Posts

Showing posts with the label අදහස්

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

Image
බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක් මේ ස්වභා දහමේ නිර්මාන කාලයේ ඇරඹුමේ සිටම අපට ප්‍රත්‍යක්ෂ වෙමින් හෝ නොවෙමින් අප අතරම පැවතුනි. ඒවා ගවේෂණය කිරීමෙන් අපට ප්‍රත්‍යක්ෂ වන මාදිලි බවට පරිවර්තනය කරන්නට කවදා කවුරුන් හෝ මූලික වන්නේද යන්න මිස ඒවා අලුතින් ප්‍රාදූර්භූත වීමකින් තොරව සනාථනිකව තම පැවැත්ම රඳවා ගනී. -රොජර් පෙන්රෝස් Those designs were already ‘in existence’ since the beginning of time, in the potential timeless sense that they would necessarily be revealed precisely in the form that we perceive them today, no matter at what time or in what location some perceiving being might have chosen to examine them. page 47: Roger Penrose The Road to Reality- A Complete Guide to the Laws of the Universe කාලය ඒක මාන ද? භෞතික විද්‍යාව එහි මූලාරම්භයේ පටන්ම මෙතුවකට අචලව පවත්වා ආ මූලික ලක්ෂණ අතුරෙන් අතිශය වැදගත් සංකල්පයක් වන්නේ කාලයේ මාන විෂයෙහි ඒකීයත්වය යි. නිව්ටෝනියානු කාලය විශ්වයේ සියලු තැන්හි එකම සීඝ්‍රතාවයකින් ගලා යද්දී අයින්ස්ටයිනියානු කාලය නිරීක්ෂකයාට අනුව සීඝ්‍ර...

"ඕලන්ද අහස" සහ "සිහින" ගැන "වික්ෂිප්ත සංක්ෂිප්තය"

Image
තුෂාරි ප්‍රියංගිකා සහ සුභද්‍රා ජයසුන්දර ගේ කවි දෙකක් ඒවා සමාන්තර කාල ප්‍රාන්තරයක දී ලියැවුණ හෙයින් ඒ දෙකම එකට ගෙන සටහනක් ලියන්නට සිතුවෙමි. විමුක්තිය පිළිබඳ සදාකාලික සිහිනයෙන් උජ්වලිත වන මේ නිර්මානකරුවන් අපට කියන්නේ කුමක් ද? මේ කවි දෙකම මරණය හා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති අයුරු පැහැදිලිව පෙනේ. තුෂාරි "මැරුණු පැතුමක්" ගැන කියද්දී සුභද්‍රා "මියෙන්නෝ භාග්‍යවන්තයෝයැ" යි කියන්නීය. මේ නිර්මාන දෙකම අතීතකාමයෙන් උපන් චිත්ත රූප සහ වස්තු එහා මෙහා කරමින් සිහිනමය ආකෘතියෙන් වැඩ අරගෙන ඇත. දෙකේම පොදු ලක්ෂණය වන්නේ මරණය පිළිබඳ ගෙනෙන අපූරු උත්කර්ෂය යි.‍ කවිය මතුපිටින් නොකියැවෙන දේ කුමක්දැයි සොයා යමු. නිර්මානයකට අවිඥානිකව ඇතුලත් වූ මේ මරණයේ සංකේතීය ප්‍රකාශණය යනුම මරණ හඹා යාමේ පෙළඹුම ලෙස වෙනත් ලෙසකට කියවා ගැනුමට ඇවැසි කෙනෙකුට නිදහස ඇත. නමුත් මරණ හඹා යාම යනු ග්‍රාම්‍යාර්ථයෙන් මරණය කරා එළඹීම පිළිබඳ ෆැන්ටසික ඛණ්ඩාංක නිමවා ගැනීමක් නොවේ. ඩෙත් ඩ්‍රයිව් යනුම ජීවිතය (අන්ඩෙඩ්) අමරණීය තත්වයක පවත්වා ගැනීමට අවිඥානිකව එළඹීමයි. මෙය පැහැදිලි කරගැනීමට ෆ්‍රොයිඩියානු සංකල්පයක් වන ආංශික වස්තු (p...

තානාපතිවරු සහ අන්ධ බිංදුව

Image
තානාපතිවරු සහ අන්ධ බිංදුව [සරසවි බැල්ම සහ ක්වොන්ටම් බැල්ම] මාතෘකාව ගැන ඉස්සෙල්ලම යමක් කියන්න ඕන. නැත්නම් ලිපියේ අන්තර්ගතය මේ මාතෘකාවට කිසිම සේවයක් කර නොමැති බැව් කාට හෝ හිතෙන්නට පුළුවන් බැවිනි. තානාපතිවරු සහ අන්ධ බිංදුව යැයි එකට හමු වන්නට සළස්වා ඇති කිසිදු සම්බන්ධයක් මතුපිටින් නොමැති සංකල්ප දෙක එකට සම්බන්ධ කිරීමට මගේ උත්සාහය පිළිබඳ ඇඟවුමක් ලෙස මෙලෙස මාතෘකාව තෝරා ඇත. "තානාපතිවරු" නම් හෑන්ස් හෝල්බින්ගේ The Ambassadors (1533) නමින් වූ ලෝ ප්‍රකට සිතුවමයි. අන්ධ බිංදුව නම් ඇසේ දෘශ්ටිවිතානය මත පිහිටි රූප සංඥා මොළයට සම්බන්ධ කරන ස්නායු රැහැන් ඇරඹුම් ලක්ෂ්‍යය යි. එතැන ඇති සුවිශේෂත්වය නම් එම කුඩා පෙදෙසෙන් ඇසට පෙනීම නමැති සංවේදනය ඇති නොකිරීමයි. එනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එම කුඩා පෙදෙස ඇස තුළ ඇති අන්ධ පෙදෙසක් වීමයි. හෑන්ස් හෝල්බින්ගේ ලෝ ප්‍රකට තානාපතිවරු සිතුවමේ ඇති හිස් කබලේ විරූපිතය [ANAMORPHOSIS] සිතුවම දෙස සාමාන්‍ය ලෙස බැලූ විට නොපෙනී යන දෘශ්‍ය වස්තුවකි. අප සාමාන්‍ය යෙන් සිතුවමක් දෙස බලන්නේ එයට අභිලම්බකව ඇති දෘශ්‍ය රේඛාවක ඇස තබා බැව් අප ඉතා හොඳින් දන්නා කාරණයකි. එබඳු දෘශ්‍ය...

භූ කම්පා පිළිබඳ නව මානයක දැනුමක්

Image
"භූමි කම්පා ගැන අනාවැකි කිව හැකියි ශ්‍රී ලංකා මහාචාර්ය අතුල කියයි." ප්‍රවෘතිය උපුටා ගැනුම ලංකා ඊ නිවුස් වෙබ් අඩවියෙනි. මේ ප්‍රවෘතිය දුටු මතින් මගේ සිහියට නැගුනේ වසර 2004 දී ලංකාවේ සුනාමි විපත්තියත් සමග ඇති වුන භූමි කම්පා පිළිබඳ උනන්දුව නිසාවෙන් ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියට මා පළ කළ අදහසක් ගැන මතකයයි. මා එකල ලංකාවේ රස්සාවක් කරමින් සිටි අතර මෙම සුනාමි ඛේදවාචකය පිළිබඳ ඉමහත් උනන්දුවෙන් අධ්‍යයනය කරමින් සිටියෙමි. ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ තිබූ සුනාමි ඛේදවාචකය ගැන සටහන්/ කොමෙන්ටු තීරයේ මම ද සටහනක් තැබුවේ ඒ හැදෑරීම්වලින් මා වටහා ගත් යමක් හෙලිදරව් කිරීමේ අධ්‍යාෂයෙනි. මේ ඒ කොමෙන්ටුවයි. මා එය ලියා තැබුවේ ඉංගිරිසි බසිනි. Tue, 2005-01-25 13:12 — Dawson Preethi Can predict earth quakes related to tectonic plates? Indonesian plate is affected with gravitational force of moon. Full moon days gives considerable quakes. Can anybody predict the date which will exert maximum gravitational pull over these tectonic plates due to the arrangement of all heavy mass bod...

කලාව තුළ සැඟවුන දිව්‍යමය ප්‍රචණ්ඩත්වය

Image
එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ලලිත සමය නවකතාව වර්තමාන ලංකාවේ සංගීත කර්මාන්ත ක්ෂේත්‍රය මිනිස් විෂයේ ව්‍යුත්පන්නයක් ලෙස විසංයෝජනාත්මක කියැවීමකට ලක් කර ඇත. ලාංකීය සංගීතය තුළ පමණක් නොව විශ්ව සංගීත කලා කර්මාන්ත සයුර තුළ මතුපිට පවතින මිනිස් හැඟුම් ආලෝලන‍යේ සුමුදු රළ රැල යටින් දිව යන ප්‍රචණ්ඩත්වයේ දිව්‍යමය තරංගමය මානය එරික්ගේ අවිඥානය තුළින් ලිවීමක් බවට හරවා ප්‍රබන්ධයක ස්වරූපයෙන් අප වෙත පැමිණ ඇත. එරික් ගේ "චිත්‍ර කලාව සහ විචාරය" කෘතිය තුළින් ඔහු විදාරණය කරනු ලබන මානව චිත්‍ර කලාවේ විසංයෝජනාත්මක ප්‍රවේශයේ න්‍යායික කොටස අතහැර ලලිත සමය යනුම ආනුභවික සූත්‍රගත දැනුම් සම්භාරයක හෝ අනුභූතික දැනුමක ප්‍රකාශනයක් ලෙස නැවත වරක් ලාංකීය නවකතා කාල රේඛාවේ ස්ථානගත කරගත හැකිය. එරික්ගේ "චිත්‍ර කලාව සහ විචාරය" කෘතියේ පෝල් ක්ලී (1879-1940) ගැන වන සඳහනකින් එරික්-ලලිත සමය-සංගීතය-චිත්‍ර ශිල්පය-වෝල්ටර් බෙන්ජමින්-ස්ලාවෝ ජිජැක්-දිව්‍යමය ප්‍රචණ්ඩත්වය යන දාම ප්‍රතික්‍රියාව අවුලුවා ගන්නට සුදුසු උත්ප්‍රේරණයක් ලැබේ. උපුටනය ඇරඹුම ක්ලීගේ කලාව තුළ පවත්නා සංගීතරූපී සෞන්දර්ය අහඹුවක් නොවේ. ඔහුගේ කලා ජ...

කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" ෆ්‍රොයිඩියානු ත්‍රිකයේ සංකේතීය ප්‍රකාශණයක් ලෙස කියවීම

Image
කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" ෆ්‍රොයිඩියානු ත්‍රිකයේ සංකේතීය ප්‍රකාශණයක් ලෙස කියවීම සිංහල නවකතාව හුදු මධ්‍යම පාන්තික ස්ත්‍රී මනෝ ලිංගික අඳෝනාවල් සාහිත්‍ය බවට පරිවර්තනය කරන්නට දරන උත්සහයෙන් අවර්ණ වී ඇති යුගයකි මේ. අනෙක් අතට නව කතාවක් නැති නවකතා කළු අදහස් (සල්ලි) සුදු අදහස් (සල්ලි) කරන සූදු බිමක ආකාරයක් ගෙන ඇත. එවැනි සන්දර්භීය ලෙස වෙනස් ව්‍යාපාරික වස්තුමය දෙයක් බවට නවකතාව පත්වෙමින් පවතින මේ යුගයේ ඊට ප්‍රතිපක්ෂව හෝ පටිසෝතගාමී වෘතයෙන් නවකතා රචනයේ යෙදෙන්නන් ද ඉඳහිට හමුවේ. ඒ අතිශය අල්ප වශයෙනි. අලුත් ශෛලීන් සහ පුපුරුවා හැරීම් කරමින් නිර්මාණකරනයේ නැවුම් ආශ්වාදයෙන් ඔව්හු ඔත්පල වී ඇත. මංජුල වෙඩිවර්ධන "බත්තලංගුණ්ඩුව" හරහා ද ලියනගේ අමරකීර්ති "අටවක පුත්තු" හරහා ද කීර්ති වැලිසරගේ "මායා තීර්ථ" (මේ ගැන එතරම් කතා බහක් ඇති වී ඇත්දැයි මම නොදනිමි) හරහා ද ඒ කියූ පටිසෝතගාමී නිර්මාණාත්මක කැරලි ගැසීම් සිදු වී ඇත. මේ පුරුෂ නවකතාකරුවන් දෙතුන්‍ දෙනාගේ පහසින් සිංහල නවකතාව කිසියම් වර්ණයක් ලබමින් සිටිද්දී ය ජයතිලක කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" අප වෙත එන්නේ. පසුගිය කා...