Posts

Showing posts from November, 2026
Image
කැල්කියුලස්: චලනයෙන් අවකාශයේ ජ්‍යාමිතියට, එතැනින් විශ්වයේ ගණිතමය භාෂාවට Calculus: From the Paradoxes of Motion to the Mathematical Language of the Universe මිනිසා තම අවට ලෝකය තුළ සිදුවන නානාප්‍රකාර වෙනස්වීම, අතිශය මනසට අගෝචර අනන්තය සහ අවකාශය තේරුම් ගැනීමට දැරූ වසර දෙදහසකට වැඩි ගණිතමය උත්සාහයේ කතාවයි මේ. ග්‍රීක ප්‍රහේලිකාවල සිට නූතන භෞතික විද්‍යාව හරහා නූතන විශ්මය වන AI දක්වා, සෑම ප්‍රධාන පියවරක්ම එය විසඳීමට උත්සාහ කළ ගැටලුව සමඟ බලමු. මෙය අතිශය සරල කළ සමස්තයෙන් කොටසකි.  චලනය සහ Zeno ගේ ප්‍රහේලිකාව කිලෝමීටර් 20ක් පැය භාගයකින් ගමන් කළ මෝටර් රථයක සාමාන්‍ය වේගය 40 km/h යි. එහෙත් නිශ්චිත මොහොතක වේගය කීයද? මේ ගැටළුව අපි සාමන්‍ය පෙළ විද්‍යාව විශයේ සිට උසස් පෙළ දක්වා චලිතය ගැන කතා කරද්දී පැන නැගුණු ගැටළුවකි. නමුත් චලිතය පිළිබඳ කුතුහලය වසර දහස්ගනණක් පැරණිය.  පුරාණ ග්‍රීසියේ Zeno චලනය හා අනන්ත බෙදීම පිළිබඳ ප්‍රහේලිකා ඉදිරිපත් කළේ මෙවැනි ගැටලුවල පසුබිමකයි. ඔහු ගෙන ආ ගැටළුව වඩාත් ප්‍රබන්ධාත්මක වුව ද එය වර නගන්නේ සීමාවක් පිළිබඳ අදහසකි.  Achilles වේගයෙන් ගමන් කරන්නෙකි. ඔහුට වඩා මීටර් සී...