Showing posts with label පරිවර්තන. Show all posts
Showing posts with label පරිවර්තන. Show all posts

Thursday, July 14, 2011

මනස ක්වොන්ටම් සීනො ආචරණයේ ප්‍රතිඵලයක් ද?

4.2 Stapp: Quantum State Reductions and Conscious Acts

4.2 ස්ටාප් ආකෘතිය-ක්වොන්ටම් ඌණිත තත්වයන් සහ සිහියේ ක්‍රියාකාරකම

ක්වොන්ටම් සිද්ධාන්තය භාවිතයේ ඇති තීරණාත්මක සංසිද්ධියක් වනූයේ කිසියම් භෞතික රාශියක් මැන ගැනීම පිළිබඳව ඇති විවාදාත්මක ස්වභාවයයි. එම ගැටළුව දශක හතක පමණ කාලයක් තුළ ක්වොන්ටම් සන්දර්භය තුළ සාකච්ඡා වී ඇත. වොන් නියුමාන් 1955 සිය ක්වොන්ටම් යාන්ත්‍රිකයේ ගණිතමය පදනම ගැන ලියූ තිසීසය තුළ මෙසේ සඳහන් කළේය. එනම් ක්වොන්ටම් මිනුම වූකලී අසන්තතික -හේතුඵල සම්බන්ධතාවයෙන් විනිර්මුක්ත වූ-තත්සම සහ අප්‍රතිවර්ත්‍ය ගතිගුණයෙන් යුක්ත වූ ක්‍රියාවක් ලෙසින් කිසියම් ක්වොන්ටම් තත්වයක පරිවර්තනමය අගයක් ලෙස එහි අයිගන් තත්වයේ අගය මිනිය හැකි නිරීක්ෂකයක සම්භාවිතා අගයක් ලෙසිනි. (එනම් ෂ්‍රෝඩිංගර් සමීකරණයේ කිසියම් විචල්‍යයක් කිසියම් ක්වොන්ටම් ගතිගුණයක එනම් ගම්‍යතාවය වැනි දෙයක මිනුමක් ගත හැකි රාශියක අයිගන් අගයක් ලෙස පරිවර්තනය කොට එම අගයේ වර්ගයෙන් එම සිදුවීමේ මිනුමේ අගය පැවතිය හැකි සම්භාවිතා අගයක් ලෙස ගණනය කළ හැකිය යන පරිවර්තනමය එකඟතාවය යි) මෙම පරිවර්තනීය තත්වය සමහර විට මිනුම්කරණයේ දී තරංග සමීකරණයේ බිඳ වැටීම හෝ ඌණිතය ලෙසද හැඳන්වේ. මෙය සන්තතික -ඒකීය (ප්‍රතිවර්ත්‍ය) ෂ්‍රෝඩිංගර් සමීකරණයේ පරිනාමය හා ප්‍රතිවිරුද්ධ ආස්ථානයක් ගැනීමකි. (ෂ්‍රෝඩිංගර් සමීකරණය ව්‍යුත්පන්න වී ඇති ස්වභාවය අනුව එය මතින් විසඳුම් ලෙස ලැබෙන සංකීර්ණ නමුත් සන්තතික විසඳුම් ආකාර ගත් තරංගයෝ කිසි විටෙකත් මෙබඳු ගතිගුණ නොපෙන්වන බැවිනි. ඒවා කිසියම් සන්තතික සහ ඒකීයත්වයකින් යුත් තරංග සමීකරණ විශේෂයක් පිලිතුරු ලෙස ලබා දීමට සමත් බැව් එම ෂ්‍රෝඩිංගර් සමීකරණයේ ගණිතමය ගතිගුණ විසින් එනම් දෙවැනි පෙළේ අවකල ගතිගුණ විසින් සනාථ කරන බැවිනි.)
වොන් නියුමාන් ඔහුගේ ලියැවිල්ලේ හයවන පරිච්ඡේදයේ පෙන්වා දෙන පරිදි නිරීක්ෂිතය හා නිරීක්ෂණ පද්ධතිය පිළිබඳව හා ඒ අතර ඇති සංකල්පීය වෙනස්කම් අවබෝධය තුළ ඇති වෙනස සාක්ච්ඡාවට බඳුන් කරයි. එම සන්දර්භය තුළ 1 සහ 2 ඔහු යොදන්නේ මිනුම් කළ හැකි වස්තු පද්ධති ලෙස සාමාන්‍යකරණය කළ අවස්ථා:
(1) මිනුම්කරණයට ලක් කළ හැකි රාශිය
(2) මිනුම් උපකරණ
(3) මිනිස් නිරීක්ෂකයා (හෙවත් මිනිස් මොළය)

ඔහුගේ නිගමනය වන්නේ නිරීක්ෂිතය හා නිරීක්ෂණ පද්ධතිය අතර ඇති සීමාව ස්ථානගත වන්නේ (1) සහ (2) & (3) අතර ද එසේ නැතහොත් (1) & (2) අතර ද යන්නෙන් කිසිවිටෙකත් බලපෑමක් නොවන බවයි. එනම් මින් ගම්‍ය වන්නේ නිරීක්ෂකය හෝ මිනිස් මොළය යනුවෙන් ද්විත්වාකාරයක් නොපවතින බවත් එය එකම එකක් ලෙස අවසාන විග්‍රහයේදී සමපාත වන බවත් ය.

වොන් නියුමාන් විසින් ඉතා සියුම් ලෙස වරනගන මෙම විසංසන්දනාත්මක ආස්ථානය ලන්ඩන් සහ බවර් 1939 විසින් වඩාත් දුර සංවර්ධනය කළ බැව් සඳහන් කළ හැකිය. එනම් ක්වොන්ටම් මිනුමක් සම්පූර්ණ කරනු ලබන්නේ මිනිස් විඥානය විසිනි යනුවෙනි. මේ ආකාරයේ අතරමැදි වීමක් තුළින් ක්වොන්ටම් මිනුම පිළිබඳව අවබෝධය කෙරෙහි මිනිස් මනසේ සහභාගිත්වය තීරණාත්මක පෙදෙසකට රැගෙන යනු ලබන්නේ සත්‍ය වශයෙන්ම රැඩිකල් ස්ථාවරයකට ය. 60 ගණන්වල දී විග්නර් 1967 ඔහුගේ යෝජනා අතර ඉතා ප්‍රකට විග්නර් මිතුරා ලෙස හැඳින් වූ අදහස විය. වොන් නියුමාන්ගේ ප්‍රක්ෂේපන පිළිබඳ අදහස ඉදිරියට ගෙනෙමින් එය ප්‍රතිස්ථාපනය කළ යුත්තේ (නිරීක්ෂිතයක් හා බැඳුනු අයිගන් ස්ථාවරයන් පිළිබඳ සම්භාවිතා ආකෘතිය) ක්වොන්ටම් මිනුමක් යනු යථමය ගතිකයන්ගේ අප්‍රතිවර්ත්‍ය ක්‍රියාවලියක් ලෙස දක්වා විග්නර් යෝජනා කළේ කිසියම් රේඛීය නොවන අරේඛීය සංශෝධනයක් ලෙසිනි.

1980 ගණන් වන තුරුම ස්ටාප් ඔහුගේම මතවාදයක් ලෙස සංවර්ධනය කරන්නට වෑයම් දරණ ලද්දේ නියුමාන් සහ විග්නර් විසින් ගෙනෙන ලද යෝජනා පසුබිම් කරගෙන ය. සුවිශේෂි ලෙසම ඔහු විඥානයේ විශේෂ ගතිගුණ අවබෝධ කරගන්නට ක්වොන්ටම් සිද්ධාන්තයේ උපයෝගීතාවය විමසයි. වොන් නියුමාන්ගෙ යෝජනාවෙන් ප්‍රහර්ෂය ලබන ස්ටාප් බොහෝ නිදහස් ලෙස නිරීක්ෂිතයේ සහ නිරීක්ෂණයේ පද්ධතිය අතර මුහුණත නිරීක්ෂකයාගේ මොළයේ පිහිටුවනවා. හෙතෙම වත්මන් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ සිද්ධාන්ත කෙරෙහි කිසිදු සංශෝධනයක් යෝජනා නොකොට (විශේෂයෙන් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ හිල්බර්ට් අවකාශයේ නිර්වේශනාත්මක පොදු පිළිගැනුමට එරෙහි නොවී) එනමුත් සද්භාවාත්මක ආකෘතියට ප්‍රමූලික අන්තර්නිර්වේශනාත්මක දිගුවක් එකතු කරනු ලබයි.

