නො ඇසූ කන් වලට
අරුන්දතී.... අපි තාමත් හුඟාක් ඈතයි හුඟක් හුඟක් හුඟාක් ඈතයි මට කුමාරිගේ කවි පොත රුපියල් හයසිය පණහක් වීම ගැන ඒ ගැන ඇසූ මොහොතේ පටන් ම ඉහේ රුදාවක් ඇති කළේය. එමෙන් ම ඈ කවි කර ඇති පරිදිම, අපි තාමත් අරුන්දතීලාට හුඟක් හුඟක් හුඟාක් ඈතයි යන වදන මගේ දෙසවන කරා මිමිණී ගොස් ඔලුවේ කැරලි ගසන්නට විය. සුණු විසුණු වී ගිය ජීවිත සුඛෝපභෝගි වර්ණ පිටු අතර කවි වන්නේ කෙසේදැයි මට සිතාගත නොහැකි විය. නැවතත් සිහි වූයේ මේ කවි පොත ඒ කවි වලින් පිදිය යුතු එකුදු හදවතකට ලං විය නොහැකි දුරකින් හුඟක් හුඟාක් ඈතින් ස්ථානගත වී ඇති බවයි. ඒ කවිය නම් වූ සාහිත්‍යාංගයක් ඒ හා සමාන පරිමාණයෙන් නැතිනම් මෙගා පරිමාණයෙන් විකුණ ගත හැකි අතිශය සුඛෝපභෝගි භාණ්ඩයක් හෝ සේවාවක් නොවන වග දැන දැනත්, අනෙක් අතට උතුරේ මෑත අතීත විත්ති කවි කර දකුණට විකුණන්නට ඇයට එතරම් ප්‍රාග්ධනයක් යට කරන්නට හේතු වූ පාරිභෝගික-පාරිභෝජන සමාජයේ යටිපෙළින් ක්‍රියාත්මක වන ආසන්න වශයෙන් හෝ සැබෑ තතු මොනවාදැයි යනාදී වශයෙන් හට ගත් කළකිරීම් මුසු විචිකිච්චාමය සිතිවිලි නිසාවෙනි. එනයින් කවිපොත හෂිත සොයුරාගෙන් ලද දිනයේ සිටම ඒ කවිපොතේ ඇතුළත් පිටත් සුපරීක්ෂාකාරීව නිවැරදිව කියැවීමේ අතිශය...