පැවැත්මෙ ස්වයං බුද්ධිය
පැවැත්මෙ ස්වයං බුද්ධිය කාටත් අමතකව ගිය ඒ පරාජයන්, අත්වැරදීම් සහ පාවාදීම් නැවත මතක් කරන්නා සපැමිණ ඇත උතුරු තරු කේතුවෙන් ඔහු දඩමස් බුදින තාරුකා පංතියක් පෙන්වා දස දහසක් ඇත් ගොව්වන් පාගා ලූ වියරු හස්තීන් ගේ ඇට කටු දිරා ගිය පොසිල මෙන් ශිෂ්ඨාචාරයේ පහල ස්ථරවල ටැග් ගැහී ඇති අයුර පෙන්වයි ඔහු උදාහරණ පාමින් පාඩම ඉදිරියට ඇදන් යයි කදු මස්තකයේ වැඩ සිටි සිරිපතුල මෙන්ම බුදුන්ගේ; අමතක නොවී ඉතිරි වූ නබිතුමන්ගේ පාද ලාංඡනය ද මතක් කරදෙයි; ශිව ලිංගයෙන් උපත ලද සියල්ලේ සාරය ගැන වැලි දූලි අංශුවක න්‍යශ්ටියේ ඇති සිතිවිල්ල පැවැත්මෙ ස්වයං බුද්ධිය ඔහු ප‍්‍රකාෂ කර සිටියි නෑසුකන්ව අපි උසස් පෙළ හදාරා කළුකුහර විද්‍යාලයට රිංගා යමු... විශ්වය ගිලී ගිය කළු කුහර විද්‍යාලයේ අපි සත්‍යයට සාප කරන විද්‍යාව උගනිමු ගුරැ ඇදුරැ මඩුළු අරා වැඩ සිටින සාපයේ ලෝගුධාරීනගේ දෑතින් උප අධි පලදනා රැගෙන ගෙලවට සිරකරගනිමු හිස මත කටු ඔටුනු පළඳගමු සත්‍යය යැයි ලාංඡනයක් සාදා එයට මුවා වී සියළු ලාංඡන මකා දමමු ඒ මැකීමේ යාන්ත්‍රණය හදාරමු සැසඳීමෙන් වෙන් ව වෙනස සොයමින් අනන්‍යකරණය කරමු එකඟ වන්නන් සොයා පේලි ගැසෙමු එනමුදු ඔහු එකම ලාංඡන දෙපස සේනා රැස් කරවයි අපට...