Posts

Showing posts from November, 2008

සිසිරයේ පිපුන මල [2000] කාව්‍ය සංග‍්‍රහය-ජගත් ජේ එදිරිසිංහ

නූගත් ඝාතකයාගෙ කවිය නීතිඥයන් දෙදෙනෙකු මැරුවෙමි ඊයේ දොස්තර කෙනෙකු අළු කෙරුවෙමි දර සෑයේ සගය බලව අර මුල්ලේ ගැහෙන්නේ ඉංජිනේරුවෙකි අත් පා කපා දැමූ කඩුවෙන් කළ යුත්ත පෑනෙන් වලකන්න වැර දැරූ උන්ට කර ඇති දේ බලපන්න මුර දේවතාවන් කුමට ද මෙ දැයට බණ පොත් ගිණි තබමි උණුසුම ලැබ ගන්න උපාධිය සමග කඩුවක් නොදෙන නිසා බොහෝ පහසු විය කරනට මගෙ සේවෙ මගෙ අසිපතට නැත කසි අභියෝගෙ උගත් කම මොටද කඩුවක් නොමැතිකොට නිමා කොට රැුයක් බොහො වෙහෙසයි සගය විවෙකයට සැතපෙමි කහවනු මත්තේ හෙටත් නැවත ඔ්නැවෙන නිසාවට මුවත් තබමි අසිපත ඇහැරුණ පසුව ජගත් ජේ එදිරිසිංහ සිසිරයේ පිපුන මල 2000 කාව්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගන්නා ලදී. සිසිරයේ පිපුන මල ජගත්ගෙ ප‍්‍රථම නිර්මාණ සංග‍්‍රහයයි. එය අදින් වසර අටකට ඔබ්බෙන් ඔහු තුල වු සමාජ දැක්මෙ ප‍්‍රකාෂිත ලක්ෂ්‍යයි. වසර දෙදාහ ලබද්දී ද ලොවම කැලඹී නව සහස‍්‍රය පිලිබඳ නොයෙක් භීතිකාවන් සිත් මවා ගෙන මාධ්‍ය කේන්ද‍්‍රීය මහා ව්‍යසනයක් වපුරමින් ඉලක්කම් මාරු වීමට පසුබිම් වූ ආර්ථික මූලෝපායන් ප‍්‍රතිසංවිධානය වූ බැංකු කොල්ලකරුවන්ගෙ සිහින බිඳ වැටුන සමයයි. අන්තර්ජාලය ලොව වඩාත්ම වෙගයෙන් ව්‍යාප්ත වූ කාල වකවානුවයි.ඊට මදක් එහාට දශකයක...

ගම හැර ගිය අඳ ගොවි පුතුගෙන් ලියමනක්-ලක්ශාන්ත අතුකෝරල

ගම හැර ගිය අඳ ගොවි පුතුගෙන් ලියමනක් තට්ටු තුනේ මැදුර ළගින් වමට හැරී පෙරට වරෙන් මා බලන්න එනවා නම් මගේ යාළුවෙ මෙ මුඩුක්කු ලැයිං අතර ලෑලි ගැසූ කුටිය අතැර ගමෙ යන්න අඩ නොගසාපන් කිරි බණ්ඩෙ ඉර නිදි කොට සඳ නැගිටින තෙක් බඩ වැටිවල ඇවිදින ඉර හඳ වාගේ මතකයි ඒ පොඩි කාලේ කොච්චරවත් හිත තිබුණට කඩා සෙයිලමෙ කටු වැට යළි ඒ කාලයට යන්න බෑ නොවැ මිතුරෙ පාළු පැලේ ? ලැගගෙන පඹයි මෙන් කෙතේ හිටගෙන ගමෙ ඉන්න හිත් නොදෙන්න මොකද කාරණේ මුහන්දිරම් පට්ටම් වල උජාරුව නැමී බල බල බැල මෙහෙ කෙරුවා විතරයි අපේ සනුහරෙ අපෙ වීරිය කිරි වැදිලා අප මෙන් පහතට නැමිලා උන්ගේ බිහි පිරෙව්වාට අපි බඩගින්නේ දවසක උන් පරද්දන්ට දහඩිය ටික විකුණගන්ට මාත් එක්ක නතර වෙයන් මගේ මස්සිනේ ලක්ශාන්ත අතුකෝරල අමාවකේ සඳක් සිඔිමි 2006 කාව්‍ය සංග‍්‍රහයෙනි මට මෙ කවිය කවදාවත් ලියන්න බැහැ මොකද මම උපන්නෙම ගාලු පාර අයිනෙ නිසා. ගමක් ගැන මතකයක් නැත්තෙත් නැහැ ඒ ආච්චිලයි ගෙදර තිබුනේ ගමක නිසා. අම්මා ඉඳ හිට අපව කැටුව ආච්චිලයි ගෙදර සති අන්තෙ යන කාලේ තමයි මෙ ගම මගේ ඔලුවට ඇතුල් වෙලා තියෙන්නේ. ඒත් මෙ සංසිද්ධි තේරුම් ගන්න ගමක ඉපදීමට වඩා ජීවත් වීම වැදගත් වෙනවා. මම නාගරික වී ඉපිද ගම්...

