ස්වරය-සුනිල් ලීවානගේ

ස්වරය

වැහැරී ලප කැළැල් වැකි
යොවුන් සඳවත දුටිමි.
කම්හල් කහට නැවතුණ
රතු මතු නො කළ රතැඟිලි
නැවුණු ඉරි යළිදු නො මැකෙන
පොඩිවුණු කමිසය තුළ
හැඳිනිමි ගැලූ දහදිය සුවඳ.
සමනළ පන්ති අතහැර
සහතික දමා පා පිස්නාව
උදෑසන හිරු රැගෙන
නිලූනයනියේ ඔබ හඬවන
කම්හල් යතුරු ස්වර


සුනිල් ලීවානගේ

http://www.silumina.lk/punkalasa/20090215/_art.asp?fn=ar09021514



Comments

ඩෝසන් said…
මට ලියන්න වෙලාවක් නැහැ. මම ලියන ඒවා ඒතරම් ලස්සනවත් වැදගත් කමක්වත් නැහැ.

නිකම් මිනිස්සුන්ගෙ වටින කාලය නාස්ති කරනවට වඩා මෙ වගේ දවස්වල කරන්න ඔන මට හිතෙන හොඳ ඒවා ටයිප් කරලා මෙතන දාන එක...

ඒකත් හොඳ වැඩක්නේ නැත්නම් මෙ වගේ වැඩිය නෙට් එකේ ප‍්‍රසිද්ධ නැති ඒත් පත්තරවල කවි ලියන අයව හඳුන ගන්න ඔය අයට ලැබෙන ඉඩකඩත් අඩුයි නේ...

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු