ලවණෙන් උපන් ලවනෙහි මියෙම්
අහස උසට දිය රැල්ලක්
වලාකුළක හැපී
නැවත පොලව දෙසට ඇදී
කිඳී සිඳී බිඳී රළ පෙණ කැටිති
උපදියි මා සිත නැවුම් අකුරු සිකුරුවන්
යොන් කුසින් ජල කඳින් ලවණ, ගැබ්බර වෙමින්
තෙමෙමි මම; මගේ දෑත් ලවණ සුවඳයි, එයම රස වෙයි
ගල්මල්- හිරිගල්- සිප්පි කවච මුසුව එන සොබාදම් සුවඳමය
නැහැය පිරීයන ගත පොපියා යන රළ කදම්බයේ තාවර සැපකි
සියොළඟම තවා යන
තුරුලක- පහසක හිස්තැන පුරවා ලන
ගැහැණියක සේ දිසෙයි පොල්හේන වෙරළ මහ ජල කඳ
රමණයකි එහි කෙළින ජල කෙලිය සැඳෑ කල
සඳ වතත් කඩා හැලෙයි; ගල්මල් පරය මත සුණු වෙයි
කැබලි සඳ වැතිරෙයි සඳ පහන් විලසින්
ශෘංගාරාත්මක එලි දැල් වෙයි හාත්පස
ගිලෙමි පතුලට මුහුදු රොන්මඩ ඇතිරුන; සුරතාන්තාවසාන
කැලතෙන, කැලතී සිප්පි ගල්මල් කැබලි ඇවිස්සුන
මුහුදු පතුලේ තිත්තකඩ මාළු පැටවුන් ඔබ මොබ නලියන
ඉකිරියෙකි දෙන්නෙකි බඩගාන දිරූ පොල් මුලක දැවටෙන
බියකරු සිහින ගෙන දෙනු පිණිස සැදී පැහැදී ඉන්න අහිංසක වධක මාරය!
මට නුඹත් වෙරළත් වෙන් කළ නොහැක;
නපුරු වුවද කෙතරම් නුඹ සිනිඳු කටු විසිරුණු ඇඟ මතුපිට
ගැහැණියක සේ පරිපූර්ණය, ඇති විට මේ සොඳුරු නපුරුකම සයුරට
මතුපිටට එමි; මතුව දි...