අවි තැනීම-පියන්කාරගේ බන්දුල ජයවීර

අවි තැනීම මා පියබඳ බදා වැළඳ හඩ හඩා මෙ දුකඳුළු නිමා කරමු තුටු කඳුළුම නෙතු සරසන දින එනතුරු බුලත් කසට බැඳි මුවගින් විෂ වදනින් හද පාරන කල නොසැලී සිත දිරි ගෙන රුදු රළු මග දෙපා නගමු පරම්පරා සංස්කෘතික දෘෂ්ටිවාද සීතල යුද මැද නුඹ මම අප සැමදෙන සිරකරුවන් වෙමු කුටුම්භ හිරගෙදරක මාපිය නෑදෑ පූජක ජේලර්වරු සංස්කෘතික යෂ්ටි රැගෙන සීරුවෙන් සිටිති අවදිව මෙ අප සැදූ හිරගෙයක් නොව හිරගෙදරක උපනෙමු අපි කඩා බිඳ දමා හිරගෙය නිදහසට දෙපා තබනට අවැසි අවි තනයි ඉවසුම පියන්කාරගේ බන්දුල ජයවීර ලංකා ඉරිදා සංග‍්‍රහය 23-11-2008 න් විල්තෙර කාව්‍ය නිර්මාණ සංග‍්‍රහයෙන් උපුටා ගන්නා ලදී. ඉවසීම යනු වෛරය එක් රැස් කිරීමයි.

කර්තෘ අඥාතයි කාව්‍ය සංග‍්‍රහය-ඊ එම් ඩී උපාලි

මෙතනින් මාරු වෙනු 1983 පියාඹන අස්සයා 1985 එව බලව 1998 චර පුරුෂ 2000 චෙරිමල් යාය 2000 වන තාරාවී 2006 බෝනික්කිගේ සෙල්ලං ගේ 2008 ඒ සියල්ල වේදිකා නාට්‍ය පිටපත්ය. හොඳින් කණට හුරුය. දෙකක් පමණක් තවම නිෂ්පාදනය වී නැත්තේය... මුල් දෙකම ස්වතන්ත‍්‍රයි. තෙවැන්න අනුවර්තනයකි. සිවුවැන්න පරිවර්තනයකි. මුල් නිර්මාණය නිකොලායි ගොගොල්ගේය. ඊළගට ඇත්තේ ඇන්ටන් චෙකොව් ගේ නිර්මාණයේ වෙදිකා නාට්‍ය පරිවර්තනයයි. වෙදිකාවෙ සිහසුනේ සදාකාලික රැුඳිවිහෙන්රික් ඉබ්සන් ගේ සුප‍්‍රසිද්ධ නාට්‍ය පිටපත් හතරෙන් දෙකකි අවසානයේ පරිවර්තිත ව ඇත්තේ. 1996 දී තුන්සිත් රටා මැයෙන් කාව්‍ය සංග‍්‍රහයක් ද 2005 දී දඹරන් පිළිමය නමැති යොවුන් නවකතාව ද 2007 දී ළය විරේකය නමැති නව කතාව ද කළ හෙතෙම 2008 දී කර්තෘ අඥාත වී ඇති හෙයිනි මේ හෙලි දරව්ව... මේ කර්තෘ අඥාතයි කාව්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගත්කවියකි. අලු අඩ සිය වසක රොඩු බොඩු වදන් වරණ රෙක්කයෙන් ඇවිස්සුවෙමි එකතු කළෙමි එක තැනකට පිළිවෙළකට දැන් ඉතින් ගිනි තබමු එකතු කළ එ රොඩු බොඩු තෙමෙ අලු වී යද්දී අවට අලු කරනු වස් ඒ කවියාගේ පෙරවදනයි. මෙ ප‍්‍රථම කවයි හෙවණැල්ල වැසි වස්සන ඇලි ඇතු දී බමුණන්ට ආයෙමි වංකගිරි පාරම...

චන්ද‍්‍ර කුමාර වික‍්‍රමරත්න කවියා

අවසර සකි සඳ - චන්ද‍්‍රකුමාර වික‍්‍රමරත්නට චන්දරෙ මම ශීතකරණය ඇරියා චන්දරෙ මම හමස් පෙට්ටිය ඇද්දා මම කවි පොතක් ගහන්න යනවා මට උඹව මතක් වුනා උඹ මළවුන්ගේ ලෝකෙ ද? එහෙනම් උඹ පණ පිටින් චන්දරෙ දැන් මෙක මිනී කාමරයක් අධි ශීතකරණයකටත් වැඩිය ශීතලයි උණුහුම පොදක් නෑ හාල්පාරු වෙලා සේරම මිනිස්සු මිනිස්සු එක්ක කතා කරන්නේ නෑ මූණ බලන් නෑ බස් වල ගල් ගිලල වගේ මූණට මූණ බලන් නෑ නැග්ග ගමන් නිදා ගන්නව උඹ එදා පිලි නොගත්තට අද උඹ ආවොත් නං සාංදෘෂ්ටිකවාදේ පිලිගන්නව සිකුරුයි චන්දරෙ මම කවි පොතක් ගහනවා කවි කියන්නේ මොනව ද චන්දරෙ මතක ද අපි ඒ දවස් වල හම්බණාම කුරුටු ගාපුවා කියෙව්වා එකිනෙකාට සමහරු උඹව යුගයේ කවියා කළා උඹ එහෙම හිතුවෙ නැති වග දන්නවා මං හොඳටම චන්දරෙ අපි ට තරගයක් තිබුන් නෑ උඹ ලියපුව ද හරි මං ලියපුව ද හරි එහෙම බෑ චන්දරෙ කවියෝ වෙන්න කවියෝ වෙන්න නං හිතන්න ඔනෑ මං තමයි ඊළග සේකර කී දෙනෙක් උන්න ද චන්දරෙ එහෙම ආගිය අතක් ආතක් පාතක් නෑ චන්දරෙ උඹ තාමත් සින්දු කියනවා ද බස් වල? ජෝතිපාලගෙ සිංදු කවදාවත් කිව්වෙ නැති චන්දරෙ ඔබ ගැනම මා ලියනා ඒ කවිය ඔබ හටම අද දිනේ නොවැටහෙන බව දනිමි ඒත් ලෝකය මීට වඩා සුන්දර වන අනාගතේ යම් දවසක ඔබ එය ආදර...

