රාජිනී-පමිත ආර් ලියනගේ

රාජිනී

නිවුන් සොයුරු පෙම
සිර වී දෙතැනක
කඳුළු ගණින විට
දිනුවෙ කවුරු ද

වැඩහිටි කන්දෙන්
සුපිපුණු ඉරමල
හිනැහුණු අන්දම
අමතක වෙනව ද

උතුර දකුණ දුර
අඩුවෙන දවසක
නෑගම් එන්නට
අමතක වෙනව ද

පමිත ආර් ලියනගේ
ආදරය සහ සඳ එළිය 2008





සූරිය කඳු වලප

අවාරයේ අකුණු සරින්
සමනල තටු බිඳුණා
සූරිය කඳු හිස මුදුනින්
හිරු පර වී වැටුණා

කාකි අඳුර ගෙට එනකොට
තරු කඳුලින් පෙගුණා
වළවෙ ගං දෑල පවා
ඉකිලන හඩ ඇසුණා

දුක් කඳුලින් ගෙත්තම් කළ
මල සුවසේ වැඩුණා
මල පීදි එන්නට පෙර
නටුවට වෙඩි වැදුණා

පමිත ආර් ලියනගේ
ආදරය සහ සඳ එළිය 2008

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු