අපි තමයි නියම කාටූන් චරිත


අපි තමයි නියම කාටූන් චරිත
උඩින්ම ඉන්න මහා භූතයා
පින්සල හරවද්දි
අපි වැටෙනවා කඩදාසි උඩට
බොග වගේ
පාන්දර

කැමති තැන් ඝණ කරල
කැමති තැන් සිහින් කරල
කැමති තැන් කෙස් දමල
කැමති තැන් පාට කරල

අපි තමයි නියම කාටූන් චරිත
වැටෙන්නෙම උඩින්
පින්සල ගසද්දිම
අපි ඇඳෙනවා
කඩදාසි පතුරු උඩ
බොග වගේ
පාන්දර

අතට දුන් දෙයක් ගෙන
ගී ගයා නට නට
තොරණ් සරසන රූප රාමු සේ
අපිදු ඉමු ඒ තැන්වලට වී
අපි තමයි ‍ඒ ශ්‍රේෂ්ඨ කාටූන් චරිත
වැටෙන්නෙම උඩින්
කඩදාසි පතුරු උඩ
බොග වගේ
පාන්දර

ඕනැම පසුබිමක
අතට දුන් දෙයක් ගෙන
රඟ රඟා නර්තන තාලයට
පුවත් පතක හිස් ඉඩක් වසා ගත්
වෙළඳ දැන්වීමක් ඔබන්නට බැරි ඉඩක්
ආතුරව කළු සුදෙන්
අපිදු ඉමු ඒ තැන්වලට වී

කැමති අඟ පසඟ පිහිටුවල
කැමති තැන් මකල අනල
කැමති තැන් උඩුයටිකුරු කරල
කැමති වචන මුවට දීල

අපි තමයි නියම කාටූන් චරිත
උඩින්ම ඉන්න මහා භූතයා
පින්සල හරවද්දි
අපි වැටෙනවා කඩදාසි උඩට
බොග වගේ
පාන්දර


ඩෝසන් ප්‍රීති
04/2010

Comments

``` Outsider``` said…
ඇත්තටම අපි කාටුන් චරිත තමයි.
කාගෙ හරි පින්සලකින් ඇ‍ඳෙන.
අකැමැති වුණත් අපිට එහෙම වෙන්න වෙලා.

අපුරුයි ‍නිර්මාණය....
රවා said…
මම පුදුම වෙනවා.. සමහර අයට නොතෙරෙන වචනත් මෙතනදි පාවිච්චි කරලා වගෙ මට දැනෙනවා.. අමුතු නිර්මානයක්.. නමුත් ඇත්තටම ලැජ්ජාවක් නැතුව අපි කරන්නෙ මෙ කාටුන් වැඩ තමයි .. එ වුනත් ඩොසන් අයියා සමහර තැන් තියනවා අපි කාටුන් වෙද්දි අපෙ වටෙ ඉන්න මිනිස්සු කිපදෙනෙකුට ජිවත් වෙන්න උදව්වක් හම්බ වෙන...
LishWish said…

අපි තමයි නියම කාටූන් චරිත
උඩින්ම ඉන්න මහා භූතයා
පින්සල හරවද්දි
අපි වැටෙනවා කඩදාසි උඩට
බොග වගේ
පාන්දර


හරියටම හරි...!

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්