Posts

Showing posts with the label කෙටිකතා

නොසිදුවීමක සිදුවීමක්

Image
(මෙම කෙටි කතාව ඇසුරින් නිෂ්පාදනය කොට 2008 සැප්. 5 දින රංගගත කළ කෙටි නාට්‍යයෙන්. සේයා- තුෂාර ධර්මවික්‍රම) එය මෙසේ ද සිදුවිය හැකි ය. ශාන්ත බමන හිසින් අවන්හලෙන් පිටතට බඩ ගා ගත්තේය. කාක්කෝ කුණු කඳු මත සිය ගොරහැඩි හොට ඔබමින් ඔබ මොබ සරන්නට වූහ. රුපියල් පනස් දාහක්... ශාන්ත යමක් මතක් කරගන්නට උත්සාහ කරමින් වැනෙන්නට විය. රුපියල් පනස්දාහක්...? මදි මදි... පනස් දාහක් මදි... මගේ ගාන එකයි පනහක්... ඒක තමයි අන්තිම... නැත්නම් වෙන අතක් බලා ගන්න මුදලාලි තරහ වෙන්න එපා... එකයි පනහ වැඩියි නේ ශාන්ත ... කරන්න තියෙන්නෙ සුළු වැඩක් නේ... ඇසිඩ් පාරක් විතරනේ... ඒ ඉස්සර... දැන් ඒ ගානට බැහැ මම කීවෙ වෙන අතක් බලන්න... ශාන්ත මේක ලොක්කගේ වැඩක්! ශාන්ත රූබන් මුදලාලි දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්නට වන. අරක්කු වඩිය කටට හලා ගත් ශාන්ත මුදලාලි අත වූ ඡායාරූපය උදුරා ගත්තේ ය. කොහෙද මෙයා... ලොක්කගේ ස්පෙයා වීල් එකක් ද ? නැහැ නැහැ එහෙම සීන් එකක් නොවෙයි... මොකක් වුනත් කමක් නැහැ මට හැත්ත පහක් ඕන... දන්නවනේ මුදලාලි මේකේ ගාන කීයද කියලා ? හරි හරි... හෙට වරෙන් ලලිත එකට... වෙන පින්තූරයක් නැද්ද? වෙන මුකුත් පින්තූර නැහැ... වීඩියෝ එකක් තියෙනවා......

පල්පීය කතාවක්

Image
පල්පීය කතාවක් අරවින්ද විරාගී තරුණයෙකි. කුමාරි සරාගී පෙනුමැති නිරාලම්බන මනසින් ජීවත් වන්නියකි. අරවින්ද කොණ්ඩා මෝස්තර කරුවෙකි. කුමාරී වාස්තු විද්‍යාඥවරියකි. ඔවුන් දෙදෙනා හමු වන්නේ වීදුරුවක එක පසය. ඔවුනොවුන් නිරීක්ෂණය කළ දේ වීදුරුවේ දෙපසය. වීදුරුවේ එක පාර්ශවයක රසදිය ආලේප කොට තිබුණි. අනෙක් පස කුමාරිගේ නිද්‍රාගත මුහුණ ද කෙස් වැටිය ද විය. රසදිය මතුපිට දෙදෙනාගේ බිඹු මුසු වී තිබුනි. රසදිය තලය මත රස පොලොව නිර්මාණය වෙමින් පැවතුනි. අරවින්ද බසයේ නැගී මරදාන වෙත එමින් සිටී. අරවින්ද කුඩා කල දුටු ගොඩනැගිලි තවමත් ඒ ඒ තැන්වල වයෝවෘධව නැගී සිටී. ඔහු එකල නොදුටු කුඩා ගොඩනැගිලි රාශියක් පසුගිය අවුරුදු දහය ප‍හළව තුළ මරදාන මහ මාර්ගයේ දෙපස නැගී ඇත. එනමුත් දැවැන්ත උස ගොඩනැගිලි කිසිවක් ඉදිවී නැත. එම මාර්ගයේ පර්චසයක් දෙකක් මිළට ගෙන කුඩා බයිසිකල් පොම්පයක් වැනි උඩට විහිදුනු බම්බු ගොඩනැගිල්ලක් හදනු විනා පැතිරුන වාස්තුවක් ගොඩනැගෙන්නට තරම් ආර්ථික ශක්තියක් එම පෙ‍දෙසේ ව්‍යාපාරික අවස්ථාවක් වෙනුවෙන් අත පොවන කිසිම ව්‍යාපාරිකයෙකුට නොමැති බව කුමාරි සෙමින් මිමිණුවාය. කුමාරි එක වරම මරදානේ අහසට නැගුනු ජරාජීර්ණ වෙමින් පැවති කලකට ප...

සූරිය කාන්තා

Image
සූරිය කාන්තා ”තරුණයා...! නුඹ විසින් දේවත්වයකින් සැලකිය යුතු කරඩුවක බහා පුද දුන් නොඉදුල් ආලය... අවමානයක් බවට පත් වීම කෙසේ නම් භුක්ති විද ගන්නෙම් ද...? අනෙක... නිමක් නැති පුරුෂ ඇසුරට ගිජු වූ ඇයගේ රතී රසය නුඹ වැන්නෙකුට තරම් වේද...? තුන් කල් ළගා කර ගත යුතු නැති... මෙවන් ස්ත‍්‍රීහු කිසිදු පෙම්වතෙකුට... කිසිදු ස්වාමිපුරුෂයෙකුට අනිවාර්යය අපකීර්තිය හා අභාග්‍යය ළගා නොකරන්නේ ද... ? එපමණක් ද... ? තරුණයා...! මේ දේ හොඳ හැටි... සිත තුළට ගනින්... මේ ලෝකයෙහි මිනිසුන් අතරේ අත්හැර දැමීමට නොහැකි කරදරකාරී පුරුදු දෙකක් තියෙනවා...එකක් පිරිමින්ගේ සූදුව...අනෙක ගෑණුන්ගේ වේසකම...” ගුණරත්න වික‍්‍රමගේ-පළමු හාදුව-ගිනි කූර කෙටි කතා සංග‍්‍රහය ”එක්ස් කියුස් මී කවුද සිල්වියා කියන්නේ?” ”මම තමයි සිල්වියා -එච් ආර් ඇසිස්ටන්ට් -කරුණාකරල මෙතනින් වාඩි වෙන්න ” සිල්වියා මට මුණගැහෙන්නේ මා රැකියාවට පැමිණි පළමු දිනයේම මගේ පෞද්ගලික ලිපිගොණුව සකස් කරන්නට ඇයට සිදුවූ නිසාය. කාර්යාලයේ නවීනතම පරිඝණක උපාංග අතර දිලිසෙන වීදුරු ක්‍යුබිකල් අස්සෙන් ඇය කඩිසරව ගමන් කරයි. ඇගේ සියුමැලි සිරුරේ පාණ්ඩු පැහැයත් කෙසඟබවත් මගේ සිත් ගත්ත...

දුහුදු වැල් -ඩෝසන් ප‍්‍රීති

දුහුදු වැල් මුනිදාස පුස්තකාලය වසන වෙලාව ආසන්න බැවින් දෛනික සටහන් පොතේ අවසන් ලේඛන වාර්තා තබමින් සිටියේ රාත‍්‍රී දහයට සිය පුත‍්‍රයා සමග අගනුවර ක්ලිනික් එකට යෑම ගැන කල්පනාවෙනි. 'අමලන්ත!' 'අමලන්ත!!' 'නැගිටින්න මෙක නිදා ගන්න වෙලාවක් නොවෙයි නිදා ගන්න තැනක් නොවෙයි පුතා මෙක ඉස්කෝලේ ! ඔයා ඉක්මනට ගිහින් මූනේ වතුර ටිකක් ගාගෙන එන්න මෙහෙම පංතියේ ඉන්න බැහැ නේ' 'අනේ මන්දා මෙ ළමයා රැට නිදි මර මර ටී වී බලනවා ඇති ඒකයි මෙ තරම් නිදා ගන්නේ...' මුනිදාසගේ පුතු අමලන්ත ගේ පාසැල් වැඩ සීඝ‍්‍රයෙන් දුර්වල වීමත් නිතර නිදාගැනීමත් අලසව සිටීමත් හේතුවෙන් පාසැලෙන් නිතර පැමිණිලි ආවෙන් මුනිදාස සිය බිරිඳ සමග අමලන්ත මනෝ වෛද්‍යවරයකු වෙත ගෙන යාමට තීරණය කලේ මීට සති තුනකට පෙරය. අද නොවැම්බර් දාහතය. ඒ ක්ලිනික් එකෙන් ලද දිනය වෙ. මානසික වෛද්‍යවරු හිග හෙයින් අගනුවර චිරප‍්‍රසිද්ධ වෛද්‍ය රුවන් රයිගම් කෝරලේ අල්ලා ගැනීමට මුනිදාස සිය පුස්තකාලයාධිපතිකම දිනකට වරා කොළඹ දැවැන්ත ක්ලිනික් එකක පෝලිමට වී සිටියේ රයිගම දොස්තර ගෙන් දිනයක් ගැනීමටය. මුනිදාස වැනි තවත් බොහෝ අය සුවපහසු ආසනවල ඇන ති...

Metamorphosis නොහොත් රූපාන්තරණය

Metamorphosis නොහොත් රූපාන්තරණය මම උදෑසන පිබිදුනේ විද්‍යුත් චුම්බක තරංගයක් ලෙසිනි. මගේ සිරුර හරියටම අංශක අනූවකට ඉගටිය ලගින් දෙකට බෙදී තිබුනා. සිරුරෙ උඩ කොටස අධික වේගයකින් කම්පනය වෙමින් පහල කොටස සමග සාපේක්ෂ මාරාන්තික චලිතයක යෙදී තිබුනා. ඒත් මට හරි සතුටක් දැනුනා. විද්‍යුත් මාධ්‍යය තුලට රිංගා ගත හැකි වෙන කිසිම වැඩ පිලිවෙලක් මට තිබුනේ නැති නිසා මේ දුක කුමන සැපක්දැයි මටම හිතෙන්න පටන් ගත්තා. අල්ලපු ගෙදරින්ම පටන් ගත යුතු යැයි සිතුනෙන් ඉක්මනට කලිසමක් දාගෙන අතට අහු උන සැඳෑ ගමනකට උචිත මගේ එකම වස්ත‍්‍රය ඇග ලා පාවී ගොස් කොස් ගහ මුදුනේ සුලගට පැද්දෙන කබල් ඇන්ටනාවෙන් ඔවුන්ගේ රූපවාහිනියට රිංගා ගත්තා. "මෙන්න යකඩො අල්ලපු ගෙදර මනතුංගයා අද ටීවීයෙකේ " "මොනවා මොනවා මනතුංග! මේ යකා කොහෙන් මේකට රිංග ගත්තද ? හප්පා මුගෙ ආඩම්බර කම උජාරුවට ඉන්න ලක !? කනක්කැහිලා ඉන්න ලැබෙන එකක් නැහැ ඔන්න අර වඩිගපටුනෙන් ! මහ කෝලම වැඬේම මහත්තයගේ පම්පෝරිය දිග ඇර ඇර ඉන්න එක... දැං ඉතින් මාසයක්වත් යනකං වැට අද්දර මල් පැල ටිකට වතුර දමයි උදේ හවස ..." චැනලය මාරු කලෙන් මට කිසිවක් කර කියා ගත හැකි නොහී ආ පාරෙන්ම ...