ස්ටාප් ඔහුගේ මුල් කාලයේ හයිසන්බර්ගේ තත් සහ විභවීය වෙනස පිළිබඳ අදහස් [potential and the actual] (Heisenberg 1958) තුළින් ඇරඹී ක්වොන්ටම් යාන්ත්‍රිකයේ කෝපන්හේගන් අන්තර්නිර්වේශනයන්ගෙන් [Copenhagen interpretation of quantum mechanics] ඔබ්බට කැඳවා යන්නට සමත් වෙයි. හයිසන්බර්ග්ගේ මිනුම පිළිබඳ යථාර්ථය [actual] කෝපන්හේගන් එකඟතාවයන් හා මනාව සබැඳේ. කෙසේ වෙතත් හයිසන්බර්ගේ විභවය [potential] හෝ පෙළඹුම පිළිබඳ සංකේතනය මිනුමට පෙර තත්වය හා සබැඳෙන්නේ මිනුමකින් ස්වායත්තව යථාර්ථය අචලව පවතී යන කල්පනය ඔස්සේය. කිසියම් ව්‍යක්තිකරණයක් [actualization] තත්සම ක්ෂණයකින් නැවතත් එබඳුම ව්‍යක්තිකරණයක් උදෙසා පෙළඹුමක් ඇති කරන්නේ අනෙක් සත්‍ය සිදුවීමක් කෙරෙහි ය යන්න ඉන් ගම්‍ය වේ. එනයින් සිද්ධි නිර්වචනයෙන්ම උභයාර්ථ [ambiguous] වේ. එනම් අපැහැදිලි ද්විත්වාර්ථ වේ. ස්ටාප්ගේ එළඹුම අනිවාර්යෙන්ම හයිසන්බර්ගේ තත්‍යවාචී සිද්ධි සහ අනුභූතිමය අත්දැකීම කෙරෙහි එකිනෙක අන්තර්සම්බන්ධය ව්‍යක්තිකරණාත්මක ලෙස ගලපා ගනියි. දෙවැන්න ඔහු ප්‍රකාශ කරන පරිදි එම සිද්ධියේ හැඟවුමකි. එමෙන්ම එය සත්‍ය සිද්ධියේ නෛසර්ගික තත්‍යත්වය පිළිබඳව ගෙනෙනු ඇති තත්වාරෝපිතයක් ලෙස ද සැළැකිය හැකි බැව් පිළිගැනේ.

එම සිද්ධි තුළ පවත්නා එළඹීමේ ශක්‍යතා පිළිබඳ සැළකුව හොත් එය ව්‍යුත්පන්න වන්නේ (B) කොටසේ දැක්වූ (2) ආකාර වූ ප්‍රතිසමතාවයක් ඔස්සේය. මෙය සෘජුවම වයිට්හෙඩ් විසින් ප්‍රකාශිත සද්භාවාත්මක විචාරාකෘතියට සමපාත වේ. එනම් මානසික සහ භෞතික ධ්‍රැවයන් තත්‍ය අවස්ථා ලෙස නිර්වචනය වන යථාර්ථයේ මනෝවිද්‍යාත්මක සහ භෞතික අරමුණු ලෙසයි.

එම තත්‍ය අවස්ථාවන්හි විභවය පුරවගතතාමය [antecedents] ලෙස මනෝභෞතමික උදාසීන වන අතර එම ද්‍රව්‍යමය සහ මානසික අවියෝජනීයත්වය පවත්වා ගන්නා මාදිලියක් ලෙස සාක්ෂාත් කරයි. [The potential antecedents of actual occasions are psychophysically neutral and refer to a a mode of existence at which mind and matter are unseparated.]

දෙමුහුම් සාරාර්ථවාදය [hybrid ontology] ලෙස ස්ටාප් සංකේතනය කරන්නේ ද මෙම අදහස් ආකර වූ සහ ද්‍රව්‍ය ආකාර වූ සහ විකසනයේ අනුවපූරකතා මාදිලි ලෙස ගන්නා වූ මේ මුහුම් වීමයි. මේ අයුරින් ද්විප්‍රකාර විශය එළඹුම් (B) පැහැදිලි ලෙස වටහා ගත හැකිය.

මෑතක ස්ටාප් ගේ සම්මුඛ සාකච්ඡාවක ඔහු පැහැදිලි කළේ තමාගේ සද්භාවාත්මක එළඹුම් සමහරක් පිළිබඳ වයිට්හෙඩ්ගේ ආස්ථානය වූ යථාර්ථයේ මූලිකාංග ලෙස ද්‍රව්‍ය සහ මනස ට වඩා තත්‍ය අවස්ථා පිළිබඳ ප්‍රවාදය වඩාත් උත්කර්ෂයට නැංවෙන බවයි. අදහස් උපත ලබන්නේ සාරාත්මක සද්භාවයකට වඩා ක්‍රියාදාමයකට ලංව බවයි. ස්ටාප් මින් ස්ථාපිත කරන්නේ තත්‍ය අවස්ථාවල ප්‍රමූලික ක්‍රියාදාමාත්මක ස්වභාවය භෞතික ක්‍රියාකාරකමක මෙන්ම අවස්ථා ඌණිත ආකාර ලෙස මනෝවිද්‍යාත්මක අභිමතාර්ථයන් හා සහසම්බන්ධිත බවයි.

ඔහුගේ එළඹුමේ තවත් අතිශය වැදගත් ප්‍රතිඵලයක් වීමට වැඩි අහඹුතාවයක් ඇති අදහසක් වන්නේ කෙනෙකුගේ සිහියේ අභිමතාර්ථමය උත්සාහයන් විසින් මොළයේ ක්‍රියාකාරකම්වලට බලපෑම් කළ හැකි බවයි.

scheme (A) of Sec. 2 හි දැක්වෙන අනුප්‍රකාර ඔහු වඩාත් සියුම් ලෙස සිය විග්‍රහය ඉදිරිපත් කරන්නට සමත් වී ඇත්තේ සෘජුව අන්තර්ක්‍රියාවකට එළඹීමේ වැරදි ආකාර වූ අවස්ථාවකට ප්‍රතිපක්ෂවය. මානසික සහ ද්‍රව්‍යමය තත්වයන් ගේ විපාකයන් හෝ ප්‍රතිඵලයන් තත්‍ය අවස්ථාවන් ගේ ප්‍රතිසමතාවයන් ගේ අවැසිතාවය එනම් ඒවා අතර සහසම්බන්ධනය මනෝවිද්‍යාත්මක අභිමතාර්ථ ක්‍රියාවට යාවේ. එනම් අන්තර්ක්‍රියාත්මක වීමේ සංකේතනය මනස සහ ද්‍රව්‍ය අතර සහසම්බන්ධනයේ සංරෝධනය මගින් ආදේශ වේ.

විඥානයේ සිහි අවස්ථා සහ ද්‍රව්‍යමය මොළයේ අවස්ථා වෙන් කර හඳුනා ගැනීමෙන් පසුව විඥානයේ සෑම අවස්ථාවක්ම ස්ටාප් ට අනුව භෞතික ප්‍රතිරූපකය ක්වොන්ටම් අවස්ථා ඌණිතයක් ලෙස පවතින්නේ විඥාන අත්දැකීම උදාසීන ලෙසින් සහසම්බන්ධතාවයක් පවත්වා ගන්නා අතරම එම ක්‍රියාවන්ගේ රටාව හඳුනාගත හැකි ලෙසය.

වඩාත් නිවැරදි ලෙස මෙම ක්‍රියාකාරිත්වයේ රටාවන් අභිමතාර්ථය පිළිබඳ කිසියම් කේතනයන් සඟවා තබා ගත හැකි අතර ඒවා ක්‍රියාකාරිත්වයෙ අතුරුමුහුණත් හෝ අච්චු ලෙස ද පෙනී සිටිය හැකිය. [An intentional decision for an action, preceding the action itself, is then the key for anything like free will in this picture.] කිසියම් අභිමතාර්ථසාධනය උදෙසා උපදවන තීරණයක් එම ක්‍රියාත්මකවීම එහිම පැවැත්මක් ලෙස ඉන්පසු ස්වතන්ත්‍රභාවය පිළිබඳ වන්නා වූ දෙයක් කරා යොමු වූ යතුරක් ලෙස මේ විග්‍රහයේ දැක්වේ.
[As to the quantum aspect of a template for action, Stapp argues that the mental effort, i.e. attention devoted to such intentional acts can protract the lifetime of the neuronal assemblies that represent the templates for action due to quantum Zeno-type effects.] ක්වොන්ටම් අභිමතාර්ථය අච්චුවක් ලෙස ක්‍රියාත්මක වෙද්දී ස්ටාප් තර්ක කරන්නේ මානසික පරිශ්‍රමය එනම් එවැනි අභිමතාර්ථසාධනය කෙරෙහි යොදන උත්සාහය නියුරෝන එකලාසයන් කෙරෙහි එහි ක්වොන්ටම් සීනෝ ආචරණය වැනි ප්‍රපංචයන් වෙත කාලය දිග්ගැස්සිය හැකි ලෙස ඉඩ ලබා දෙන අච්චු ස්වරූපයෙන් හැසිරිය හැකි බවටය.
[Concerning the neurophysiological implementation of this idea, intentional mental states are assumed to correspond to reductions of superposition states of neuronal assemblies.] මෙම සංකල්පයේ නියුරොභෞතවේදී ක්‍රියාත්මකවීම් සැළකූ විට නියුරෝනමය එකලාසයන් තුළ සිදුවන අධිස්ථාපන ඌණිතයන්ගේ තත්ව හා අභිමතාර්ථමය මානසික තත්වයන් එකිනෙක අනුරූපවන බැව් උපකල්පනය කළ හැකිය. [For further progress, it will be mandatory to develop a coherent formal framework for this approach and elaborate on concrete details.] වැඩිදුර උන්නතිය උදෙසා මෙම එළඹුම් ආකෘතිය වඩාත් සංගත ප්‍රාථමික රාමුවක් දක්වා සංවර්ධනය කළ යුතු බව අවධාරිතය.
[For instance, it is not yet worked out precisely how quantum superpositions and their collapses are supposed to occur in neural correlates of conscious events. Some indications are outlined in a recent article by Schwartz et al. (2005).]
උදාහරණ වශයෙන් අභිමත ක්වොන්ටම් අධිස්ථාපනයන් සහ ඒවායේ බිඳ වැටීම් සිහියේ සිදුවීම් සමග නියුරෝනමය තත්වයන් අතර සබඳතා ගැන නිවැරදි හැදෑරීම් තවමත් සිදු වී නැත. සමහර මේ ආශ්‍රිත හැඟවුම් ෂ්වාර්ට්ස් 2005 ගේ ලියැවිලි තුළ සඳහන් වී ඇත. [With these desiderata for future work, the overall conception is conservative insofar as the physical formalism remains unchanged.] මෙබඳු පාදක තොරතුරු අනාගත ක්‍රියාකාරිත්වයන් කරා ද භෞතික ආකෘතිකවාදී ලෙස සැබෑ සංස්ථිතික වෙනස් නොවීමක් ද සහතික කරයි.
[However, it contains a radical conceptual move insofar as quantum measurement is understood to involve a conscious act in addition to a physical process.]
කෙසේ වුවද භෞතික ක්‍රියාවලියක් ලෙස ක්වොන්ටම් මිනුම අවබෝධ කරගැනුමට ඔබ්බෙන් මානසික ක්‍රියාත්මක වීම ගැන සංකල්පීය ලෙස රැඩිකල් චලනයක් කරා මේ දැනුම යොමුවන බැව් පෙනේ.

පරිවර්තක සටහන:
හෙන්රි පී ස්ටාප් ගේ [Henry P Stapp] මයින්ඩ්ෆුල් යුනිවර්ස් Mindful Universe [2007] නම් වූ ආන්දෝලනාත්මක කෘතිය කියැවීමට මෙතැනින් පුළුවන. මෙම ලිපියේ අන්තර්ගත සියළු කාරණා පිළිබඳ අතිශය දීර්ඝ පැහැදිලි කිරීම් එම කෘතියේ අන්තර්ගතය.

මෙම ලිපි පෙළේ

පළමු ලිපිය: විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්..
දෙවන ලිපිය: පෙන්රෝස්ගේ නියුරෝ-භෞතවාදීමය විඥානයේ ආකෘතිය
තෙවැනි ලිපිය: විඥානයේ ක්වොන්ටම් ආකෘති

Monday, July 4, 2011

විඥානයේ ක්වොන්ටම් ආකෘති

මෙම ලිපි පෙළේ
පළමු ලිපිය: විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්..
දෙවන ලිපිය: පෙන්රෝස්ගේ නියුරෝ-භෞතවාදීමය විඥානයේ ආකෘතිය

4.1 Ways to Use Quantum Theory

4.1 ක්වොන්ටම් සිද්ධාන්තය භාවිතාවේ විධි

මෙතැන් සිට විඥානයේ ස්වභාවය පිළිබඳව ක්වොන්ටම් සිද්ධාන්තයේ යෙදුම් ආශ්‍රයෙන් අසම්පූර්ණව හෝ ගොඩනැගුන වඩාත් ප්‍රචලිත සංකල්ප සමහරක් ඉදිරිපත් කිරීමත් ඒවා පිළිබඳ සාකච්ඡා කිරීමත් සිදුවේ. මේ අරමුණ උදෙසා 2වන කොටසේ සාකච්ඡා කළ දාර්ශනික ආස්ථාන ද්වයක් A/B මෙන්ම 3වන කොටසේ දී සාකච්ඡා කළ ස්නායු-භෞතවේදයේ ආස්ථානයන් ද මාර්ගෝපදේශක ලෙස උපයෝගි කොටගෙන විධිමත් ලෙස ක්වොන්ටම් සිද්ධාන්තයේ එළඹුම් සාකච්ඡා කෙරේ. කෙසේ වුවද සමහර ප්‍රමූලික සුදුසුකම් සළකා බලද්දී ක්වොන්ටම් සිද්ධාන්තයේ විවිධාකාර වෙනස් එළඹුම් වල ඇති ශක්‍යතාවයන් ද පිළිගැනීමට ලක් වේ.

ශුද්ධ රූපකාත්මක (pure metaphorical ) ලෙස මූලික ක්වොන්ටම් සෛද්ධාන්තික සංකල්ප විඥානය පැහැදිලි කිරීම හා සම්බන්ධව භාවිතා කිරීම නොයෙක් විධිප්‍රකාරව යෙදේ. ක්වොන්ටම් සෛද්ධාන්තික පාරිභාෂික සංකල්ප වන පැටළුම (entanglement) , අධිස්ථාපනය (superposition), බිඳ වැටීම හෝ අභිපාතය (collapse), අනුපූරකතාවය (complementarity) සහ අනෙකුත් සංකල්ප භාවිතා කරන්නේ සුවිශේෂි සඳහනකින් තොරව ඒවායේ අරුත්දැක්වීම් කොතරම් දුරට නිරවද්‍යදැයි හෝ ඒවා කොතරම් දුරට යෙදෙන විශේෂ අවස්ථා කෙරෙහි ඖචිත්‍යදැයි යනු නොසළකා ය. උදාහරණයක් වශයෙන් මානසික ක්‍රියාකාරිත්වය හුදෙක් සංකල්පීය ලෙස විවරණය කරගන්නේ කෙසේ හෝ එය භෞතික මිනුමක් ලෙස ප්‍රතිසම භෞතිකාර්ථයක් ලෙස හෝ මනෝවිද්‍යාත්මක පද්ධතියකට සංකල්පීය ලෙස විවරණය වන භෞතවේදී පැටලිල්ලක් හෝ සහසම්බන්ධයක් ඇති ප්‍රපංචයක් ලෙසිනි. එබඳු ඇණවුම් කිරීම් විසින් මනස්කාන්ත විද්‍යා ප්‍රබන්ධ නිර්මාණය කරන්නටත් සමහර විට අතිශය වැදගත් සවිස්තරාත්මක ලෙස විග්‍රහයට ලක් කළ හැකි නැවුම් අදහස් උපදවන්නට ද හේතු විය හැකිය. එනමුත් එබඳු සවිස්තරාත්මක කාර්යයන් විසින් අනුමානගත රූපිකාර්ථයන් හෝ ප්‍රතිසමතාවන් ඉක්මවා නොයෙන්නේ නම් ඒවා විද්‍යාත්මක ප්‍රවේශයේ ප්‍රගමනයක් ලෙස නොසැළකේ. මෙම අවස්ථාවේ දී එබඳු වර්ගයේ එළඹුම් සාකච්ඡාවට නොගැනේ.

