සත්‍යවාදියකුගේ දිනපොත-1986 ජුලි 18
1986 ජුලි 18
හෙමින්වෙ මිය ගියේ වසර 25 කට පෙර අද වැනි දිනෙකය. එය අද පුවත්පතක පළ වී තිබිණ. ඔහු කියුබාවෙ වාසය කළ කාලයේ දී කස්ත්‍රෝට කී කතාවක් කොහේදෝ පුවත්පතක හෝ සගරාවක පළ වූ බව මට මතකය. ඔහු කීවෙ අද විප්ලවවාදීන් අවශ්‍ය යුගයක් බවය. ඇත්තෙන්ම එදාටත් වඩා අද විප්ලවවාදීන් අවශ්‍යයැයි මට සිතේ. එදාටත් වඩා අද දුප්පතුන් පීඩිතයන් පෑගීමට ලක්ව ඇති කාලයකි. ලෝකයේ බොහෝ රටවල තත්වය එයයි. පීඩිතයන්ගේ නැගී සිටීම වලක්වාලීම සඳහා මර්ධනය අද එදාටත් වඩා රුදුරුය.
සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක
හෙමින්වෙ මිය ගියේ වසර 25 කට පෙර අද වැනි දිනෙකය. එය අද පුවත්පතක පළ වී තිබිණ. ඔහු කියුබාවෙ වාසය කළ කාලයේ දී කස්ත්‍රෝට කී කතාවක් කොහේදෝ පුවත්පතක හෝ සගරාවක පළ වූ බව මට මතකය. ඔහු කීවෙ අද විප්ලවවාදීන් අවශ්‍ය යුගයක් බවය. ඇත්තෙන්ම එදාටත් වඩා අද විප්ලවවාදීන් අවශ්‍යයැයි මට සිතේ. එදාටත් වඩා අද දුප්පතුන් පීඩිතයන් පෑගීමට ලක්ව ඇති කාලයකි. ලෝකයේ බොහෝ රටවල තත්වය එයයි. පීඩිතයන්ගේ නැගී සිටීම වලක්වාලීම සඳහා මර්ධනය අද එදාටත් වඩා රුදුරුය.
සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක
Comments
සුනිල්ල විනීල හිරු පටන් ගත්ත. ලංකා පත්තර ඉතිහාසයේ මිනිස්සුන්ගෙ සල්ලි එකතු කරලා පටන් ගත්ත පළමු පත්තරේ ඒකයි. ඇතුළෙ මොනා වුණාද මම දන්නෙ නැහැ. මුලින්ම විනී අයින් වුණා. සල්ලි ප‍්‍රශ්නයක් කියලයි ආරංචි වුණේ. හිරු ගෙන් අයින් වීම ගැන විනී මොකද්දෝ පත්තරේකට කතා කරලා තිබුණා. ඊළඟ සුමානෙ සුනිල් මාදව උත්තර දීලා තිබුණා. ”හිරු පත්තරේ මුදල් වියදම් කළ ආකාරය ගැන කාටවත් උත්තර දෙන්න අපි බැඳිලා නැහැ” සුනිල් කෙළින්ම කියලා තිබුණා. එදා පළමු වතාවට මට සුනිල් ගැන අප‍්‍රසාදයක් ආවා. මහජනතාවගෙ සල්ලි සතෙන් සතේ එකතු කරලා පටන් ගත්ත පත්තරයයකට ඒ ප‍්‍රකාශය කොයි තරම් ගැලපෙනවද කියල මට හිතුණා. හිරු පටන් ගන්න තමන් දාඩිය මාංසියෙන් හම්බ කළ සතේ දෙක දීපු පොඩි මිනිස්සුන්ට නේද සුනිල් මේ පහර ගැහැව්වෙ කියල මට හිතුණ.
බොහෝ මිනිසුන් ලියන දේත් ඔවුන් සැබැවින්ම ක‍්‍රියාවට නගන දේත් අතර මහා පරස්පරයක් තිබෙන බව මම පළමු වතාවට අවබෝධ කර ගත්තෙ එදා.
කමක් නැහැ. ඒත් තාමත් මං සුනිල් මාධවට ආදරෙයි.
පෙරදිග සුළං ජනවාරි පෙබරවාරි කලාපය පිටුව අංක 47 න් උපුටනය
මාක්ස්වාදයේ ප‍්‍රචණ්ඩත්වය
1917 දී සාර්ගෙ පවුල මරා දැමීමට ලෙනින් නියෝග කළා නේද ? මාක්ස් , කැස්ත්‍රො, චෙ , විජේවීර වැනි විවිධ පන්නයේ සමාජවාදීන් අතින් විවිධ ප‍්‍රචණ්ඩත්වයන් බිහිවෙනවා නේද ?
දැන් යමෙක් අපෙන් ප‍්‍රශ්න කරන්ට පුළුවන් මහත්වරුනි අපි නොදන්න ඔබලාගේ අහිංසාවාදය යනුවෙනු අපට කිව හැක. උපන් දා සිට මෙ සමාජයේම ජීවත්වන අපට අප වටා සිටින ඔබලාගේ ක‍්‍රියාකලාපයන් අමතක වී නැත. ලංකාව වැනි රටකදී මෙය වැඩියෙන් හාස්‍ය ජනිතකරවන කථාවකි. ජාතිවාදී කෝලාහල හා මිනීමැරීම් , වැට මායිමට ඇණකොටා ගැනීම්, බස්වල ජැක් ගැසීම් ,ආසනවලට ගුටි කෙළ ගැනීම් , ගැහැණුන්ට ගුටි කෙළ ගැනීම් , රස්සාවලට පෙත්සම් ගැසීම් , අරක්කු බීගත්විට මරා ගැනීම්, වෛද්‍යවරු -වෛද්‍යවරු මරාගැනීම් ,නීතීඥයින් -නීතීඥයින් මරා ගැනීම්, හාමුදුරුවරු -හාමුදුරුවරු මරා ගැනීම් ආදී සකල ආකාරයේ ශාරීරික මානසික ප‍්‍රචණ්ඩත්වය පිරී ඇති රටක සහ තමන් අවට ඇති විවිධ ආකාරයේ අසාධාරණයන් හා ප‍්‍රචණ්ඩත්වයන් නොදුටුවා සේ සිටින නපුංසක රටකදී මාක්ස්වාදයේ ප‍්‍රචණඩත්වය ගැන හෝ විප්ලවවල හිංසනය ගැන කතා කිරීම මොනවගේ විහිළුවක් ද ? ඔබ ඉදිරියේ ඇති යථාර්ථයට ඇස් දෙක පියාගෙන ඉන්න කොපමණ කාලයක් නම් පුළුවන්ද ? මෙ වගේ විවෙචනවල විලාසිතාමය අගයකට වඩා ගත යුතු දෙයක් නැහැ. ධනපති පංතිය සන්තෝෂයෙන් මෙ සමාජ ක‍්‍රමය සූරා කෑම අහෝසි කරන අලුත් සමාජ ක‍්‍රමයකට පරිවර්තනය කරන්න එකග වෙනවා නම් අපිටත් පුළුවන් "හරි ෂෝක්" කියන්න. නමුත් ධනපති පන්තිය අතරෙවත් බලය සාමකාමීව හුවමාරු වෙන්නේ නැතිකොට ඒක පන්ති දෙකක් අතරෙ කොහොමටවත් සාමකාමී වෙන්නේ නැහැ.
පෙරදිග සුළං සම්පූර්ණයෙන් කියවීමට මෙතැනට යොමු වී පිටපතක් ගෙන්වා ගන්න පුළුවනි. අන්තර්ජාලයේ කියැවීමට එම ලේඛන තවම නොමැති හෙයිනි.
http://www.peradigasulan.org/