දෙවැනි යාමයේ කතාව

දෙවැනි යාමයේ කතාව දරුවන් බිහි කළ පසුව එන රාත‍්‍රී කාලවල හුරු පුරුදු නිර්වසත‍්‍රභාවයෙහි තෘප්තිමත් නොවී ඔබ සොයන්නෙහිය මගේ නොකිලිටි රූ සපුව පෘථුල සිරුරත් ප‍්‍රසව ඉරි කුරුටු ඇති උදරයත් බොහෝ පිලිකුල්ය දැන් ඔබට අද හෝ හෙටක නැත්නම් මතු කවරදාක හෝ මගේ මෙ සිරුර වෙනස් නොවෙතියි කියන්නෙහි ඔබ නිහඩතාවයේ තැනි තලා මත වැළලී තිබෙන මගේ හඩ මුමුණයි තමන් තුලම හිඳ ඉතින් ඇත්තයි මගේ ඇග වාගේ ද ඔබෙ ඔය ඇග ? විවෘතයි! පුරසාරම් දෙසමින් විවෘතව තිබෙ එය බාහිරට!!! මීට පෙර කොහේ හෝ කාට හෝ ඔබෙ දරුවන් ඉපදී ඇති ඉතින් සලකුණු නැතැයි ඒ ගැන ආඩම්බර විය හැක ඔබට මා කුමක් කරන්න ද ? යටහත් පහත්ව අවනතව සිටිනවා මෙන් ඔබට මෙ ප‍්‍රසව ඉරි පහසුවෙන් ලේසියෙන් යථා තතවෙට නොඑයි කපා අලවන්නත් මගේ ඇග කඩදාසියක් නොවෙයි ඔබටත් වඩා දරුණු ලෙස දෙ‍්‍රා්හිකම් කර තිබෙ සොබාදම් දියත මට ඔබෙනුයි ඇරඹුනේ මගේ පැරදුමෙ පළමු අවධිය පළමු යාමෙට වඩා දරුණුයි සිහින වැඩි වන දෙවන යාමය නිහඩව නිමග්නව බිතුසිතුවමෙහි සිටි කොටියා දෙවන යාමෙ තමයි වාඩි වී මගේ ඉහ ඉද්දර තියුණු ඇසකින් බලා සිටියේ මගේ සියොලග සල්මා ඉන්දියානු යොවුන් කිවිඳියකි. මුස්ලිම් ජාතික කාන්තාවක වූ ඇය සිය කවියෙන් සංස්කෘති...

අමු මස් කෑල්ලෙ කතාව

අමු මස් කෑල්ලෙ කතාව හිතමු අපි අමු මස් කෑල්ලක් අනුභව කරන්නට යෙදුනේ යැයි.වඩාත් ජුගුප්සාජනක උදාහරණය නම් අපි පණ පිටින් ජීවියෙක් ගිල දැම්මා යයි සිතමු. දැන් අපගේ ආමාෂය මෙ ආහාරය ජීර්ණය කර ගැනීමෙ ව්‍යාපෘතිය අරඹයි. මෙහිදී ජීවය සහිත ගොදුර සහ ජීවය සහිත ආමාෂය යන දෙකෙන් ගොදුර පමණක් ජීර්ණය කර ගැනීමෙ අවස්ථාව හමු වෙ. එය අපගේ සුලභ අත්දැකීමයි. ඉතින් කුමක් ජීරණය වන්නේ දැයි තීරණය වන්නේ කෙසේ දැයි යන ගැටලුව වෙත ආමාෂය ගමන් කරයි. ඇත්තටම වෙන්නේ මොකද්ද 1 ජීවය සහිත ගොදුර ජීරණය වීම 2 ජීවය සහිත ආමාෂය ජීරණය වීම 3 ජීවය සහිත ගොදුර සහ ජීවය සහිත ආමාෂය යන දෙකම ජීරණය වීම 4 කිසිවක් ජීරණය නොවීම මොහොතකට අපි අපේ මොළය ආමාෂය සමග සමපාත කරමු. මෙහිදී ආහාර යනු මතවාද යි. සොබාදහම යයි අප නාමකරණය කල දෙය තුල සිදුවන්නේ ආමාෂය විසින් ගොදුර ජීරණය කිරීමයි. අප විසින් කතිකාවට ලක් කරන බොහෝ දේ ද මෙබඳුම තීරකයන් හරහා ගමන් කරවන්නට සිදු වන්නේය. එහිදී බොහෝ විට ආමාෂය බෙරා ගෙන මතවාද ජීරණය කර ගැනීමෙ වගකීම කියවන්නන්ටය...

කල්පනා ලෝකය

කල්පනා ලෝකය මගේ හිත තුල කැරලි ගසන නන්නාඳුනනයන් පිරිසක් විසින් සහමුලින් වනසා ද ම න ලද්දෙන් කල්පනා ලෝකයක් මෙතන නැත...

තුෂාරි ගෙ කවියක්...සඳ පායා

සඳ පායා (rea) කළුවරට සොයයි සඳ එළියක් ! - තුෂාරි පි‍්‍රයංගිකා- මෙම නිර්මාණය ගැන ඉතා කෙටියෙන් හෝ යමක් ලිවිය යුතු වන්නේ මා කලාතුරකින් අහම්බෙන් රස විඳින්නට යොමු වූ අතිශය ගුප්ත වූ යම් දෙයක් මෙම නිර්මාණයේ ගැබ්ව ඇතැයි මට දැනෙන හෙයිනි. කල්පනාලෝකයේ එක් පරිච්ඡේදයක මෙසේ දැක්වෙ. බොහෝ විට කවියා වර්ණනා කරන සිදුවීම් ඇත්ත ව ශයෙන් සිදු වූයේ කෙසේ දැයි ඔහු නොදනී. ගුත්තිල පඩිතුමා හා මූසිලයා ද අතර වූ වීණා වාදය කෙසේ සිදු කරන ලද දැයි වෑත්තෑවෙ හිමියන් දැන සිටියේ නැත. උන්වහන්සේට එය දැන ගන්ට ලැබුනේ ආරංචි මාත‍්‍රයෙන්ය එනම් ජාතක පොතෙහි කියවෙන ප‍්‍රවෘත්තියෙන්ය. ඒ වර්ණනාව කියවන පාඨකයා වීණා වාදනය සිදු වූයේ වෑත්තෑවෙ හිමියන් කියන සැටියෙන් ද නැතහොත් වෙන සැටියකින් දැයි නොසිතයි. වීණා වාදනය සැබවිනුත් සිදු වූයේ එසේ යැයි ඔහු අදහයි. - වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද‍්‍ර මෙ කවියේ එන සුලභ රූපකය වන සඳ අඳුරෙ පායා තම ආලෝකය නැවත සොයා යන්නේ කෙලෙස දැයි කවියා නොදනියි. එය අපි දු නොදනිමු. එහෙත් කවියක ඇති වෙනස ද මේම වෙ. එය අප දන්නා භෙෘතිකය ඉක්මවා යන පාරභෙෘතිකයන් කරා පාඨක මනස රැුගෙන යාමට බල කරයි. නොහොත් අණ කරයි. දෙවනුව Jacques D...

Tonight I Can Write-Pablo Neruda

Tonight I Can Write Tonight I can write the saddest lines. Write, for example, 'The night is starry and the stars are blue and shiver in the distance.' The night wind revolves in the sky and sings. Tonight I can write the saddest lines. I loved her, and sometimes she loved me too. Through nights like this one I held her in my arms. I kissed her again and again under the endless sky. She loved me, sometimes I loved her too. How could one not have loved her great still eyes. Tonight I can write the saddest lines. To think that I do not have her. To feel that I have lost her. To hear the immense night, still more immense without her. And the verse falls to the soul like dew to the pasture. What does it matter that my love could not keep her. The night is starry and she is not with me. This is all. In the distance someone is singing. In the distance. My soul is not satisfied that it has lost her. My sight tries to find her as though to bring her closer. My heart looks for her, and ...

Death by Harold Pinter

Where was the dead body found? Who found the dead body? Was the dead body dead when found? How was the dead body found? Who was the dead body? Who was the father or daughter or brother Or uncle or sister or mother or son Of the dead and abandoned body? Was the body dead when abandoned? Was the body abandoned? By whom had it been abandoned? Was the dead body naked or dressed for a journey? What made you declare the dead body dead? Did you declare the dead body dead? How well did you know the dead body? How did you know the dead body was dead? Did you wash the dead body Did you close both its eyes Did you bury the body Did you leave it abandoned Did you kiss the dead body Harold Pinter The Nobel Prize in Literature 2005

මරණය

මරණය කොතැනින් ද සොයා ගැනුනේ මළ සිරුර ? කවුරුන් ද සොයා ගත්තේ මළ සිරුර? මළ සිරුර මිය ගොස් ද සොයා ගන්නා විට සොයා ගනු ලැබුයේ කෙලෙසකද මළ සිරුර? කවුරුන් ද මළ සිරුර කවුරුන්ද මවක පියකු සොහොයුරකු සොහොයුරියක මාමෙකු දියණියක වන්නේ අත්හැර දැමූ විට දෝ සිරුර මැරුණේ සිරුර අතහැර දමා තිබුණේ ද කවුරුන විසින් එය අත් හැර දමුවෙද නිරුවත්ව සිටියා ද? ඇඳුම් ඇඳ සිටියා ද මළ සිරුර මරණයට ඔබ හැදු ප‍්‍රකාශය කුමක් වී ද? ඔබ නොවලහා කීවෙ ද? මළ සිරුරෙ මරණය ? කෙලෙසක ද ඔබ දැන ගත්තේ මරණය ඔබ මළ සිරුර සේදුවෙ ද? ඇස් දෙක ම වැසුවෙ ද? සිරුර වැළලුවෙ ද? අත්හැර දමා ආවෙ ද? සිප ගත්තා ද මළ සිරුර? හැරල්ඩ් පින්ටර් පරිවර්තනය පබෝදනී චන්ද‍්‍රරත්න උපුටනය ලංකා ඉරිදා සංග‍්‍රහය 08-06-2008 සිහින වෙනුවට මරණය කවියට නැගීම

සිහින වෙනුවට මරණය කවියට නැගීම

Image
එක් උදයක සියලු දේ දැවෙමින් තිබිණි එක් උදෑසනක පොලොව මත්තෙන් නැගී මතුවුණු ගිනි මැලයේ ගිනි දලු වැනසූය මිනිස් කැළ එතැන් සිට වෙඩි හඩය එතැන් සිට වෙඩි බෙහෙත් එතැන් සිට රුධිරය ගුවන් යාන් මුසල්මානන් සමග වු පල් හොරුය ආර්යාවන් සමග වයන්නට මෙන් සැකසූ අත් ඇති පල් හොරුය අහස හරහා විසුරුවා සුභ පැතුම් දරුවන් මරා දැමුමට කලු තවුසන් සමග පැමිණියේ පල් හොරුය දරුවන්ගේ සිරුරු තුල ගලා යන ලේ මෙන්ම නොමැති ව කිසිදු කලබල වීදිවල ගැලුවෙය දරුවන්ගේ රුධිර දහරා හිවලුන් ද නොඉවසන හිවලුන් කටු පඳුරා කපා ඉවත ලූ ගල් බොරලුය සර්පයන් පිළිකුලෙන් ඉවත ලන සපුන්මය මුහුණට මුහුණ ඔබ හමු වූ විට දී ඔබ ලෙයින් නැග ආ රළක් මෙන් දුටිමි ස්පාඤ්ඤ කුලුණ පෙෘඨත්වය සහ මහිත් එකම රැුල්ලේ ඔබ ගිලී යන ගෙයින් ගෙය මල් වෙනුවට ගලා යනූයේ පිළිස්සෙන ලෝහය දෙ‍්‍රා්හී ජෙනරාල්වරුනි පෙනෙයි මගෙ මරණයේ නිවහන බලනු බිඳ වැටී ගිය ස්පාඤ්ඤය ස්පාඤ්ඤයේ සෑම තත්වයක්ම තුවක්කුවක ඇස් ඇරුණු සෑම ළදරු මරණයක්ම ඉපදුනු සෑම අපරාධ උණ්ඩයක්ම ස්පාඤ්ඤය එළිදරව් කරවයි සොයා ගත් යම් දිනක උඹලගේ හදවත් හි ග...

මහා කවි කාලිදාසයන්ගේ සෘතු සංහාරය

පෙම්බරයා විසින පරිභෝග කළ බලා සියලඟ අතිශයින් ප‍්‍රමෝදිත තන බරින පුලුලුකුල බරිනා නැමුණු අන් තුනුවඟා කර ලවන රංජනා එල්බෙනා නිල් වනින් දිලි කියඹු ලතාවෙන් මඳක් වැසි නෙත් උපුල් දරා හඳී රත් දුහුල් චිර කාල සුරත කෙළි සරතසිනි මැලව ගිය අඟපසඟ දරන ලිය සිහිව පෙර රැය නැඟන ලොමුදහ පයෝධර වටොර යුත් සියලෙඟහි ගල්වත් අඳුන් තෙල් මහා කවි කාලිදාසයන්ගේ සෘතු සංහාරය මහැදුරු සුචරිත ගම්ලතුන්ගේ පරිවර්තනය සිව්වන සග16 , 17 වැනි කව්

ලංකාවෙ වමෙන් බිහි කළ විශිෂ්ටතම සංගීතවෙදියා කේමදාස –එරික් ඉලෙයප්ආරච්චි

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස සංගීත ඥාණය සහ සමාජ දෘෂ්ටිය ලංකාවෙ වමෙන් බිහි කළ විශිෂ්ටතම සංගීතවෙදියා කේමදාස –එරික් ඉලෙයප්ආරච්චි ලංකා ඉරිදා සංග‍්‍රහයෙන් උපුටනය 02-11-2008 මාස්ටර් ගේ සමාජ දෘශ්ටිය ඔහුගේ නිර්මාණ වලින් පිළිබිඹු වුණේ කොහොමද ? මාස්ටර් ඔහුගේ නිර්මාණ වලින් උගන්වන්න හැදුවෙ ලංකාවෙ වම දේශපාලනික වීම පමණක් නොව කලාත්මක වන්නේ කොහොමද කියන එක. ඒ සඳහා විශිෂ්ට ධනේශ්වර සංස්කෘතිය නිර්ධන පංතිය අවියක් ලෙස භාවිත කරන්නේ කොහොමද කියන එක. ගොලු හදවතින් උගන්වන්නේ ලංකාවෙ වමට ලව් කරන හැටියි. ලංකාවෙ වමට මුහුද දිහා බලන හැටි තමයි ඹබරු ඇවිත් තුලින් උගන්වන්නේ. මාස්ටර්ගේ මනසේ හිටපු පාඨකයා වුනේ ලංකාවෙ වාමාංශික මිනිසා.

වචනය ගැන -පැබ්ලෝ නෙරුඩා

වචනය ගැන මනුෂ්‍ය වචනය වචන මාත‍්‍රය ආලෝක කම්පනයාගේ සම්මිෂ‍්‍රණය පරම්පරා උරුමයෙන් ලද රිද්මය ධාතු කරඩුව මිනිස් වචනයේ සර්ව සම්පූර්ණත්වය තුල උපදින නිහැඩියාව ආරක්ෂා කරන්නේ ඒ ධාතු කරඩුවයි මිනිසා කතා නොකරනවා කියන්නේ මළා කියන එකයි භාෂාව පාදාන්තයේ සිට කේෂාන්තය දක්වාම පැතිර තිබෙ දෙතොල සැලුනේ නැතත් කට කතා කරයි දෑස හිටි හැටියේ වචන බවට පත්වෙ වචනය මිනිස් බලි රුවක් යැයි සිතා මම යළි යළිත් අතපත ගාන්නේමි මා විමතියට පත් කරන්නේ එහි සැකැස්මයි කට වචනයේ තාන වෙනස්කම් මැදින් මම මගේ ගමනේ යෙදෙන්නේමි මම කතා කරමි ඒ නිසා මම සිටිමි කතාව නම් කි‍්‍රයාවෙ නොඇලී වචනයේ හා නිහැඩියාවෙ ඉම් පෙදෙස් වෙත මම ළඟා වෙමි -පැබ්ලෝ නෙරුඩා එරික් ඉලයප්ආරච්චිගේ කේමදාස කෘතියෙනි මෙ උපුටනය ලංකා ඉරිදා සංග‍්‍රහයේ චූලානන්ද සමරනායකයන්ගේ දිවිසැරියේ මං සළකුණු 02-11-2008 ලිපියෙනි

කේමදාස ප‍්‍රණාම

ඔබ යනවා නම් යන්න! වෙණ තතකි සත් ස්වරයකි සියක් මුවකින් බෙණෙන අසිරියකි දළ රළට එකඟව පොල් ලෙලි සේ නිසසලව නොඇදී පහලට උඩු ගං බැලූ ගමනකි ගොලු හදවතක සර නිධානයක ගොරතර උදුම්බරාවක් වී පලයක්ම වූ කුසුම්ය එක පැහැර මවා ලූ විස්කම් නාද පෙළහර කුසිනාරා පුරවර බුදු ඇස නිවුණු තැන සල් මල් පෙති වැගිර වැලපුණු දහසක් නාද පැහැර බුදු බඳ යකුලු පහරින වසවතුන් ගත් නිදහන යසෝදරා ඉකිබිඳුම සියල්ල දී අපට නාද කවියක් කොට හිතුවක්කාර ඉසිවර ගඳඹ මොනවා කරන්නද ඔබ යනවා නම් යන්න ! රත්න ශ්‍රී විජේසිංහ2008/10/27 ලංකා 2008/11/02 පුවත්පතෙන් උපුටා ගන්නා ලදී

පොතකින් - පියෙද්රා ගගබඩ හිඳ මම වැලපුනෙමි

අනෙකා කවුද ? ඔවුන් අහනවා මම කවුද කියන එක නොවෙයි මම වෙන්න ඔන කවුරුන්ද කියන එක මට ඉගැන්නුවෙ අනෙකා. මහලු වියේදි කුසගින්නේ නොමැරී ඉන්න නම් තරම් මුදල් සෙවීමෙ මාර්ග ගැන හිතමින් අපි අපේ මුලු ජීවිතයම ගෙවන්න ඔන කියල අනෙකා විශ්වාස කරනව. ඉතින් අපි මුදල් ගැනත් ඒවා හම්බ කරන්න ගහන සැලසුම් ගැනත් හුගක් හිතනව. අන්තිමට අපි ජීවත් වෙනව කියල අපිට දැනෙන්නේ අපි මෙ ලෝකේ ජීවත් වෙන කාලය අවසන් වෙගෙන එනකොටයි. ඒත් එතකොට අපි හොදටම ප‍්‍රමාදයි. එතකොට ඔයා ? ඔයා කවු ද ? මම මෙ නිකම්ම මගේ හදවතට ඇහුම්කන් දෙන අයගෙන් එක්කෙනෙක්. ජීවිතයේ ආශ්චර්යයෙන ප‍්‍රමෝදයට පත් වුණු කෙනෙක්. ආශ්චර්යය විශ්වාස කරන ඒ වගේම තමන් කරන දේ ගැන උද්යෝගය හා ප‍්‍රමෝදයට පත් වුන කෙනෙක්. බලාපොරොත්තු බිඳ වැටීම් වලට බය වෙලා අනෙකා හරියට කි‍්‍රයාකරන්න මට ඉඩ දුන්නේ නෑ. පියෙද්රා ගගබඩ හිඳ මම වැලපුනෙමි

දශරථ වගෙ ද මං ?

දශරථ වගෙ ද මං ? කිරෙන් වියැලූන ද දෙතන් මත දහදිය ගලයි රන්වනින මෙලමයින් විසෙන් නොදරු ද අත පත ගායි ඝණඳුර සූ සැටක් නල රුහිරු ධමනි තුල ඇන සොයයි ජීවිතය කළලයෙන් පැන ලෙවි මත තාත්තා මම ය තවමත් දොස්තර දොරටුව මුර කරන ”අපේ සප්පයන් කිසි දින අකාලයේ නොමියෙත්ය” මුමුණමි හිස් සීලිමට සෘෂ්‍යශෘංග , අද නුඔ කොහි සැඟව ? නොම යදිමි රාම ලක්ෂ්මණ භරත රැක දුන මැනව ම දුක්පත් පුත හෙට ලොව දිනන නොදිනන නොදන්න... ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2008

දිවා සුරැකුම

දිවා සුරැකුම නිකුතු සිය කම්හි තන්හි තන්හි නිසැකියෝ ළද දරුවන් අදගර දරණැ හොවා මලිලිය බෝසතුන් ගේ මෛත‍්‍රිය තව දුරටත් පැතිරෙයි. වැදි කාන්තාවෝ තම බිලිඳුන් පිඹුරන්ගේ දරණ මත සතප්පා වැඩ කටයුතු සඳහා ඒ ඒ තැන් බලා නික්ම යති. තම දරුවන් ට පිඹුරන්ගෙන් විපතක් වෙතැයි සැකයකුදු ඔවුනට නැත. සසදාවත 238 කව සිරි තිලකසිරි සංස්කරණය දිවා සුරැකුම මගේ දරු පැටවුනට සුරැකුම් මධ්‍යස්ථානය අවම පිරිවැය පිඹුරනි මෛතී‍්‍ර සහගත පිහිට වෙනු ලතෙත බව පොබය අපි දෙන්නටම වැඩ කරන්නට සිදුව ඇත සොයුර එකල මෙන් වැදි දියණියක නොවුව ද ඇය යාමට බල කර ඇත අපි දෙන්නටම වැටුප් ලබනට දරුවන් පිඹුරු දරණ් මත සතපවා හෝ සතය සතය එකතු කර නැගූ මහ මන්දිරයක් නැත එදා වේල හෝ සරි කරන්නට දවස් දියව ගොස් දරුවන් ගොදුරු ගිලිනට හුරු වීයැ කවර දොසදැයි ? ඊ ඒ ඩෝසන් පී‍්‍රති 2008