බිලේනියම්
බිලේනියම් මම මට අයිති ගහ කොළ මල් වැල් වෙනුවෙන් ඔවුනට මිල දී නැවත මම සතු කර ගතිමි මම මට අයිති මහ පොලොව දිය ඇලි කඳු සිඛර වෙනුවෙන් ඔවුනට මිල දී නැවත මම සතු කර ගතිමි මම මට අයිති හිරු එළිය මද පවන සියොත් ගී රාවය වෙනුවෙන් ඔවුනට මිල දී නැවත මා සතු කරගතිමි මම බිලේනියම් සිටියේ නිවසක පදිංචියට ආවෙමි. ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2009/02