"ඕලන්ද අහස" සහ "සිහින" ගැන "වික්ෂිප්ත සංක්ෂිප්තය"
තුෂාරි ප්‍රියංගිකා සහ සුභද්‍රා ජයසුන්දර ගේ කවි දෙකක් ඒවා සමාන්තර කාල ප්‍රාන්තරයක දී ලියැවුණ හෙයින් ඒ දෙකම එකට ගෙන සටහනක් ලියන්නට සිතුවෙමි. විමුක්තිය පිළිබඳ සදාකාලික සිහිනයෙන් උජ්වලිත වන මේ නිර්මානකරුවන් අපට කියන්නේ කුමක් ද? මේ කවි දෙකම මරණය හා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති අයුරු පැහැදිලිව පෙනේ. තුෂාරි "මැරුණු පැතුමක්" ගැන කියද්දී සුභද්‍රා "මියෙන්නෝ භාග්‍යවන්තයෝයැ" යි කියන්නීය. මේ නිර්මාන දෙකම අතීතකාමයෙන් උපන් චිත්ත රූප සහ වස්තු එහා මෙහා කරමින් සිහිනමය ආකෘතියෙන් වැඩ අරගෙන ඇත. දෙකේම පොදු ලක්ෂණය වන්නේ මරණය පිළිබඳ ගෙනෙන අපූරු උත්කර්ෂය යි. කවිය මතුපිටින් නොකියැවෙන දේ කුමක්දැයි සොයා යමු. නිර්මානයකට අවිඥානිකව ඇතුලත් වූ මේ මරණයේ සංකේතීය ප්‍රකාශණය යනුම මරණ හඹා යාමේ පෙළඹුම ලෙස වෙනත් ලෙසකට කියවා ගැනුමට ඇවැසි කෙනෙකුට නිදහස ඇත. නමුත් මරණ හඹා යාම යනු ග්‍රාම්‍යාර්ථයෙන් මරණය කරා එළඹීම පිළිබඳ ෆැන්ටසික ඛණ්ඩාංක නිමවා ගැනීමක් නොවේ. ඩෙත් ඩ්‍රයිව් යනුම ජීවිතය (අන්ඩෙඩ්) අමරණීය තත්වයක පවත්වා ගැනීමට අවිඥානිකව එළඹීමයි. මෙය පැහැදිලි කරගැනීමට ෆ්‍රොයිඩියානු සංකල්පයක් වන ආංශික වස්තු (p...