දෙවන ප්‍රවර්ගයක් ලෙස අන්තර්ගත වන්නේ වර්තමානයේ සංවිධිත ලෙස ගොඩනැගී ඇති ක්වොන්ටම් සිද්ධාන්තයේ භාවිතාවන් හරහා සවිස්තරාත්මක විග්‍රහයන් සිදුවන ස්නායු-භෞතවේදයේ හෝ ස්නායු-මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් ය. එබඳු එළඹුම් අතුරින් වඩාත් දීර්ඝතම ඉතිහාසයක් ඇති සංකල්පය වන්නේ වොන් නියුමාන් එක්දහස් නවසිය තිස්ගණන් වල ප්‍රාරම්භ කළ පසුව විග්නර් විසින් වඩාත් සංවර්ධනය කළ වර්තමානයේ ස්ටාප් විසින් උත්කර්ෂයට ලක් කළ ප්‍රවාදයකි. එය වඩාත් රළු ලෙස සංකල්පගත කරන්නේ නම් භෞතික තත්වයේ ඌණිත ස්වරූපයට නෛසර්ගික ලෙස මානසික තත්වයන් සහසම්බන්ධතාවය දක්වන්නේ යැයි කෙරෙනු ලබන යෝජනාවයි. ඊටත් මදක් පසු කාලීනව නවසිය හැටගණන් වල ප්‍රචලිත තවත් අදහසක් වන්නේ රිසියාඩි සහ උමෙසාවා (Ricciardi and Umezawa ) විසින් සූත්‍රගත කළ ක්වොන්ටම් ක්ෂේත්‍රෙය් රික්තක අවස්ථා (vacuum states of quantum fields) ලෙස මතක අවස්ථා ප්‍රතිසම බව හෝ මානසික අවස්ථා ප්‍රතිසම බව සලකමින් ගොඩනගාගෙන ආ ප්‍රවාදය යි. මෙම එළඹුමේ ප්‍රමුඛ යෝජකයෙකු ලෙස දැනට සැළකෙන්නේ විටීලෝ (Vitiello) ය. අවසන් වශයෙන් බෙක් සහ එක්ලෙස් (Beck and Eccles) එක්දහස් නවසිය අනූ ගණන්වල දී යෝජිත එක්සෝසයිටෝසිස් (exocytosis) පැහැදිලි කිරීම් හරහා සිනැප්ටික් පැල්මේ කටයුතු සෘජුවම මානසික චේතනා කෙරෙහි බලපෑ හැකි බවට කළ අදහස් දැක්වීමයි.

