කුළ මත රැඳි අත

කුළ මත රැඳි අත
ලිස්සයි
ආත්මයේ පතුල වෙත

ඝණ අඳුරු වන පෙත
සිසාරා දෙදරවමින
මරු වැල් විදුලි රේඛා තලා
ලුහු බැඳ ආ මා පසු පස

ශ්‍රී නද දුන්
මාර තෙම
කන් අඩි කොකියවා
ගුගුරුවයි නුබ ගැබ

කාම ගින්නෙන් ඇවිලුනු මා
දිය සෙවෙළ තනපට ඉරා
පාෂාණ පියයුරු විවරයෙන්
මුව තබා තන පුඩුව මත
වැටී දෙදණින් කුළ බඳ
උරමි අවසන් හිස්කම ගිජු ලෙස

මරු නගන ඝෝර සිනහව
ඇසෙන සඳ දෝනාවකින්
සර්පිලාකාර ලෝකාන්තේ
ඇරඹුම් ලක්ෂ්‍ය යෙන්
වෙනස නොදැනෙයි
ශිලා පියයුර බෝර ලූ දැයි
මා සියුම් තොල් පෙති මතින්
එසැණෙන අශ්ලීල ලෙස

නිවි නිවි දිලෙන
හෘද එළිය
කනමැදිරි පරිභ්‍රමණ
මැද්දෙන් පෙනි පෙනි

රාගයේ කෙන්ද
ආත්ම රැහැණින්
කිටි කිටියේ ගැට පුපුරුලන හඩ
මරු හඩ යටකර නැගෙන සඳ

කුළ මත රැඳි අත
ලිස්සයි
ආත්මයේ පතුල වෙත

  
පින්තූරය ගත්තෙ මෙතැනින්.

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු