Posts

Showing posts from October, 2010

නො ඇසූ කන් වලට

Image
අරුන්දතී.... අපි තාමත් හුඟාක් ඈතයි හුඟක් හුඟක් හුඟාක් ඈතයි මට කුමාරිගේ කවි පොත රුපියල් හයසිය පණහක් වීම ගැන ඒ ගැන ඇසූ මොහොතේ පටන් ම ඉහේ රුදාවක් ඇති කළේය. එමෙන් ම ඈ කවි කර ඇති පරිදිම, අපි තාමත් අරුන්දතීලාට හුඟක් හුඟක් හුඟාක් ඈතයි යන වදන මගේ දෙසවන කරා මිමිණී ගොස් ඔලුවේ කැරලි ගසන්නට විය. සුණු විසුණු වී ගිය ජීවිත සුඛෝපභෝගි වර්ණ පිටු අතර කවි වන්නේ කෙසේදැයි මට සිතාගත නොහැකි විය. නැවතත් සිහි වූයේ මේ කවි පොත ඒ කවි වලින් පිදිය යුතු එකුදු හදවතකට ලං විය නොහැකි දුරකින් හුඟක් හුඟාක් ඈතින් ස්ථානගත වී ඇති බවයි. ඒ කවිය නම් වූ සාහිත්‍යාංගයක් ඒ හා සමාන පරිමාණයෙන් නැතිනම් මෙගා පරිමාණයෙන් විකුණ ගත හැකි අතිශය සුඛෝපභෝගි භාණ්ඩයක් හෝ සේවාවක් නොවන වග දැන දැනත්, අනෙක් අතට උතුරේ මෑත අතීත විත්ති කවි කර දකුණට විකුණන්නට ඇයට එතරම් ප්‍රාග්ධනයක් යට කරන්නට හේතු වූ පාරිභෝගික-පාරිභෝජන සමාජයේ යටිපෙළින් ක්‍රියාත්මක වන ආසන්න වශයෙන් හෝ සැබෑ තතු මොනවාදැයි යනාදී වශයෙන් හට ගත් කළකිරීම් මුසු විචිකිච්චාමය සිතිවිලි නිසාවෙනි. එනයින් කවිපොත හෂිත සොයුරාගෙන් ලද දිනයේ සිටම ඒ කවිපොතේ ඇතුළත් පිටත් සුපරීක්ෂාකාරීව නිවැරදිව කියැවීමේ අතිශය...

I am Freelance! බූන්දි වේබ් අඩවිය සමග මගේ කිසිදු සම්බන්ධයක් නැත!- ඊ ඒ ඩෝසන් ප්‍රීති

Image
බූන්දි වේබ් අඩවියේ සමහර තැන්වල මගේ නම සටහන් වී ඇත්තේ මා කලකට පෙර එහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ නිසාවෙන් සහ මාගේ නිර්මාණ සහ ලිපි එහි පළ වූ හෙයිනි. පසුගිය අගෝස්තුවේ සිට මම බූන්දියෙන් සහමුලින්ම ඉවත් වී ඇත්තෙමි. දැන් මා එහි කිසිදු ක්‍රියාකාරිත්වයක් හා සම්බන්ධ නැත. එමෙන්ම මාගේ නිර්මාණ හෝ වෙනත් කිසියම් ලේඛණයක් හෝ බූන්දියේ පළ කිරීමට කැමැත්තක් ඇත්තේ ද නැත. අවසර ද දී නැත. එය මවිසින් බූන්දියේ වැඩ දෙපාර්තුමේන්තුවට දන්වා ඇත. එනයින් දැනට දිස්වන මාගේ නම එහි මා කලකට පෙර පළ කළ ලිපි සහ නිර්මාණ නිසාවෙන් බව සියල්ලන්ගේ දැන ගැනීම පිණිස මෙලෙස සටහන් කරමි. ඊ. ඒ. ඩෝසන් ප්‍රීති

චිරන්තගේ පැංචා ඊඩිපල් කියවීමක්

Image
චිරන්තගේ මෙම කවිය නිසා හටගත් සිතිවිලි කීපයක සටහනකි මේ. මේ කවියේ ඉහළ සිට පහළට කියවාගෙන යද්දී කියැවීම් දෙකක ගැටුමක් [කතෘ දෘෂ්ටි දෛශික] හට ගන්නා බවට සාධක ඇත. එකක දී මට හමුවන්නේ දරුවකු පිළිසිඳි මොහොතේ සිට ඒ ගැන චින්තාවලියේ දැවටෙන පියා එම දරුවා ගැන දකින අයුරු කවි කරන තුන්වැන්නෙකු වන කවියාය. එවි‍ට කතෘ පිතෘත්වයෙන් පිටතින් පවතී. එය පීතෘ පරිකල්පනීය විශ්වයේ මතුපිට සදයි. එනම් පියාට පිටින් එම තත්වය වටහා ගැනීම හෝ සංකේතනය කිරීම. එනම් මුල් පද පේලි හතරම එම කවියාගේ සවිඥානික ගොඩනැංවීමකි. දෙවන කියැවීමේ දී මට හමුවන්නේ පිළිසිඳි දරුවා පිය සෙනේ ‍ස්වභාවයන් දකිනාකාරය ලියා තබන එම පියාමය. එම සංකේතනය ගොඩනගන්නේ සැබෑ පියා විසින්මය. "යකඩ දෑත් මට ලැබෙන්න" යන පදයෙන් ජනිත වන අදහස එක් අයුරකින් කවියේ කතෘ ද අනෙක් අතට එම පැතුම පතන පියා ද ලෙස ගත හැකිය. එවිට කතෘ පිතෘත්වයෙන් ඇතුළත පවතී. එනම් පරිකල්පනීය විශ්වයේ ඇතුළත තතු සදයි. එය සවිඥානිකත්වය පරයා කතෘගේ අවිඥානික පෙදෙස් තුළ නිර්මිත පියාගේ භූමිකාව අනාවරණය කරයි. මේ දෙයාකාරයෙන් දැක්වෙන අරුත් එකිනෙකට වෙනස් බැවින් කවියේ අවිනිශ්චිත අර්ථ පෙළ ගැසෙන්නට ගනී. අනන්තයේ...

ඉන්ද්‍රනාතගේ ඇසෙන් ඉන්දික ගුණවර්ධන සහ සිතුමිණි රත්නමලල

Image
ඉන්ද්‍රනාත තේනුවර සිතුවම්කරණයේ ඩිජිටල් මානයේ එවරස්ට් කන්ද තරණයට පිවිස ඇත. අප එම ගමන් මග කටුක දුෂ්කර සැතපුම් කණු දු‍ටුවේ නැති වුවද එම යෝධ අතීත ශ්‍රමයේ මහා ප්‍රතිඵල ඇස්පනා පිට විඳිමින් සිටිමු. මේ ඊට නිදසුන් කීපයකි. තව තවත් රූ අප නෙත් අභියස පිදේවා යන පැතුමන් මෙහි තබමි. සිතුමිණි රත්නමලල ඉන්දික ගුණවර්ධන මේ චිත්‍ර සටහන් උපුටා ගැනුම මුහුණු පොතේ ඉන්ද්‍රනාත තේනුවරගේ කටු සටහන් ඇල්බමයෙනි . මෙතනින් ගොස් එම සිතුවම් ලද ප්‍රතිචාරද දැකිය හැකිය.

හිරුත් සඳුත් බිම් ගෙයින් හිම පියල්ලකට!

Image
‎හිරුත් සඳුත් බිම් ගෙයින් හිම පියල්ලකට! මුහුණුපොතේ කල්පනා සහ ප්‍රසාද් යුවල කවි පොත් යුගලක් ගැන පණිවිඩ තබා තිබුණා අද පාන්දර. මම ඒ පණිවිඩය ඒ ආකාරයෙන්ම මෙහි ලියා තබමින් ඒ කවි යුගල පොත් කිවිවරුන්ගේ කවි පද කීපයක් මෙහි අතුරා තබමි. "හිරුත් හිම පියල්ලක"-මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, " බිම් ගෙයට සඳ ඇවිත්"-නඳුන් යසිත ගේ කාව්‍ය සංග්‍රහයන් එළි දැක්වීම ඔක් 17 සවස 2.30 ට මහවැලි කේන්ද්‍රයේ දී දෙසුම්-සමන්ත හේරත්, ලාල් හෑගොඩ, තිඹිරියාගම බණ්ඩාර සිත්තම්කාරී දබරැඟිලි තුඩු පන්හිඳෙන් විට කා ඉතිරි වන හුණු සායමෙන් කාලාන්තරයක් තිස්සේ කිරි අම්මා ඇඳි රටා මෝස්තර උළුවස්සයි කුස්සියේ බිත්තියයි සිත්තම් පොතක් කරගෙන පුංචි පුංචි තිත් රටා සිහිකළේම තරු විසුල සුවිසල් ආකාසය පුංචි පුංචි ග්‍රහලෝක හා මුළු මහත් චක්‍රාවාටයම ඒ රටා තබා හිත යට නව රටා වියූ ලෝකෙක මා වටා දිළිණි නෙක තරු ඒ අතරින් මතුවුණේම කුඩා වියේ පටන් දැකපු උළුවස්සේ මහ රටාව එක් යුගයක අග්ගිස්සක සීතල මන්දාරමකට යටින් මල් ශාලාවකින් ගෙනා දෝලාවක තේජසිකින් ගොක් කොළ රන් වියන් යටින් සුදු වැලි පාවාඩ මතින් සය දෙනෙක්ගෙ කරට උඩ...

ඉන්ද්‍රනාත තේනුවර (නො)දුටු මා

Image
ඉන්ද්‍රනාත තේනුවර මහතා ගැන අමුතුවෙන් ලියා තැබිය යුතු දෙයක් මා හට ඉතිරි වී ඇතැයි මම නොසිතමි. ඔහුගේ ඡායාරූපකරණ පාඨමාලා හදාරමින් සිටිනා සුවහසක් ගෝලයන් ඔහු ගැන මැනවින් දනී. දනන් මුවින් මුව ඔහු හැකියාවන් පිළිබඳ ඇගයීම් වහනය වේ. මේ පූර්විකා ලීවේ ඔහු විසින් ඇඳි මා රුව රැගත් සිතුවමක් දැකුමින් උපන් සතුටිනි. මාගේ ජීවිතයේ කවර කලෙකවත් මෙවන් ත්‍යාගයක් මා ලබා නැතියෙන් එය සහෘද ඔබ සමග බෙදා ගන්නට සිතුවෙමි. ඉන්ද්‍රනාත තේනුවර මහතාණෙනි, ඔබට නොවක් තුති. ප.ලි. මෙහි ඇති සුවිශේෂි බව නම් ඉන්ද්‍රනාත මහතා විසින් මා කවර කලෙකවත් පියෙවි ඇසින් දැක නැති වීම සහ මගේ ඡායාරූප ගොනුවක මෙයාකාර බැල්මකින් මා සිටිනා කිසිදු ඡායාරූපයක් නැති හෙයින් වෙනස් හැඟුම් සහ කෝණ ඔස්සේ නිරූපිත මාගේ ඡායාරූප කීපයක් බැලීමෙන් මාගේ හැඩරුව පරිකල්පනය ඔස්සේ මවාගෙන මේ සිතුවම ඇඳීමට පෙළඹීමයි. මේ නම් සුවිශේෂී හැකියාවක් බැව් පැවසීම අතිශයෝක්තියක් නොවේ.

