සත්‍යවාදියකුගේ දිනපොත-1986 ජුලි 17
1986 ජුලි 17
පෝය ළග විය යුතුය. අඩ සඳ පායා ඇත්තේ එනිසාය. සඳ වටා තරු කීපයක් ද ඇත. එහෙත් සඳ තරු පෑයූ රාත‍්‍රියේ කිසිම සුන්දරත්වයක් නැත. කවි සිතුවිලි පහළ වන්නේ ද නැත. සඳ තරු ගැන කවි ලියූ යුගය ගෙවී ගොස් බොහෝ කල් යැයි මට සිතේ. මෙබඳු රාත‍්‍රීන් හිදී දැන් නෙත ගැටෙන්නේ මහා බියකරු දර්ශනයන්ය.
අපගේම දැරියන් අපගේම සහෝදරියන් සල්ලාල ධනපතීනට ගොදුරුවන්නේ මෙබඳු රාත‍්‍රියන්හි දීය.
ඊයේ රාත‍්‍රියේද මෙලෙසම අඩ සඳ පායා තිබිණ. සඳ වටා තරු කීපයක් ද තිබුණ බව මට මතකය. මෙ සියල්ලක්ම මා දුටුවෙ අවන්හලින් එළියට බසින මොහොතේදීය. සුරා විතක් තොල ගෑමෙ අරුත විකාර දේවල් දැකීම නොවෙ. ඇතැම් විට සැබෑම සත්‍යය දකින්නේ එබඳු අවස්ථාවල දීය.
මා වෙත පැමිණි දැරියක් කිසිවක් ඉල්ලා සිටියාය. ඇයට අවුරුදු දොළහකට දහතුනකට වඩා වයස නැතැයි සිතේ. මගේ සාක්කු ද හිස් ය. ඇය කිසිවක් නොදොඩා ඉවතට ගියාය. අසල නවතා තිබූ මෝටර් රියක් වෙත ගිය ඇය එතුළ සිටියවුන්ගෙන් පිනට යමක් ඉල්ලන අයුරු මම දුටුවෙමි. මිනිත්තු කීපයක් යන තුරුම ඇය එතැන සිටියාය.
"..............අනේ මහත්තය....... මම එහෙම එකෙක් නොවෙයි. මට කීයක් හරි දෙන්න. පිං සිද්ද වෙයි......."
ඇය බැගෑපත් වන අයුරු මම දුටුවෙමි. වැඩි වෙලාවක් ගත වූයේ නැත. ඇය රියට ගොඩ වූ අතර සුරුස් ගා වාහනය නොපෙනී ගියේය. මගේ හිතට සිහින් වෙදනාවක් ඇති විය. ඒත් මොනවා කරන්න ද ? මෙය අපගේ යුගය නොවෙ. දුප්පත් දැරියන්ගේ යුගය ද නොවෙ. අහිංසක දැරියන් ගණිකාවන් කරන යුගයයි.
සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Comments
(Like us) :D
මම මෙක මෙතන දාන්නෙ මෙක නොකියවපු සහ කියවපු කාටත් කියවන්න.
මෙ වගේ නිදහසේ දේවල් ලියා තබා ඔනම කෙනෙකුට ඔනම තැනක ඉඳන් කියවන්න සලස්වන්න පුළුවන් කමෙන් ප‍්‍රයෝජනයක් ගන්න මට හිතුන නිසා.
අද අපි හිතන ලියන දේවලට වඩා ඉහල මානුෂිකත්වයකින් ලියන ලද දේවල් අපි කාටත් කියවීමෙන් වඩාත් හොඳ දැක්මක් නිර්මාණය කරගන්න උදවු වෙයි කියලත් මට හිතෙන නිසායි මෙවා මම මෙතන පළ කරන්නේ.
දැනට මම මෙහෙම කරන් යනවා අඩුගානේ මෙ දාන දාන කොටස් හරි කාට හරි කියවන්න ලැබෙනවානේ.
මට ලැබෙන ඉඩකඩින් මම උපරිමය කරන්නේ දැනට.
ස්කෑන් කරලා පීඩීඑෆ් එකක් කරන්න ඇත්නම් හොඳයි. නමුත් මට ඒකට එක දිගට කැප කරන්න කාලයක් නැහැ නේ.
බලමු කවුරු හරි කාලයක් ගිහින් මෙ ටික එකතු කරාවි. එතකන් පියවරක් හරි ඉස්සරහට තියමු හෙමින් හෙමින්...