Posts

Showing posts from June, 2009

සිතක සරදම -කේ පී අචලා උත්පලා -පිලියන්දල -කවියේ රූපකාර්තවත් භාෂා භාවිතය

සිතක සරදම නිපාතව ඇද හැළෙන සුනිල මිණිකැට මහ පොළොව මත ගලා යන අපූරුව. වැහි දියෙන් තෙත බරිතව ගතෙහි ඩා මුසුව ඇළලුණු හැරමිටියේ වාරුවෙන් දිවිගෙවන මිනිස් කය නෙත් හෙළයි හිස් අහසට... සිගිති ඇතැඟිලි පටලවාගෙන ළා බිංදු පොද වැස්ස රතදරින් සිඹ සිඹ ප්‍රේමයෙන් වෙළී යන අපූරැව ඔහු සමග ඈ... දිරා යන කශේරැව සිරස් කොට නෙත් යොමා හෙමි හෙමීට කසට වුණු දත් පෙළෙන් සිනහලයි මහලුකම ප්‍රේමයෙන් ඔද වැඩුණු තරැණ සමයට... කේ පී අචලා උත්පලා -පිලියන්දල රිවිර 28-06-2009 මෙ කවිය මට හමුවුනේ රිවිරෙ අරුණැල්ල කවි පිටුවෙන්. මෙ කවියේ රූපකාර්තවත් භාෂා භාවිතය පිළිබද ඉස්මතු කිරීමක් කළ යුතුයැයි හැගුණෙනි මෙ සටහන. නිපාතව ඇද හැලෙන සුනිල මිණි කැට ලෙස වරුසාව රූපකාර්ථවත් කිරීම කොතරම් අපූර්වත්වයක් ජනනය කරන්නේ ද ? මා දන්නා පරිදි මහ සන්නිපාත වරුසා ගැන කොතරම් යෙදුම් ව්‍යවහාරයේ තිබුන ද නිපාතව ඇද හැලෙන වරුසාවක් ගැන කිසිවෙකුත් සදහනක් කර ඇත්දැයි මසිත කුකුස් දේ. මෙ යෙදුමෙ සාරාර්ථය වැටහෙන්නේ කවියේ අවසානයේදී මනස ඔසොවා තබන්නා වූ චිත්ත රූපයන් සමෝධානවය. සිය තරුණසමය ඉක්මවා ගිය වැඩිහිටියකු වැස්සේ තෙමෙමින් එනමුදු පේ‍්‍රමයෙන් ඔකදව යන තරුණ මදයෙන් ඔත් යුවලක් කෙර...

කවුළුවක්...-සුසන්ත ජානක-ප්‍රේමයේ වාස්තවික සබැඳියාව ගැන වචනයක්

කව්ළුවක්... පොලොවට ගොඩක් දුර කව්ළුවක් ලග හිද අප එදා නැරඹුවා ඇතුලත සිටම පිටත දුටු මතින් ඔබ දෙනෙත බදා ගත්තා වැලද පල මලින් සැරසි උදාරමි තුරු සිරස මම දුටිමි ඒ හා සමව නිපදනු පිනිස මල් පල මහ පොලව මත වැතිර දහදුක් විදින මුල් පෙල ගස පිලිබද මතක කව්ළුවක් වී මහද කියා දුන්නා මටම ඔබ මලක් උනත් මම මුලක් බව එතැන් සිට ඇරඹුනා මියයන්න මුල, මල යාකරන කඳ සුසන්ත ජානක මට මෙ කව මුලින්ම හදා දුන් රූපාවලිය වූයේ ගුවන් යානයක ගමනක යෙදෙමින් සිටින තරුණයකු එබඳුම ගමනක යෙදෙමින් සිටිනා තම නෙත සිත ගත් තරුණියක කෙරෙහි උපන් ආකර්ෂණය පිලිබඳ කරන්නා වූ පසු කියවීමක් ලෙසය. ප‍්‍රථමයෙන් කියැවෙන පේලි කිහිපය මට ඇගවූයේ එබඳු සිතුවමකි. දෙවනි වර කියවද්දී මට දැනුනේ සිය මනෝකායේ සැරිසැරීමක අත්දැකීමක් සනිටුහන් වීමක් ලෙසය. කෙසේ වුවද කාව්‍යයක සරල බවින් මිදී පේ‍්‍රමය පිළිබඳ සංකූල සංකල්පනා හරඹයක් ලෙස ද මම මෙ නිර්මාණය දකිමි. පිටත දුටු මතින් ඔබ දෙනෙත බදා ගත්තා වැලද පල මලින් සැරසි උදාරමි තුරු සිරස මම දුටිමි ඒ හා සමව නිපදනු පිනිස මල් පල මහ පොලව මත වැතිර දහදුක් විදින මුල් පෙලගස පිලිබද මතක මෙම වචනාවලිය ඇගවුම් කරන්නේ තම සිතැඟි රෑබරිය මලක් මෙන් වැලඳ ගත් හෙ...

අරුන්දතී රෝයි ගේ සුළු දෙය ඇසුරු කළ දෙවියා-සංවාදය/කියැවීම-නුගේගොඩ සරසවිය

Sankha Ranadheera Vithana Reported on 19/06/2009 කට්ටියක් නුගේගොඩ සරසවි එකේ දෙවෙනි තට්ටුවේ අයිනකට වෙලා බිම ඉදගෙන පොතක් ගැන කතා කරන්න සෙට් වුනා. පොතේ නම සන්තියාගෝ නම් සැරිසරන්නා, පාව්ලෝ කොයියෝගේ The Alchemist නම් මේ පොත පරිවර්තනය කරලා තියෙන්නේ චූලානන්ද සමරනායක. ඔහු තමන්ගේ අදහස් බෙදාගන්න එතනට එකතු වුනා. සතිදෙකකට වතාවක් බ‍්‍රහස්පතින්දා හවස 5.45ට සරසවියට ඇවිත් පොතක් ගැන කතාකරන්න එකතුවෙන්න ඔබටත් ආරාධනා. ඊළග පොත අරුන්දතී රෝයි ගේ සුළු දෙය ඇසුරු කළ දෙවියා. තැන එතැනමයි......24 බදාදා සවස 5.45ට නුගේගොඩ සරසවිය. අවසාන වශයෙන් අපිත් විශ්වාස කරන චූලාඅයියා කිව්ව කතාවක් මේ.... ”අකුරුවලට මිනිස්සු වෙනස් කරන්න පුළුවන් ශක්තියක් ‍තියෙනවා කියලා මම තාම විශ්වාස කරනවා” (එදා වැඩසටහන පටිගත කරන්න නොහැකි වීම ගැන කණගාටුයි. ඒත් ඊළ`ගට ඒවා අනිවාර්යෙන්ම පටිගත කරනවා විශේෂයෙන් අපේ විදෙස්ගත සහොදර සහෝදරියන් වෙනුවෙන්.) Sankha Ranadheera Vithana

නූතන වග්ගය

ඇස දුටු වරෙක මද මත ඇති ගිජිඳු කුලේ වැස මහ ධරණි තල වසුරා සිරුරු සැලේ රැස බස දෙකද නොසවිව දොළ රාහු ගිලේ දෙස දෙස බලව අඳුරුය ඔත් කළල් විලේ මිනිසාගේ සාමුහික ජීවිතයට ඇවැසි දැනුමින් ඔවුන් වෙන් වී විනාෂයට පත් වී ඇත්තේ කෙසේ ද යත් පෙර කළ මදැති ඇතුන් මෙන් සවි ශක්තියෙන් වැජඹුනු දැනුමේ කුලීනයෝ වසුරින් අපිරිසිදුව සිය දෙස- රැස- බස යන ති‍්‍රත්ව ශුද්ධාත්මිකයෝ කිළුටෙන් ඔප කර බැබැලෙන්නාහු යැයි ද සපථව මඩ වගුරුහි සැතැපී ස්නානයෙන් පවිත‍්‍ර වන්නාහු යැයි ද සැනැසී චිත්තප‍්‍රමෝද්‍යාදියෙන් සන්තෘප්තව විනාෂයට යන්නාහුය. විපරිත පක්ෂ භේද හේතුවෙන් මෙ සියල්ල මනෝකෘත වී ඇත්තේ, සියල්ලෝ එහි නොරසම වළඳන්නාහු බව හසරක් නැත්තෝ මෙන්, අන්ධව වසන්නා මෙනි. නූතන වග්ගය

විද්‍යාවෙ තර්කය සහ අවිද්‍යාවෙ විතර්කය අතර මංමුලාවක සාහිත්‍යය අතගෑම

Image
ඉතින් දඩුවම විඳල ඉවර නිසා මම තීරණය කළා දඩුවමට අදාළ වරද කරන්න ඔනෑ කියල. චූල ගායිකාව- සමර විජෙසිංහ විද්‍යාවෙ තර්කය සහ අවිද්‍යාවෙ විතර්කය අතර මංමුලාවක සාහිත්‍යය අතගෑම චූල ගායිකාව කතා මංජුසාවකි. එනමින් යුත් කෙටි කතාවද මදක් විවරණය කිරීමෙන් සමර විජෙසිංහගේ කෙටි කතා කලාව වත්මන් ලාංකීය කෙටි කතාව තුල ස්ථානගත කරන්නේ කොතනදැයි විමසීම මෙ ලිපියේ අරමුණයි. එබඳු ස්ථානගත කිරීමක් එය කරනු ලබන්නාගේ සාහිත්‍ය නිර්මාණ අවලෝකන ක්ෂේත‍්‍රයට සාපේක්ෂ කියවීමක් ලෙස අනෙකාට කියවන්නට ලැබෙන බව පැහැදිලිය. එහෙයින් මෙම අදහස් අරභයා විවිධ දෙවැනි පෙළ කියවීම් ඇති වීම ස්වාභාවිකය. කෙසේ වුවද මෙබඳු ඇගයීමක් කිරීම සමර විජේසිංහ කියවන්නන්ට කරනු ලබන රුකුල් දීමක් වනු නොඅනුමානය. මෙම කෙටි කතාවට- චූල ගායිකාවට - අදාල පසුබිම් විස්තර සැකෙවින් සමාලෝචනය කළහොත්, සමරෙ විසින් 2002 වසරෙ රචිත, වඩාත් නිවැරදිව නම් 2002 වසරෙ නොවැම්බර් මස තිස්වන ශනිදා ලියැවුනු මෙ කෙටි කතාව, ප‍්‍රසිද්ධ ඉරිදා පුවත් පතකින් එළි දැක්වූවකි. සමරගේ කෙටි කතාවල වෙනත් අනෙක් කෙටි කතාකරැවකු එතරම් උනන්දු නොවන නිර්මාණෝත්පත්ති කාලවකවානු දැක්වීමක් ද සටහන් වන බැවින් තවත් අමුතු විචාර ධර්මය...

කඩ කඩ හදන සෙල්ලම්

කඩ කඩ හදන සෙල්ලම් දාර්ශණිකයෝ මවෙත ඒ අක්ෂර වදන් වැකි දරා අත කඩ කඩ හදන සෙල්ලම එක එක ප‍්‍රවාද මවමින් අදහස් චින්තාවලි කඩ කඩ හදන සෙල්ලම් අක්ෂර වදන් වැකි අරුමෝසම් ලෙස අතුරා කවියක් තනන කවියෙක් කඩ කඩ හදන සෙල්ලම් හදමින් කඩමින් සෙල්ලම් වාස්තු සතර දත්තෙක් ගල් ගෙඩි ගඩොලු නෙක හැඩ එකිනෙක මතින් තබමින් කඩ කඩ හදන සෙල්ලම් නෙක නෙක දනන් නෙත සිත සනසන වාස්තු රත්න මවන සෙල්ලම් අතීතයෙ එක මොහොතක ප‍්‍රාණය ලද හඩකට ලැබි අරුතක් විනිසන්නට කාලයෙන් ඔබ්බට ඇදෙන කඩ කඩ හදන සෙල්ලම් කිසිදා නිම නොවන කඩ කඩ හදන සෙල්ලම් ඊ ඒ ඩෝසන් ප‍්‍රීති

මහාචාර්ය විමල් දිසානායක සන්ඩෙ ඔබ්සර්වර් පුවත්පත සමග කළ සාකච්ඡාව 2009-06-14: Need for establishment of standards

Image
Need for establishment of standards by Ranga CHANDRARATNE Prof. Wimal Dissanayake is one of the brilliant academics Sri Lanka has ever produced. He is the author of a vast number of books and academic papers on cultural studies, literary studies and cinema. Currently Prof. Dissanayake teaches at the Academy of Creative Media of the University of Hawaii and is also the Director of the Cultural Studies Program at the East-West Centre, Hawaii. He is considered as the foremost authority on Asia Cinema and Asian Communication Theory. A bilingual par excellence, Prof. Dissanayake had the unique privilege of serving as a Professor of Sinhala and Professor of English at the same time. His recent publications include “Sinhala Novel and Public Sphere” and “Popular Culture in a Globalised India” published in the UK by Routledge publishers. [abstract from the interview] ... Q: There is a group of Sri Lankan professionals living in Sri Lanka and other parts of the world who have begun to write and...

සමරගේ කෙටි කතා පොත්

Image
සමරගේ කෙටි කතා පොත් චූල ගායිකාව ප‍්‍රථම මුද‍්‍රණය 2003 ප‍්‍රකාශනය සංහිඳ මුද‍්‍රණ සහ ප‍්‍රකාශන දු.ක. 2802679 ගෝත‍්‍රිකාව ප‍්‍රථම මුද‍්‍රණය 2004 ප‍්‍රකාශනය කර්තෘ ප‍්‍රකාශනයකි නොසිදුවීම් කීපයක් ප‍්‍රථම මුද‍්‍රණය 2005 ප‍්‍රකාශනය සංහිඳ මුද‍්‍රණ සහ ප‍්‍රකාශන දු.ක. 2802679 - 4924697

පේ‍්‍රමණිය හැන්දෑවක් නොවේ - [රවිනාථ] - කවියේ ද්වන්ධාත්මය

පේ‍්‍රමණිය හැන්දෑවක් නොවේ ඉටිපහන් මන්දාලෝකයේ ගිනියම් මද්දහනෙන් සීත පිඹින ගිිනි හුයක් යටට පිටස්තරයෙකුගේ ඇස නොගැටී පලා ආ අපූරුව නින්නාද දී සරාගී සර හඬ හඬා පවුරු මත ප‍්‍රකම්පිතව මහා සන්ධ්වනිය අරඹා සිතින් තොර කය සන්තර්පණය කල අපූරුව රාගී පරමාශ්වාදයට පසු එළඹෙන පශ්චාත්තායට ඉඩ දී නිද්‍රාවට වැටී හුන් සිත ඇහැරී අවුල්ව ගිය සයනය දෙස බලා හිඳ ”මුදුව අමතක නොකර පැළඳගන්න” යි මතක් කර දුන් අපූරුව රවිනාථ රවිනාථ විසින් විරචිත ඉහත කවිය ගැන මගේ අදහස් දැක්වීමකි මේ. ම‍ට මෙ නිර්මාණය ප‍්‍රථමයෙන්ම කියවන් යද්දී ඇගවුම් කළේ හංස විලක් සිනමා පටයේ තේමාවයි. එම සිනමා පටයේ තැනින් තැනින් මතු වී මා මනසේ සිත්තම් වූ සිතුවම් කොලාජ් ක‍්‍රමයකට පිරිද්දී මට දැනුනේ මෙ කවිය එහි කිදී ගිය ලෙසකි. හංස විලක් සිනමා පටයේ මුඛ්‍ය තේමාව එම සිනමාපට‍ය බිහිවන නොහොත් ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ ඒ කාලවකවානුවේ නාගරික පවුල නමැති ඒකකය සමාජ පෙරලිය සමග මුහුණ දෙන අධ්‍යාත්මික බිද වැටීමේ එක්තරා මනෝමූලික කියවීමකි. හංස විලක් සිනමා පටය ගැන මා මෑත යුගයේ හරවත් විචාරයක් කියවා ඇත්තේ ලන්ඩන් සගරාවෙනි. එයද මෙහි සදහන් කළ මනාය. එය අන්තර්ජාලයේ ති‍්‍රමාන අඩවියේ ත...

කියුබානු විප්ලවයේ පණස් වස වෙනුවෙන් සංගීත උළෙලක්

Image
කියුබානු විප්ලවයේ පණස් වස වෙනුවෙන් සංගීත උළෙලක් දිනය- ජූනි 13 වෙලාව- හවස 4.30 තැන- රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය නිමිත්ත- කියුබානු විප්ලවයේ පණස් වන සැමරුම සහ ජූනි 14 දාට යෙදෙන චේ ග්වරාගේ 81 වෙනි ජන්ම දින සැමරුම. දායකත්වය- පේරාදෙණිය සංගීත කණ්ඩායම සහ මහනුවර වික්ටර් හාරා සංගීත කණ්ඩායම, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ බැලේ පාසලේ සිසුවියෝ ඇතුළු විවිධ සංගීත සහ නර්තන කණ්ඩායම්. බූන්දි කවි සහ කෙටි කතා තරගය

සමරගෙන් සේදී ගිය පාට සමග එක කවිය සිය වරක්

Image
සමරගෙන් සේදී ගිය පාට සමග එක කවිය සිය වරක් සමර විජේසිංහගේ සේදී ගිය පාට කෙටි කතා එකතුව සමග එක කවිය සිය වරක් කවි එකතුව ජනගත කිරීමේ උළෙල ඉකුත් මැයි 29 දින සෞන්දර්ය විශ්ව විද්‍යාලයීය පරිශ‍්‍රයේදී පැවැත්විණ. එම උළලේ මුලසුන ආරියවංශ රණවීර විසින් හොබවන ලද අතර, සමන්ත හේරත් විසින් සමරගේ කවි පිළිබඳව ද පියල් කාරියවසම් විසින් සමරගේ කෙටි කතා පිළිබඳව ද දේශන පවත්වන ලදී. මේ කෘති දෙක විශද ප‍්‍රකාශන ලෙස එළි දැක්විණ. මෙය සමරගේ සිව්වන කෙටි කතා සංග‍්‍රහය (චූල ගායිකාව, ගෝත‍්‍රිකාව සහ නොසිදුවීම් කිහිපයක්) වන අතර කවි පොතක් එළි දැක්වූ මුල්ම අවස්ථාවයි. gallery කෙටිකතාකරණය රේඛීය කඩදාසි කලාවකින් බහුමාන වචන කලාවක් ලෙසට පරිවර්තනය කරන්නට සමර දරන උත්සාහය සිංහල කෙටිකතා කලාව තුල කෙටිකතා විද්‍යාව්ක්‍ රෝපණය කරන්නට ඇවැසි සරැපස සහිත රෝපණ මාධ්‍යයක් නිර්මාණයට පුරෝගාමී වන්නේ යැයි මට සිතේ. බූන්දි කවි සහ කෙටි කතා තරගය

BOONDI-කවි සහ කෙටිකතා නිර්මාණ තරගය -අක්ෂර සෙනග දෙවන සැසිවාරය-

Image
කවි සහ කෙටිකතා නිර්මාණ තරගය http://www.boondi.lk/ වෙබ් අඩවිය මගින් එහි වර්ෂපූර්ණය වෙනුවෙන්, එළඹෙන සැප්තැම්බරයේ දී සංවිධානය කරනු ලබන අක්ෂර සෙනග දෙවන සැසිවාරයට සමාන්තරව, කවි සහ කෙටිකතා නිර්මාණ තරගයක් පැවැත්වෙයි. මෙමගින් සාහිත්‍යය පිළිබඳව යම් උත්තේජනයක් ඇති කිරීමට අපේක්ෂිත ය. පැහැදිලිව පෙනී යන එම අරමුණට අමතරව, මෙය සැබෑ පරාර්ථකාමී අරමුණු වෙනුවෙන් ලේඛනයේ යෙදෙන මිනිසුන් මේ පොළොව මත තව දුරටත් ඉතිරිව සිටින්නේ ද යන්න පිළිබඳ ඇසිඞ් පරීක්ෂාවක් ද වෙයි. එක් අශ්වයෙකු වින් කරන රේස් පවත්වන වෙළෙන්ඳන් හීනයකින්වත් නොපතන අන්දමේ ත්‍යාග පිරිනැමීමේ රටාවක් මෙහි ලා අප විසින් සැලසුම් කරනු ලැබ තිබේ. තරගය පාසැල් සහ විවෘත යන අංශ දෙකෙන් පැවැත්වෙයි. පාසැල් අංශය - ලංකාව තුළ රජයේ පාසැල්වල උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබන සිසුනට පමණක් මේ සඳහා ඉදිරිපත් විය හැක. විවෘත අංශය - වයස් සීමාවක් නැත. ලංකාව තුළ හෝ ඉන් පිටත වාසය කරන ඕනෑම ලාංකිකයෙකුට මේ සඳහා ඉදිරිපත් විය හැක. කොන්දේසි- 1. තරගය කවි සහ කෙටිකතා ලෙස අංශ දෙකකින් යුතු වන අතර එක් අයදුම්කරුවෙකුට මේ අංශ දෙකම සඳහා හෝ එකක් සඳහා ඉදිරිපත් විය හැක. 2. නිර්මාණ භාර ගන්නා අවසාන දිනය - 2...

