Posts

Showing posts from August, 2011

"ඕලන්ද අහස" සහ "සිහින" ගැන "වික්ෂිප්ත සංක්ෂිප්තය"

Image
තුෂාරි ප්‍රියංගිකා සහ සුභද්‍රා ජයසුන්දර ගේ කවි දෙකක් ඒවා සමාන්තර කාල ප්‍රාන්තරයක දී ලියැවුණ හෙයින් ඒ දෙකම එකට ගෙන සටහනක් ලියන්නට සිතුවෙමි. විමුක්තිය පිළිබඳ සදාකාලික සිහිනයෙන් උජ්වලිත වන මේ නිර්මානකරුවන් අපට කියන්නේ කුමක් ද? මේ කවි දෙකම මරණය හා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති අයුරු පැහැදිලිව පෙනේ. තුෂාරි "මැරුණු පැතුමක්" ගැන කියද්දී සුභද්‍රා "මියෙන්නෝ භාග්‍යවන්තයෝයැ" යි කියන්නීය. මේ නිර්මාන දෙකම අතීතකාමයෙන් උපන් චිත්ත රූප සහ වස්තු එහා මෙහා කරමින් සිහිනමය ආකෘතියෙන් වැඩ අරගෙන ඇත. දෙකේම පොදු ලක්ෂණය වන්නේ මරණය පිළිබඳ ගෙනෙන අපූරු උත්කර්ෂය යි.‍ කවිය මතුපිටින් නොකියැවෙන දේ කුමක්දැයි සොයා යමු. නිර්මානයකට අවිඥානිකව ඇතුලත් වූ මේ මරණයේ සංකේතීය ප්‍රකාශණය යනුම මරණ හඹා යාමේ පෙළඹුම ලෙස වෙනත් ලෙසකට කියවා ගැනුමට ඇවැසි කෙනෙකුට නිදහස ඇත. නමුත් මරණ හඹා යාම යනු ග්‍රාම්‍යාර්ථයෙන් මරණය කරා එළඹීම පිළිබඳ ෆැන්ටසික ඛණ්ඩාංක නිමවා ගැනීමක් නොවේ. ඩෙත් ඩ්‍රයිව් යනුම ජීවිතය (අන්ඩෙඩ්) අමරණීය තත්වයක පවත්වා ගැනීමට අවිඥානිකව එළඹීමයි. මෙය පැහැදිලි කරගැනීමට ෆ්‍රොයිඩියානු සංකල්පයක් වන ආංශික වස්තු (p...

ගමන හැඩයි!!!

Image
කල්පනා ගෙ "මේ නිහඩ වෙරළට එන්න" කවි පොතත් හිනිදුම සුනිල් සෙනෙවි ගෙ " 'නූතන ම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් " කාව්‍ය විචාර කෘතියත් එළිදක්වන්නට සැප්තැම්බර් මස තුන්වෙනිදා හවස තුනට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන උළෙලට මගේ සුභ පැතුම් එකතු කරමි. එදින බූන්දියට ද තෙවර්ෂයක් පූර්ණ වේ. විස්තරය මෙතැනින්