පතිනි කාලිය..! අවිච්ඡේද්‍ය විද්‍යුත් හා චුම්බක තරංග කියැවීමක් ලෙස

Image
පතිනි කාලිය..! රම්භා සේය වුවනත රතු තිලකයකි නළලත පතිනි සිරිමා වැනිය දෙනුවන කාලිය නිදයි හද ගැබ වේදනාවක් දරා අතීතෙක බෝදිලිමාට වුව අමතක කොයි ගොසින් කොයි යම්ද සත් සියක් පිරිවරට රැවටුන රත් මල් සුන් බුන්ව විසිරුන රත් කසී සළු වැතිර වැරහැලිව මණ්ඩල මිණි පියුම සුපුල්ලිත ඇතුලත් පිටත් ගැටයුත් න්‍යාසය මහා පොදු සාධකය කැටි කළ අන්තරීක්ෂය ක්වාසාර ස්ඵන්දනය වන තාරකා දොරටුවයි පතිනි කාලිය දෝලනය වන හෂිත අබේවර්ධන හෂිතගේ මෙම කවිය මාගේ සිත අවුළුවයි. මුල සිට පහලට  පිළිවෙලින් එන වචන මසිත විවිධාකාර වූ සිතිවිලි රූපකායන් සහ ඒ සංඥාර්ථයන් හා බැඳුනු පුරාණෝක්ති සහ භෞතික විද්‍යාත්මක කතන්දර එකට පැටලී ගිනි දළුලයි. එම ඇවිලිල්ලෙන් යමක් ශේෂ වන්නේ ද ඒ මේ සටහනයි. අප දන්නා විශ්වය අවසාන වශයෙන් තැනී ඇත්තේ ශක්තියෙනි [Energy]. ශක්තියේ විවිධ ප්‍රබේධ වලිනි. ස්වරූප වලිනි. අන්තරීක්ෂ කිරණ යනු විශ්වයේ හටගැන්මේ පටන්ම සකලවිධ දිශාවන් හි සමාන්තරව ගලා යන සූක්ෂම ශක්ති විශේෂයකි. එය විශ්වයේ සෑම තැනම එකකාරව පවතී. සමහරු මෙයට විශ්ව ශක්ති යැයි පවසනවා ද විය හැකිය. කෙසේ වුවද මෙම පසුබිම් ශක්ති විශේෂය පවතින්නේ තරංගමය ස්වරූ...

ගෝත්‍රික ප්‍රේමය සහ මුහුණු පොත

Image
ගෝත්‍රික ප්‍රේමය... මට හදිසියේ අනෝමා රාජකරුණා මතක් වුනා. මම මුහුණුපොතේ වැඩකට ඇති යමක් කතා කරන්න සුදුසු හික්මීමක් ඇති මිනිසුන් සොයා වෙහෙසෙන නිසාවෙන්, මා දන්නා කියවා ඇති පොත් ලිපි ලේඛන සහ සමාජ- සංස්කෘතික- මාධ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රාමාණික උගතුන් සහ ක්‍රියාකාරිකයන් සහ කතෘවරුන් සොයා ඔවුන් මුහුණුපොතේ ජීවත් වන්නේ නම් ඔවුන් සමග සම්බන්ධ වීමට මම උත්සාහ කරමින් සිටිමි. මේ ආකාරයෙන්ම අනෝමා ද මුහුණු පොතේ ඉන්නා බව දුටුවෙන් ඇයට ද "ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්" දමා බලා සිටියෙමි. කීප ගමනක් ම ඒවා වැඩ නොකලෙන් පසුව පණිවිඩයක් සමග ද එවැනි ඇරියුමක් කළෙමි. ඊට ද ප්‍රතිචාර නැතිවූයෙන් ඇය ගැන සොයා බැලීමට සිත් වුණි. මේ ඒ සොයා බැලීමෙන් ලද ප්‍රතිචාර කීපයක් සටහන් කර තැබීමකි. Dawson Preethi: මම අනෝමා රාජකරුණා දැකල නැහැ. මේ ඉන්නේ එයාම ද? ගෝත්‍රික කවි -මට හරියට මතක නැහැ ගෝත්‍රික ප්‍රේමය ද කොහෙද ඒ පොතේ නම-ඒ කවි පොත මගේ ළඟ තිබිල දැන් අවතැන් වෙලා -මහ අමුතු කවි තියෙන පොතක් ඒක- ඒ පොත ලියූ කෙනාද කියල කියනව ද කවුරු හරි? Prasad Weerasekara: Ow me anoma thamai... gothrika premaya anoma karapu palaweni kavi potha m...

