හිරුගේ ලොවේදී අපි හමුවෙමු


හිරුගේ ලොවේදී
අපි හමුවෙමු


බැලුවෙමි මම ඈ දෙස
ඇගේ සුරත ගැලවී
පාවී සැණින්
මා ඇසේ ගැටුනි

මම ඇය දෙස
නැවත බැලුවෙමි
ඇගේ වමත ගැලවී විත්
මා ඇසේ ගැටුනි

මම ඇය දෙස නැවතත් බැලුවෙමි
ඇගේ පියයුරු ගැලවී
මගේ දෙනෙතේ ඇලුනි‍
දෙනුවන් වැසූ රාත්‍රියේ සිර කුටිය සිහි විය

මම නැවත කිසිවිටෙකත්
ඈ දෙස නොබැලුවෙමි

මා සි‍ටියේ බලද්දී
බලන දෙය
වෙනස් වන ලොවකය....

ක්වොන්ටම් ලොවකය....


ඊ ඒ ‍ඩෝසන් ප්‍රීති
06/2010

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු