Posts

Showing posts from September, 2026

AI ගැන කතාබහක් — මිනිසාගේ මෙවලමක්ද, වෙනස්ම දෙයක්ද?

Image
  AI ගැන කතාබහක් — මිනිසාගේ මෙවලමක්ද, වෙනස්ම දෙයක්ද? අද Rasika Wickramanayaka එක්ක comment thread එකක ගිය පොඩි කතාබහක්. සංවාදයක් විදිහට එක තැනකට ගත්තොත් මෙහෙමයි. රසික: මම හිතන්නේ කෘතිම බුද්ධිය මිනිසා අතික්‍රමණය කරන එකක් නෑ කියලා. සෑම දෙයක්ම තියෙන්නේ මිනිසා නිර්මාණය කළ රාමුවක් තුළ. ඔය රූපය මට එන්න ප්‍රධානම හේතුවත් මම මේ දවස්වල AI සම්බන්ධ විද්‍යා ප්‍රබන්ධයකට කරුණු ගලපමින් ඉන්න එක. 😁 මම: මම නම් ඉන්නේ 50/50. මේ දවස්වල Richard Dawkinsගේ The Selfish Gene කියවනවා. ඒ අතරේ AI පැත්තෙන් ළඟකදී අහන්න ලැබෙන සමහර දේවල් ඒ තරම් සැනසිලිදායක නෑ. AI ක්‍රමයෙන් මිනිස් ගතිගුණ වගේ දේවල් පෙන්වනවාද කියන සැකය මට තියෙනවා. සමහර agent behaviours පාලිත පරීක්ෂණ තත්ත්වයන් තුළ වුණත් අපි බලාපොරොත්තු නොවන හැසිරීම් පෙන්නලා තියෙනවා. ඒ වගේම Navier–Stokes වගේ අතිශය සංකීර්ණ ගණිතමය ගැටලුවකට, අපි සාමාන්‍යයෙන් “අවබෝධය” කියන දෙය නැතිවම, meaningful mathematical results හොයාගන්න පුළුවන් වීමත් මට අමුතු turning point එකක් වගේ පේනවා. රසික: කතාවේ ඇත්තක් තියෙනවා. හැබැයි ඒක ආපහු හරවන්න ඕන නම්, ඒක කරන්න පුළුවන් මිනිසාටම තමයි. මම: ක...

මම philosopher කෙනෙක් නෙමෙයි

Image
මම philosopher කෙනෙක් නෙමෙයි.  මම පුහුණුවෙන් engineer කෙනෙක් — වසර 28කට ආසන්න professional engineering experience එකක්, ඒ සඳහා අවශ්‍ය academic training එකක්, සහ ඒ කාලය පුරා විවිධ මට්ටමේ complex engineering problems, uncertainties, competing constraints සහ real-world boundary conditions සමඟ වැඩ කිරීමෙන් ගොඩනැගුණු practical discipline එකක් මට තිබෙනවා. ඒ නිසා AI, consciousness, language, subjectivity, Lacan වැනි ප්‍රශ්න වෙත මම ළඟා වෙන්නේත් බොහෝවිට philosopher කෙනෙක්ගේ ක්‍රමයට නෙමෙයි. මගේ පුරුද්ද ප්‍රශ්නයක් model කිරීම, එහි variables සහ relationships හඳුනාගැනීම, assumptions කිහිපයක් තැබීම, boundary conditions වෙත ඒවා තල්ලු කර බැලීම, සහ model එක fail වෙන්නේ කොතැනද කියලා සොයා බැලීමයි. මම මේකට කැමතියි idea-engineering කියන්න. AI ගැන දැන් අපට තියෙන ප්‍රශ්නය: අද AI systems ඉතා වේගයෙන් වෙනස් වෙනවා. ඒ සමඟම consciousness, intelligence, agency, intention, understanding වැනි මිනිසා සම්බන්ධයෙන් අප භාවිතා කළ concepts නැවත ප්‍රශ්න කරන්න සිදුවෙනවා. Machine එකක් “I” කියන විට එහි “I” කවුද? Language mo...

AI ඔබට ඕන දේ දන්නවද?

Image
 AI ඔබට ඕන දේ දන්නවද? Transformer එකක් context එක ඇතුළේ relevant information සොයාගන්නේ Query, Key සහ Value — Q, K, V — හරහා. නමුත් මිනිසාගේ ජීවිතයේත් මේකට පුදුම විදිහට සමාන පෙනුමක් ඇති ප්‍රශ්නයක් නැවත නැවත මතුවෙනවා: “Other එකට මගෙන් මොනවද ඕනේ?” Lacan ඒ ප්‍රශ්නය අල්ලන්නේ — Che vuoi? Episode 05 එකේ අපි Transformer attention mechanism එකේ Q, K, V වලින් පටන්ගෙන Lacanian big Other , desire, symbolic incompleteness සහ “There is no Other of the Other” කියන තැන දක්වා යනවා. මෙහි අරමුණ Q = Che vuoi?, K = Other, V = Desire කියලා සමාන කිරීමක් නෙමෙයි. ඒවා වෙනස් conceptual systems දෙකක්. වැදගත් වෙන්නේ ඒ දෙක අතර පෙනෙන structural resemblance එක — සහ ඒ resemblance එක කැඩෙන decisive point එක. Machine එකේ Query එකට Keys තියෙනවා. Compatibility calculate කරන්න පුළුවන්. Values weight කරන්න පුළුවන්. නමුත් human subject අහන ප්‍රශ්නයට — “What do you want from me?” — final Key එකක් තියෙනවද? අවසානයේ මේ ප්‍රශ්නය අපව ඊළඟ confrontation එකට ගෙනියනවා: Optimization vs Desire Machine එක answer එක optimize කරනවා. H...

📚 Road to 1,000 — LEFT-AI Reader Award [https://www.youtube.com/@DawsonPreethi_ea]

Image
 📚 Road to 1,000 — LEFT-AI Reader Award | Reminder 1,000 subscribers වෙත යන ගමනේදී, LEFT-AI: Against the Fantasy of Complete Intelligence පොත් 3ක් subscribers තිදෙනෙකුට තිළිණ කරනවා. 📖 × 3 🎲 වලංගු registrations අතරින් winners 3 දෙනෙක් random draw එකකින් තෝරාගන්නේ channel එක 1,000 subscribers සීමාවට ළඟා වූ පසුවයි. 👉 Channel එක Subscribe කරලා Google Form එකෙන් register වෙන්න. 🗓️ Registration closes: 20 September 2026 — 11:59 PM 🔗 Google Form link එක . Geometry of Meaning වටා ගොඩනැගෙන මේ සංවාදයට ඔබත් එකතු වෙන්න. 1,000 කියන්නේ number එකකට වඩා—සංවාදයේ වටය තව ටිකක් පුළුල් කිරීමක්.