දශරථ වගෙ ද මං ?

දශරථ වගෙ ද මං ?

කිරෙන් වියැලූන ද දෙතන් මත
දහදිය ගලයි රන්වනින
මෙලමයින් විසෙන් නොදරු ද
අත පත ගායි ඝණඳුර
සූ සැටක් නල
රුහිරු ධමනි තුල ඇන
සොයයි ජීවිතය
කළලයෙන් පැන ලෙවි මත

තාත්තා මම ය තවමත්
දොස්තර දොරටුව මුර කරන
”අපේ සප්පයන් කිසි දින
අකාලයේ නොමියෙත්ය”
මුමුණමි
හිස් සීලිමට
සෘෂ්‍යශෘංග , අද නුඔ කොහි සැඟව ?
නොම යදිමි රාම ලක්ෂ්මණ භරත
රැක දුන මැනව ම දුක්පත් පුත
හෙට ලොව දිනන නොදිනන නොදන්න...

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2008

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්