ධර්ම චක‍්‍රය-ලක්ශාන්ත අතුකෝරල
ධර්ම චක‍්‍රය
පච්චා කොටන තැන
මකර රූ - කිනිසි - සරපයි
හෙළුවැලි ගෑණු අතරින්
උඹ තෝරා ගත් පච්චය
ධර්ම චක‍්‍රය
සෝමෙ පුදුම මිනිහෙක් උඹ
හිනා නොවෙන - නොහඩන
බලන්නන් බැල්මෙන් බය කරන
මන්ත‍්‍රී ළගවත් නොනැමෙන
තර තළෙළු මූණ - රතු ඇස්
කළු උඩු රැවුල කහ දත්
කුණු හරුප ගෝරනාඩුව සමග
තිබුනාට පපුව මත ධර්ම චක‍්‍රය
තිබුණාද ධර්මයක් පපුව යට?
බූරු පෙතකුදු නාරින
මඩම් අස්සේද රිංගන
ඉඳහිට හිරෙත් යන
උඹටත් හැබෑටම තිබුණ ද?
මොකක් හරි ධර්මයක් අදහන
හෝටල් ළග - සැලුන්වල
සති පොලේ - වින්කලේ - විට කඩෙ
ගැවසෙන - පච කෙළින
මස් කන - අරක්කු බොන - ගංජා උරන
සෝමෙ පුදුම මිනිහෙක් උඹ
ඒරියා එකේ බජාර් එකේ
කාට වුණත් අත තිබ්බොත්
අගල් හයක් බස්සනවා කියන
සෝමසිරි උඹ
එහෙම බැස්සූ බවක් නම්
අසා නැත අප
එනමුදු අසා ඇත
වීදියේ බලු පැටව් වඩාගෙන
දෙගොඩහරි ජාමෙත් උඹ
මස් කොත්තු කවන වග
කප්පම් ජෙරාගෙ සව්වන්ට
අහුවුණු තැන තලන
සෝමෙ පුදුම මිනිහෙක් උඹ
මුඩුක්කුවෙ පොඩි උන්ට
පොත් පත් තෑගි ගෙනියන්න
ජැටියේ අල ගෝනි උස්සන
දාඩියෙන් පෙගී - මවිල් අස්සෙන්
දිලිසෙනවා සෝමසිරි
ධර්ම චක‍්‍රය
උඹෙ පපුව මත
ලක්ශාන්ත අතුකෝරල
යටි වියන 2007
පච්චා කොටන තැන
මකර රූ - කිනිසි - සරපයි
හෙළුවැලි ගෑණු අතරින්
උඹ තෝරා ගත් පච්චය
ධර්ම චක‍්‍රය
සෝමෙ පුදුම මිනිහෙක් උඹ
හිනා නොවෙන - නොහඩන
බලන්නන් බැල්මෙන් බය කරන
මන්ත‍්‍රී ළගවත් නොනැමෙන
තර තළෙළු මූණ - රතු ඇස්
කළු උඩු රැවුල කහ දත්
කුණු හරුප ගෝරනාඩුව සමග
තිබුනාට පපුව මත ධර්ම චක‍්‍රය
තිබුණාද ධර්මයක් පපුව යට?
බූරු පෙතකුදු නාරින
මඩම් අස්සේද රිංගන
ඉඳහිට හිරෙත් යන
උඹටත් හැබෑටම තිබුණ ද?
මොකක් හරි ධර්මයක් අදහන
හෝටල් ළග - සැලුන්වල
සති පොලේ - වින්කලේ - විට කඩෙ
ගැවසෙන - පච කෙළින
මස් කන - අරක්කු බොන - ගංජා උරන
සෝමෙ පුදුම මිනිහෙක් උඹ
ඒරියා එකේ බජාර් එකේ
කාට වුණත් අත තිබ්බොත්
අගල් හයක් බස්සනවා කියන
සෝමසිරි උඹ
එහෙම බැස්සූ බවක් නම්
අසා නැත අප
එනමුදු අසා ඇත
වීදියේ බලු පැටව් වඩාගෙන
දෙගොඩහරි ජාමෙත් උඹ
මස් කොත්තු කවන වග
කප්පම් ජෙරාගෙ සව්වන්ට
අහුවුණු තැන තලන
සෝමෙ පුදුම මිනිහෙක් උඹ
මුඩුක්කුවෙ පොඩි උන්ට
පොත් පත් තෑගි ගෙනියන්න
ජැටියේ අල ගෝනි උස්සන
දාඩියෙන් පෙගී - මවිල් අස්සෙන්
දිලිසෙනවා සෝමසිරි
ධර්ම චක‍්‍රය
උඹෙ පපුව මත
ලක්ශාන්ත අතුකෝරල
යටි වියන 2007
Comments
සාදයේ හුන් සියල්ලන් එතුවක් කල් ඇසුරු කළ සහෘදයාගේ සැබෑ රුව දුටුවෙ එදාය...
උදාහරණයක් ලෙස ඊමේල් වලින් සංසරණය කිරීම සඳහා?
මම මෙතන කොපි කරන දේවල් කවුරු විසින් කුමන ආකාරයකින් හෝ නැවත කොපි කර මිනිසුන් අතරට යැවීම මම ඉතාම අගය කරනවා.
මගේ නිර්මාණ හෝ මවිසින් උපුටන අන් අයගේ නිර්මාණ ද එලෙස නිර්මාණය කරන්නට හේතුව ද මිනිසුන්ගේ කියවීම සහ මිනිස් ක‍්‍රියාකාරිත්වයකට බැවින් ඒවා ඒ අරුතින් වඩාත් මිනිසුන් වෙත ගෙන යාමෙ ඔනෑම කෙනෙකුගේ අභිප‍්‍රාය මගේ සතුටට හේතු වෙ.
උපුටා ගැනීමට සියලු අවසර සියල්ලන් වෙත ඇත.