ගොනෝරියා වුවද...[18+]

Image
ගොනෝරියා වුවද... ශිෂ්ණය මත රූටා යන සුදු කැරපොත්තා සිය සියුම් පාද ස්පර්ශයෙන් නිමවා මනස් සිතුවම් තුනු විල විසිරී යයි ශුක්‍ර ධාතුව බීඑම්අයි සී එච් ඉදිරිපස වතුර මල ලෙස උත්සව දවසට ඉහිරෙන ශුක්‍ර ලා‍ටු මැද ඇලී සිය අඩු කැරපොත්තා ගාටයි බිම ඇදි ඇදි මරණය අභිමුව අතැතිව ටිප් එක සුරතාන්ත නිමවැ අහ්ලාදයකි පුස් ගඳ වුවද වටපිට අහෝ ශීතල තාරුණ්‍යය! නැත ගැහැණියක සතපන්නට පොලිතින් ලූ බූරු ඇඳ මත බිත්ති දිගේ අහුමුළුවල සැප දෙන කැරපොතු සියුම් පාද මිස සම්භාහනය පිණිස ඇති තවත් මේ මලකඩ සිරුරු එක දිගටම පෝලිමේ එත යත කැරපොතු ලාටු තැවරුණු ඉදීමි ගිය ශිෂ්ණ මුණ්ඩ රෝහලේ මැසිවිල්ලේ ලතවන "ගොනෝරියා ද යකුනි මේ අනිමු ඉන්ජෙක්ෂන් පුක දෙපස දෙන්න තොපට හොඳම පාඩම" ඩෝස් ඩෝස් දොස්තර ඇස් ගිනි පුපුරු විසිරෙත "අහෝ දොස්තර සබඳ! නැත එවැනි අනුරාගික කැඳවුම ගණිකාවන් අධික වියදම්ය යන්නට සිදුව ඇත්තේ එබැවින කැරපොතු ගුහාවට ය සෙයිලම" මේ කැරපොතු ඛේටය අවුලුවා ඇත මුණ්ඩය කැරපොතු කෙල හැලියේ වණයට තරග දෙන ගොනෝරියා වුවද සැපතකි එක අතකට ඩෝසන් ප්‍රීති 10/2010