මදිරා මඩ ගොඩ

මදිරා මඩ ගොඩ වියලි කර්කෂ පොලොව මත ඇද හැලෙන තෙත බරිත පොල් ගෙඩි වැහි බිඳු මෙන් අහසින් ඒකාකාරව ---------ලම්බකව -----පොලොව මත --------අභිලම්බව ----------------පතිත වන ----------------මොර සූරන වැහි මෙන් ----------------ඇද හැලෙන --------------------------සුරා විත වැස්ස ----------මගේ බඩ බොකු පතුල මතු පිට -----හයිඩො‍්‍රක්ලෝරික් අම්ල සමග මුසුව -------------නිවා දාහය දිවි කම්කටොළු ------------------------විරහ තරහ මරහ ---------- අඳුර විනිවිද නොඅඳුරන ලෙස --------------ජීවිතේ ගං පතුල වෙත යන -----------උල්පත් සොයා මුසුවැ දග වන ------------මෙ මදිරා ------------බොකුදිරං පානය කරමින් කවර ගී පොතක් දැයි අනෙක් මී විතක් දැයි විපිලිසරව සොයා යමි බඩ බොකු කැවුතු අතගා බලමි ඇගේ ඒ නිලුපුල් නෙත් මිණි සොයා බොහෝ කලකට පෙර සිටම -----------සිත පතුල ගරා මතු කළ ඒ මිණි කැටය වෙත බහිරව පූජාව අතපසුව දෑතින්- දෑසින් ගිලිහී ගිය ඒ මිණි කැටය බොකුදිරං සෝමපානය... පානය කරමින් කවර ගී පොතක් දැයි අනෙක් මී විතක් දැයි විපිලිසරව සොයා යමි යලි යලිත් වැල් කූඩය කරකවමින් බඩ බොකු පතුල මදිරා මඩ ගොඩ කලතමින් සොයමි ගිලිහී ගිය ඒ මිණි කැටය ඩෝසන් ප‍්‍ර...

දිගු රැයක පෙම්වතකු දුටු සිහිනය

දිගු රැයක පෙම්වතකු දුටු සිහිනය ලැසි දිසි; නුහුසු රැසි සිප වැළැඳ අහස් පති නුහුසුන් ද පෙමින් වෙළෙති සිසි වැසී අඳුර රජයති නැති; අවට කිසි කිසිවකු නැති සකි සිප සිප සැනසෙති අඳුරට අඳුර වෙනෙස නැති ඩෝසන් ප‍්‍රීති 200906

සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!

සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ! http://reader.sahithya.lk/ සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලිය මෙසේ ඇරඹෙන වගයි! 2009 ජුනි මස පළමුවන දා සිට අගෝස්තු මස 30වෙනි දින දක්වා පැවැත්වෙන අතර සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත “අසෙනිය කුසුම” සිංහල භාෂා හා කලා උළෙල අතරතුරදී සම්මාන හා ත්‍යාග ප්‍රදානයට නියමිතයි. සිංහල භාෂාව, සිංහල යුනිකේතය හා අන්තර්ජාල ජනමාධ්‍යකරණය ප්‍රවර්ධනයට ඉදිරි පියවරක් වශයෙන් මෙම සිංහල බ්ලොග්කරණ තරගාවලිය සැලකිය හැකියි. එසේනම්, එක්වන්න සිංහල බ්ලොග්කරණ තරගාවලිය සමඟින්!