සත්‍යවාදියකුගේ දිනපොත -1986 ජුලි 22

1986 ජුලි 22

ආමර් වීදියේ කපුටන් වහන ගහ යටට අළුත් සිගන්නියක් ඇවිත්. මට එය තේරුම් ගියේ අද දහවල් එතැන ඇති වූ දෙබසකින්.

"දැන් මෙකද කරන්නේ?" මහළු ගැහැණිය ළගට පැමිණි තවත් මහළු ගැහැණියක් ඇසුවාය.

"ඔව් අනේ. වෙන මොනව කරන්න ද? ජීවත් වෙන්නත් එපායැ......."

"දුව කරන්නෙත් ඔය රස්සාවම නේද? මට ඊයේ පෙරෙදා මරදානෙ දී හම්බ වුනා."

"ඔව් ඒකිත් දැන් හිගමනට බැහැල. ඒකිට දරුවො හතර දෙනෙක් ඉන්නවනේ "

මගේ පපුව හෝස් ගා දැවී යන්නාක් මෙන් දැනිණ. මම මුළු ලොවටම සාප කරමි.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Comments

Ramindu Perera said…
අවුරුදු විස්සකට විතර ඉහතදී ලියවුන සටහන් වුනත් ඒවා අදටත් මේ මොහොතටත් කෙතරම් අදාලද යන්න තේරුම් යාම ඇත්තටම සිත් ගන්නා සුලු අත්දැකීමක් නෙමෙයිද?ඩෝසන් සහෝදරයා පුලුවන් නම් හිරු පත්තරේට ලියපු කාලේ සුනිල් ගේ සත්‍යවාදියෙක්ගෙ දිනපොත සටහන් තිබේ නම් ඒවාත් පල කරන්න

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු