කේමදාස ප‍්‍රණාම

ඔබ යනවා නම් යන්න!

වෙණ තතකි
සත් ස්වරයකි
සියක් මුවකින් බෙණෙන
අසිරියකි

දළ රළට එකඟව
පොල් ලෙලි සේ නිසසලව
නොඇදී පහලට
උඩු ගං බැලූ ගමනකි

ගොලු හදවතක සර
නිධානයක ගොරතර
උදුම්බරාවක් වී
පලයක්ම වූ කුසුම්ය

එක පැහැර මවා ලූ
විස්කම් නාද පෙළහර

කුසිනාරා පුරවර
බුදු ඇස නිවුණු තැන
සල් මල් පෙති වැගිර
වැලපුණු දහසක් නාද

පැහැර බුදු බඳ යකුලු පහරින
වසවතුන් ගත් නිදහන
යසෝදරා ඉකිබිඳුම

සියල්ල දී අපට
නාද කවියක් කොට

හිතුවක්කාර ඉසිවර ගඳඹ
මොනවා කරන්නද
ඔබ යනවා නම් යන්න !

රත්න ශ්‍රී විජේසිංහ2008/10/27

ලංකා 2008/11/02 පුවත්පතෙන් උපුටා ගන්නා ලදී

Comments

Buru Babe said…
vachana bara vedi unath hithata denena yamak... meva apita genavata pin thamai denna venne apita umbata

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්