සිතිවිලි ගංගාව මතුපිට නිසලය

Image
සිතිවිලි ගංගාව මතුපිට නිසලය වියතක් යටින් දිය සුළිය දිය වැලය නොපෙණේ චණ්ඩ ඒ සුළි පය තැබූ කල දැන හෝ නොදැනි අතොරක් නැතිව ගසා කරකවා කැඳවයි අතීතකාමයේ දිය මඩ ඇහිරු බිම්ගෙය වෙත තබත් වරක් දිය පතුල මත පියවර කෙතරම් ඉසියුම්වැ ගණන් කර වටකර ගනියි නොස්ටැල්ජික දිය සෙවෙළ ලුහුටා දමමින් අතීත- අනගත - වත්මන බැඳුම් ගිලිහෙයි සළුපටල සැණින් වසා පැතිරුන රොමාන්තික සිහින අත්කර ගනියි සිහින වල බුරුල් තැන් වනසා ලයි ඉර ඉර සළු තූ තූ කර මතු කර ජීවිත කලංකය තැනෙක දිය ඝණවැ ගොස් පෙඳ පාසිගත දැලි රැවුලු වවාගත් නෙක ප්‍රශ්න මුවින ගත් විප්ලවකාරී අවුල් හිස කෙස් වැනිය දිය යට අඳුරු හරිත පෑ ඇතිරිලි ගඟ දිය ශ්‍රමය නිසාවෙන් හැඩ ලද නෙක බිත්තර හැඩැති තිරිවාන ගල් හැපී පෙරලෙන දිය වැලේ අත මිණි කැට සංකුල පාංශු භංගුර විහඟ රූ මෙන් අහස පියා සැරි සැරි වලිග වනා පිහිනා යන කුඩමසු සිතිවිලි හැපී නොහැපී ගිලුනු බඳ ඔරු කඳ කැබැලිති සිප යන මීන රැස ඇසේ වැදි වැදි වරල් පෙති පෙති සිතිවිලි ගංගාව මතුපිට නිසලය වියතක් යටින් දිය සුළිය- අවුලුවයි දිය ගිනි පුළිඟු නොපෙණේ චණ්ඩ ඒ සුළි පියවි ඇසින් සිහියෙන් නම් කිසි කලෙක දි 10/20...

නන්දන වීරසිංහගේ 'රැය කරා ගමන' ප්‍රශස්ත කාව්‍ය ග්‍රන්ථයක් නොවන්නේ ඇයි?

Image
නන්දන වීරසිංහගේ 'රැය කරා ගමන' ප්‍රශස්ත කාව්‍ය ග්‍රන්ථයක් නොවන්නේ ඇයි? කලකට පසුව නන්දන වීරසිංහ පළ කළ නවතම කාව්‍ය සංග්‍රහය මා අත පත්වූයේ නොහිම් සතුටේ ආලෝක දහරා මැද්දේය. නන්දන වීරසිංහ ගෙ කාව්‍ය භාවිතාව අතිශය වශයෙන් මා සිත පිරිමැද ඇතියෙන් මා රස විඳි සුභාවිත කාව්‍ය යනු නන්දන සුරතින් වැගිරෙන කාව්‍යමය තීන්ත උල්පතෙන් ගලා එන ඒ කවිදිය දහරේ එක්තරා වක්වූ ස්ථානයක උපන් සිඟිති ජලාශයක ගිලී ජලක්‍රීඩාවේ යෙදීමක් ලෙස මේ සතුටු අවස්ථාව මගේ සිතේ ඇඳෙයි. කවිය යනු කිමැයි විවාදාභිමුඛ තරුණ පරම්පරාව හැරී බැලිය යුතු කවිකම් වෙතොත් ඒ අතර නන්දන වීරසිංහගේ කාව්‍යකරණය ශික්ෂාවෙන් පැහැදුල් ඉන්ද්‍රඛීලයක් මෙන් තැන්පත් ගතින් සැදී පැහැදී වැඩසිටින අරණක් සේ දිස් වනු නොඅනුමානය. මේ තේජාන්විත කවි අරණ්‍ය සේනාසනයේ ඇවිද ගොස් නිවුනු සිතින් මේ සටහන තබමි. වන මැද ගමන වන මැදින් පා ගමනින් මයිල විසි තිස් ගණන් ගෙවුවෙමු එහෙත් තව ගමනක් පමණි මේ කවට මිතුරන් සමඟ සපැමිණි බෑවුමෙක රහසේ පිපී ගිය මල් මතෙහි විමතියක් යම් කිසි තිබිණි දැයි විමසනු ව කල් නැති ගමන් සගයන් නඟා හිස් රැවු නොනැවැතී රැය කරා ගමනෙහි උදා වාතලයෙහි පැතිර ගිය...

රනින් රන් හදැත්තී-සුභද්‍රා ජයසුන්දර

Image
සුභද්‍රා කවියක් නෙලා කවි පුදසුනේ තබා ගොස් ඇත. උදෑසනම සංචාරක කුරුළු ඊමේලයන් ලගින මගේ කුඩා ගූගල් තිප්පලේ මේ කවි කිරිල්ලිය ලැගහුන්නෙන් ඇය මලක් සේ හෘදයාංගමව දෝතට වඩා මෙහි ගෙන ආවෙමි. සුවහසක් දනන් මන් තුළ සැරිසරන ආලයේ ප්‍රේමයේ නුරාවේ නටබුන් වංකගිරි මාළිගයේ පාළු කාමර සඳලුතලා උස් කුළුණු රහසිගත කාමර අස්සෙන් ඇවිද යන හුදෙකලා සිතැත්තී දකින මරණයේ ඇටසැකිලි සිය දිවි නසාගත් ප්‍රේමණීයයන්ගේ ගෙළ වැළ ලා ගත් අඳුරු කාමර මෙන්ම නුරාගී ඉඟිබිඟි වැකී ගොස් භූතාත්ම බවට පත්වූ සනාතන ප්‍රේම වස්තු අතරින් පෙරී ආ මේ කවි මකරන්දය මෙසේ ඔබ වෙත පාමි. සුභද්‍රාගේ භද්‍ර වචන මෙසේ සතපා තබමි. ඒ තුළ කාල වර්ණ ඡවි කළණියගේ තැවුල නිදි නොබිඳ ඒ සිහිනයේම රඳවා ඇවිද යන්නට ආරාධනා කරමි. රනින් රන් හදැත්තී සුලු කළිඟු කුමාරිය කතාවේ තරමටම රුවැත්තී රන් රුවක රනට දිලිසුනා නම් රන් හදක් නොවුනාද රුවැත්තී පහන් පෑ රුවක් නැති සිඟන්නී රැය පහන් වන තුරා මං තනිව ජීවිතය යදින්නී දරා නූපුර බරණ අරා මුඳු මල් යහන සිද්ද පත්තිනි දේව බිසව්නේ විද්ද මල්සර දුන්න හර්ද මස තුළ කිමිද බින්ද සිල් කමා නොකෙරුව මැනේ සිත පුරා පි...

රතු වළාවක්

Image
මුහුදු වෙරළ අවලස්සන-කිපී රළ අනින උඩ පැන පැන පෑරී ඇති කඩතොළු තැන තැන-ගුරු පැහැති අවක්ෂේප විසිරුන ඛනිජමය වැලිතලාවක සටහන් වූ පියවර-අවපස එල්ලා හැලෙන මුදු සඳ අහසේ වැටී පැලැස්තර සඳ ඇබින්දක් සුවෙනි- හෙලයි දුක්බර කැළුම් අවසඟ ඇවිද යමි අතිනත ගෙන තුරුළු කර සංකර ‍ කුරුළු තුඩු නද මධුර ඇසෙයි තත් සුසර සුනු- වීණාවක් වැයෙන ලෙස පොල් කටු අඟුරු අහස කෙළවර හිරු තැලෙයි රක්ත තප්තව සැඳෑ කල රතු වළාවක් උරා හිරු හෙලූ ඒ රුහිර රතු පැලැස්තර ගහණ දුරුවල අහස් කුස කොයින්ද එතරම් ඝණ පැහැසරය අවරදිග පැතලි අහස මත පැතිරුන? නවතිමි සුපුරුදු ගල් තලය මත හැරී බලමි පසුකොට ආ දිගු දුර අතිනත ගෙන පැමිණ ඇත තනිකම මෙතෙක් දුර තනි නොකර මා හදවත හිරු අවසන් සුසුම හෙලූ කල දැනෙයි ගෙල වට බියකරු සිහිල රූරා හැලෙයි රක්ත වර්ණිත ලේ දහර ගෙල දෙපස; අහසින් පොලව මත වට... 10/2010