සූරියෑවේ හන්දිය සහ සුසා

Image
සූරියෑවේ හන්දිය… ඔහෙත් එනවැයි යන්න වුල්ප් උන්නැහේ ගෙ උදවිය ආයෙමත් ඇවිදින් නඩු අහන සියඹලා ගහ යට පිට්ටැන්නකුත් හදාගෙන පන්දු කෙළියට කුරක්කන් ගානට ඉලක්කන් දාන පෝරුව යට ආරච්චිගේ නෑ කට්ටිය ඕසේට කෑ කොස්සන් ගහන අපූරුව ඒ කාලේ වාගේ නෙවෙයි කාට නං මතකක් ඇද්ද මීගහජඳුර ඕං දැං සූරියෑවේ හන්දිය සෙයිලම වාගේ ලොකුවට රෑ මද්දහන වෙනකං ලැයිට් පන්දං පත්තු කරගෙන සිළිඳුට වැහුනු යක් දෝසය ගිරිස් ඇඟ පුරා ලාගෙන පිළිකණු ගානේ යනවලු ගෑණු බය කර කර 2011-08-26 හෂිත අබේවර්ධන හෂිතගේ මේ කවිය මට මීගහජඳුර මතක් කළා. මවුආර ව්‍යාපෘතියේ ගත වුණු සොඳුරු කාලය යලිත් මතකයට නැගුණා. "මවු ආර" ඔලුවට එන හැම වේලෙම මතක් වෙන අනිත් සංකේතය තමයි "ඒ ඩී එස්"! ඒ. ඩී. එස්. ගුණවර්ධන මහත්මයා. මවුආර ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ. "ඒ ඩී එස් මහත්තයා" එහෙම නැත්නම් "වතුර මහත්තයා" දැක්කම දුරක සිටම අපි සේරම ගල්භීත වෙනවා. "ඒඩීඑස්" කියන්නේ යක්ෂයෙක් වගෙයි ඒ කාලෙ අපි හැමෝටම දැනුණේ. ඒ 1998 දී විතර... ඒඩීඑස් මහත්මයා යක්ෂයෙක් වගේ අපට පෙණුනට එතුමා තරම් දක්ෂ- නීතිගරුක- අවංක රාජ්‍ය ස...

"මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"*

Image
"මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"* උගුරෙන් පහල ඇදී යද්දි ආමාෂය වෙත මට දැනුනා මගේ බර තුන්කාලකින් අඩු වුණු බව! දෙපා තැබූ සේ සඳ මත කවුළුවෙන් එපිට අහසෙ යම්තමින් බැබළුනු... පෙණ කැටි දහසක් කාබන්ඩයොක්සයිඩ් ගොර ගොර ගා උගුරට එද්දි සඳ වත මා කුස තුළ දියව ගියා... ඔන්ලයින් ආ කිසිවෙක් සේලයින් දිගේ ආවෙ නැති දිගු අන්ධකාර රාත්‍රියේ සෙත් කවි මුමුණන්නට ආ මැලේරියා මදුරුවාට අත දිග හැර චප්ප වෙන්න පහරක් දී ගත නොහැකිව ඇඳ මත දපා සිටියෙමි සඳ ගිලගත් රාහු සේ... නිමිත්ත * මංජුල වෙඩිවර්ධන ලියූ "යළි නිදන්නෙමි" (ඉස්පිරිතාල සිතිවිලි) කවිය සහ අගෝස්තු මාසයේ මුල මැලේරියා සැදී එක දිගට සති දෙකක් පමණ මා විඳි අපහසුතාවය, ඒ කවිය කියවද්දී නැවතත් ආගන්තුක කෝණයකින් මතක් වීම, මේ වදන් පෙළ ලියැවෙන්නට හේතු විය. ප.ලි. 1996 දී පමණ මා ද පෙණහළු ආශ්‍රිත අසනීපයකින් රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දී කුඩා කොපි පොතක ප්‍රමාණයේ කවි වැනි දෑ ලියා තැබූ බව මට මතකය. ඒ සිතිවිලි ද මා නම් කර තිබු‍ණේ "ඉස්පිරිතාල සිතිවිලි" යැයි මට යම්තමින් මතකය. ඒ සටහන් පොත මගේ විශ්...

ආලෝකය මියෙන සහ උපදින තැන

Image
ඇස සෙමෙන් සෙමෙන් විවර වුණා... ඇසි පිල්ලම් චාප ලෙසින් එක පෙලකට ඉනි සිටවූ කටු කම්බි වැටක සිරියෙන් සෙමෙන් සෙමෙන් විවර වුණා.... ඇස මතුපිට සුදු ගෝලයේ නිල් පාටින් ඇඳි වීදුරු අවානෙන් දිලිසි විසිරුණු ආලෝක කැබැලි කැබැලි දියමන්තියක හැඩපළු මතුකර තාලෙට කැරකී තෙතට තෙතේ නිල් දිය පිරි නොගැඹුරු විල සියුම් කුනීතය දිස්නෙන් ආලෝකය හැරී ගොසින් ආත්මයට එබෙනු පිණිස කවුළු පියන් පත් ඇරුණා වීදුරු රේඛා මත්තෙන් තැනුණු මකුළු දැලක හැඩෙන් ඇසේ කුනීතය ට යටින් දියර කාචයේ වක් බව හෘද ස්පන්දන කම්පනයේ රා අනුරා දෙනු දුටුවා... සිහින් කෙඳිති ආලෝකය දුර ඈතක අනන්තයෙන් සමාන්තරව කිරණ දරණ් උඩුයටිකුරු වෙමින් නිතින් ඇසේ අඳුරු අගාධයේ පතුල සොයා ඇදී ගියා... ඇස සෙමෙන් සෙමෙන් වැසී ගියා... අවසන් ආලෝක දහර යන එන මං අවහිර වී මනසේ ඝණ සාරය වූ සෛල පටල පටක මැද්දේ ඝණීභූත වුණා ග්‍රැෆික උපුටා ගැනුම ට්‍රාන්ස්පෝටර් 3 සිනමා පටයෙනි.

ගොතික් නවකතාව අගෝස්තු 21 ඉරිදා

Image

සිහිනය සිහිනය සිහිනෙන් කියනුව-හෂිත අබේවර්ධන

සිහිනය සිහිනය සිහිනෙන් කියනුව මේ නම් විනෝද සුරපුරයක් බව සිහිනය සිහිනය සිහිනෙන් කියනුව මේ නම් විඳවන සුරපුරයක් බව සිහිනය සිහිනය සිහිනෙන් කියනුව මේ නම් එල්ලෙන සුරපුරයක් බව සිහිනය සිහිනය සිහිනෙන් කියනුව සිහිනය බිඳුමට ඉඩ නොලැබෙන බව හෂිත අබේවර්ධන 18/08/2011 What follows from these precise distinctions is that, for Lacan, superego "has nothing to do with moral conscience as far as its most obligatory demands are concerned" [2]: superego is, on the contrary, the anti-ethical agency, the stigmatization of our ethical betrayal. So which one of the other two is the proper ethical agency? Should we - as some American psychoanalysts proposed, relying on a couple of Freud's ambiguous formulations - set up the "good" (rational-moderate, caring) Ego-Ideal against the "bad" (irrational-excessive, cruel, anxiety-provoking) superego, trying to lead the patient to get rid of the "bad" superego and follow the "good" Ego-Ideal? Lacan opposes this...

