සාධු ජනරාව ගී ප්‍රසංගය
සාධු ජනරාව ගී ප්‍රසංගය පැට්‍රික් ප්‍රනාන්දු සහෝදරයාගේ නිවස ඉදිකිරීමට ආධාර පිණිස ජයතිලක බණ්ඩාරගේ සාධු ජනරාව ගී ප්‍රසංගය අප්‍රේල් 26 වන සදුදා සවස 3.30 ට රාජගිරිය මොන්ලාර් ආයතනයේ රැස්වීම් ශාලාවේ දී පැවැත්වේ. මේ සඳහා ආධාර වශයෙන් ටිකට් පතක් ගෙන රු.500/- ක් හෝ ඊට වැඩි මුදලක් ලබා දී (රු..............) මෙම කටයුත්තට දායක වන ලෙස සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු. රංජිත් දිසානායක (කලූ රංජි) ප්‍රේමපාල හේවාබටගේ (මොන්ලාර් ආයතනයට ගමන් මාර්ගය - රාජගිරිය හන්දියේ සිට බොරැල්ල දෙසට යන විට මැතිවරණ කාර්යාලය පසු වී හෝටල් පාසල අසලින් වම් අතට ඇති 4 වන පටුමගේ මීටර් 200 ක් පමණ පැමිණි විට මොන්ලාර් ආයතනය හමු වේ.) පැට්‍රික් ප්‍රනාන්දු සහෝදරයා ඔබ අප කවුරුත් දන්නා පරිදි පාසැල් වියේදීම 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වී නිදහස ලැබීමෙන් පසු ද තම පුද්ගලික ජීවිතයේ අභිලාෂ පසෙකලා සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රගතිශීලී සමාජ දේශපාලන කටයුතුවල පූර්ණකාලීන ලෙස නිරත වන පුද්ගලයෙකි. පොදු සමාජ අරගලයක් පැන නැගුනේ කොතැනකද ඔහු අනිවාර්යයෙන්ම එහි දක්නට ලැඛෙනු ඇත. නැතහොත් තවත් විටෙක සමාජ අසාධාරණයට එරෙහිව පොදු ජන අරගලයට මුල පුරන්නට ඔහු කටයුතු කරන්නේ...