වයන් [intentional mental states] තුළ පැවතිය හැකිය. උපකල්පිත තත්ව අවකාශයක් තුළ එබඳු සිහි පිහිටුම් පථයකට අපි සන්තතික විඥානය යැයි කියමු. මානසික තත්ව අවකාශය තුළ දර්ශීය ලෙස විවිධ ස්ථායීතා ගුණ සහිත උපකුලක පැවතිය හැකි නිසා කිසියම් මනෝ තත්වයක් එම මනෝ අවකාශය තුළ තම පිහිටුම අනුව වැඩි හෝ අඩු ආකාර වූ ස්ථායිතාවයක් අත්කර ගන්නේ යැයි උපකල්පනය කළ හැකිය. අස්ථායි තත්ව හෝ පාර අස්ථායි තත්ව යන අවස්ථාවල කාල ප්‍රමාණයට සාපේක්ෂව ස්ථිර තත්වයන් පැවැත්මේ හෙවත් නේවාසික කාලයෙන් වැඩි වීමෙන් එය වෙන් කර හඳුනා ගත හැකිය. කිසියම් මානසික තත්වයක් කැළඹීම්වලට සාපේක්ෂව ස්ථායිතාවයක් දක්වන්නේ නම් එය සිහියෙන් ප්‍රත්‍යක්ෂ කරනු ලබන මානසික ආදර්ශනයක කේතීකරණය සක්‍රිය කරන්නේ යැයි පැවසිය හැකිය. මෙම ශුද්ධ වශයෙන්ම මනෝවිද්‍යාත්මක හෝ ප්‍රජානනාත්මක හෝ ඥානනය පිළිබඳ ස්ථාවරයේ සිට එහි ප්‍රතිපක්ෂය වන්නා වූ...

ලෙඩා මළත් බඩ සුද්දයි!

Image

විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්...

Image
විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්... ද්‍රව්‍යමය මොළය හා මොනයම් හෝ ආකාරයකින් විඥානය හෝ මානසික ක්‍රියාකාරිත්වය සබැඳී ඇති බැව් අතිශය ප්‍රචලිත පිළිගැනීමකි. ක්වොන්ටම් සිද්ධාන්තය ද්‍රව්‍ය පිළිබඳව දැනට සොයා ගෙන ඇති ප්‍රමූලිකම සිද්ධාන්තයක් බැවින් විඥානය පිළිබඳව කිසියම් පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට එයට හැකියාවක් ඇත්දැයි කිසිවෙකු ප්‍රශ්න කිරීම යුක්තිසහගතය. මේ ප්‍රශ්නයට විවිධාකාර එළඹුම් ඔස්සේ ලබා දී ඇති පිළිතුරු කීපයක් පසුගිය දශක දෙකක පමණ කාලයක සංවර්ධනය වෙමින් පැවති හෙයින් ඉන් කීපයක් සසඳා බැලීමටය මේ විමර්ෂණය. මෙහිදී අවධාරණය කළ යුතු කාරණාවක් වන්නේ මේ විවිධ ක්වොන්ටම් සිද්ධාන්ත ආශ්‍රිත විග්‍රහයන් එකිනෙක වෙනස් ඥානවිභාගාත්මක උපකල්පන ඔස්සේ ස්නායු-භෞතවේදීය මට්ටම් වලින් විස්තර සාධනය කොට ඇති බවයි. එම විවිධ එළඹුම්වල විග්‍රහයන් ඔස්සේ ඒවායේ පවතින ගැටළු මෙන්ම සාධනීය අංග ද මේ ලිපියේ දී මතුකර දක්වන්නට උත්සාහ කෙරේ. 1-හැඳින්වීම ද්‍රව්‍ය සහ විඥානය එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳ ගැටළුවට විවිධාකාර මුහුණුවර ඇති හෙයින් ඒ කරා එළඹෙන්නට ද විවිධාකාර ඇරඹුම් ලක්ෂ්‍ය ඇත්තේය. ඇත්ත වශයෙන්ම ඓතිහාසිකව මෙම ග...