තානාපතිවරු සහ අන්ධ බිංදුව

Image
තානාපතිවරු සහ අන්ධ බිංදුව [සරසවි බැල්ම සහ ක්වොන්ටම් බැල්ම] මාතෘකාව ගැන ඉස්සෙල්ලම යමක් කියන්න ඕන. නැත්නම් ලිපියේ අන්තර්ගතය මේ මාතෘකාවට කිසිම සේවයක් කර නොමැති බැව් කාට හෝ හිතෙන්නට පුළුවන් බැවිනි. තානාපතිවරු සහ අන්ධ බිංදුව යැයි එකට හමු වන්නට සළස්වා ඇති කිසිදු සම්බන්ධයක් මතුපිටින් නොමැති සංකල්ප දෙක එකට සම්බන්ධ කිරීමට මගේ උත්සාහය පිළිබඳ ඇඟවුමක් ලෙස මෙලෙස මාතෘකාව තෝරා ඇත. "තානාපතිවරු" නම් හෑන්ස් හෝල්බින්ගේ The Ambassadors (1533) නමින් වූ ලෝ ප්‍රකට සිතුවමයි. අන්ධ බිංදුව නම් ඇසේ දෘශ්ටිවිතානය මත පිහිටි රූප සංඥා මොළයට සම්බන්ධ කරන ස්නායු රැහැන් ඇරඹුම් ලක්ෂ්‍යය යි. එතැන ඇති සුවිශේෂත්වය නම් එම කුඩා පෙදෙසෙන් ඇසට පෙනීම නමැති සංවේදනය ඇති නොකිරීමයි. එනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එම කුඩා පෙදෙස ඇස තුළ ඇති අන්ධ පෙදෙසක් වීමයි. හෑන්ස් හෝල්බින්ගේ ලෝ ප්‍රකට තානාපතිවරු සිතුවමේ ඇති හිස් කබලේ විරූපිතය [ANAMORPHOSIS] සිතුවම දෙස සාමාන්‍ය ලෙස බැලූ විට නොපෙනී යන දෘශ්‍ය වස්තුවකි. අප සාමාන්‍ය යෙන් සිතුවමක් දෙස බලන්නේ එයට අභිලම්බකව ඇති දෘශ්‍ය රේඛාවක ඇස තබා බැව් අප ඉතා හොඳින් දන්නා කාරණයකි. එබඳු දෘශ්‍ය...

කුළ මත රැඳි අත

Image
කුළ මත රැඳි අත ලිස්සයි ආත්මයේ පතුල වෙත ඝණ අඳුරු වන පෙත සිසාරා දෙදරවමින මරු වැල් විදුලි රේඛා තලා ලුහු බැඳ ආ මා පසු පස ශ්‍රී නද දුන් මාර තෙම කන් අඩි කොකියවා ගුගුරුවයි නුබ ගැබ කාම ගින්නෙන් ඇවිලුනු මා දිය සෙවෙළ තනපට ඉරා පාෂාණ පියයුරු විවරයෙන් මුව තබා තන පුඩුව මත වැටී දෙදණින් කුළ බඳ උරමි අවසන් හිස්කම ගිජු ලෙස මරු නගන ඝෝර සිනහව ඇසෙන සඳ දෝනාවකින් සර්පිලාකාර ලෝකාන්තේ ඇරඹුම් ලක්ෂ්‍ය යෙන් වෙනස නොදැනෙයි ශිලා පියයුර බෝර ලූ දැයි මා සියුම් තොල් පෙති මතින් එසැණෙන අශ්ලීල ලෙස නිවි නිවි දිලෙන හෘද එළිය කනමැදිරි පරිභ්‍රමණ මැද්දෙන් පෙනි පෙනි රාගයේ කෙන්ද ආත්ම රැහැණින් කිටි කිටියේ ගැට පුපුරුලන හඩ මරු හඩ යටකර නැගෙන සඳ කුළ මත රැඳි අත ලිස්සයි ආත්මයේ පතුල වෙත    පින්තූරය ගත්තෙ මෙතැනින් .

දුරස්ථකරණය, අල්පෝක්තිවාදය සහ සමෝධානීකරණය- අගෝස්තු 7

Image

ඔබට ඔහු වෙනුවෙන් යමක් කළ හැකිය!

Image
චින්තක කොඩිකාර මිනිස් සංහතියට වැඩක් කරන්නට ඉපදුන මනුස්සයෙකැයි සිතිය හැකි දුර්ලභ චරිතයකැයි මට සිතේ. ඔහුට අපගේ උපකාරය ඇවැසි වී ඇත. ඒ ස්වභාවයෙන් ලද ශ්‍රව්‍ය ආබාධයෙන් සමුගන්නට ය. ඔබටත් යමක් ඔහු වෙනුවෙන් කළ හැකිදැයි සොයා බලන්නට කරුණාවෙන් ආරාධනා කරමි. ඔබට ඔහු වෙනුවෙන් යමක් කළ හැකිය! චින්තක කොඩිකාර ගැන වැඩි විස්තර කියවා ගන්නට මෙතැනට යන්න.