තුන්වැනි ප්‍රවර්ගයකට අයත් වන අදහස් සමූහයක් වන්නේ වත්මන් වැඩිදුර සංවර්ධනය කළ හෝ සාමාන්‍යකරණයට ලක් කළ ක්වොන්ටම් සිද්ධාන්තයට අයත් දේය. ඒ ඇසුරේ මූලිකත්වය ගන්නේ පෙන්රෝස් ඉදිරිපත් කළ ගුරුත්වයේ ඌනිත තත්වයන් විසින් පිරිහෙලන ක්වොන්ටම් තත්වයන් විසින් ප්‍රමූලික විඥානය ගොඩනැගෙන බවට කරන ලද යෝජනාවයි. අවසන් වශයෙන් මේ ප්‍රවාදය සනාථ වීමට අනාගතයේ ගොඩනැගෙන්නට නියමිත හෝ අභිලාෂිත ක්වොන්ටම් ගුරුත්ව සිද්ධාන්තය එනම් දැනට සංවර්ධනය වෙමින් පවතින අසම්පූර්ණ කොටස සම්පූර්ණ ලෙස ගොඩනැංවීමට ඇවැසි වේ. පෙන්රෝස් සමගින්ම හැමරෝෆ් ද තර්ක කරන්නේ මයික්‍රොටියුබියුලි වෙත අවධානය යොමු කළ යුත්තේ එබඳු ක්වොන්ටම් ඌනිත තත්වයන් පැවතිය හැකි යැයි සැළකිය හැකි නිවැරදි පෙදෙසක් ලෙසිනි.

අනෙකුත් ක්වොන්ටම් සෛද්ධාන්තික එළඹුම් අදාළ වන්නේ සාමාන්‍යකරණය කළ ක්වොන්ටම් සිද්ධාන්ත එනම් ක්වොන්ටම් භෞතිකය ඉක්මවා යන ස්වරූප ඔස්සේය. මේ මග ගත් ප්‍රවාදයන් මූලික වශයෙන් පදනම් වන්නේ කලෙක සිට පිළිගත් සංකල්ප වන අනුපූරකතාවය සහ පටලැවිල්ල (complementarity and entanglement) මානසික සහ ද්‍රව්‍යමය යනාදී වූ දෙයාකාර වූ පෙදෙස් හි සම ලෙස යෙදේ යන සංකල්පනය යි. සුවිශේෂී ලෙස ද්විප්‍රකාර වූ අභිමතාර්ථ උදෙසා මේ සම්බන්ධතා භාවිතයෙන් යථාර්ථයේ කඩතුරාව ඉවත් කළ හැකි බවට කෙරෙන සංකල්පනය යි. මෙම කල්පනය ස්පිනෝසා තෙක්ම ඇදී යන්නා වූ ප්‍රවාදයක් වන අතර විසිවන සියවසේ ප්‍රකට විද්‍යාඥයන් වූ බෝර්-පෝලි-බෝම්-ප්‍රිමාස්-ඩි එස්පැනට් සහ එමග ගත් අනෙකුන් වෙති. අවසාන වශයෙන් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ හෝ ක්වොන්ටම් ක්ෂේත්‍රය නියමාකාරයෙන් සර්වප්‍රකාරයෙන්ම නොයොදා එතුළ මුල්කාලයේ සිටම භාවිතා වන අපරිවර්තිත කර්ම (non-commuting operations ) හෝ බූලියානු නොවන තර්කනය (non-Boolean logic) වැනි සංකල්ප යෙදෙන හා ක්වොන්ටම් සිද්ධාන්ත සමහරක් භාවිතා වන සාමාන්‍යකරණය කළ ක්වොන්ටම් එළඹුම් මගින් ද ශුද්ධ ලෙසම මනෝ විද්‍යාත්මක ප්‍රපංච විග්‍රහයන් හමු වේ. එවැනි සමහරක් ද මෙහි දී සාකච්ඡාවට බඳුන් වන අතර ඒවා නියෝජනය කළ විද්‍යාඥයන් සමහරක් ඒට්ස්-ඇට්මන්ස්පැචර්-බ්‍රෑසා සහ බියුස්මේයර් යන අයවළුන් වෙති (Aerts, Atmanspacher, Bruza, and Busemeyer).

පරිවර්තක සටහන

ඉදිරි ලිපි සැකසෙනුයේ පහත දැක්වෙන පිළිවෙලින් එම විවිධ ප්‍රවර්ගයන්ට අයත් ආකෘති විස්තර කිරීම උදෙසාය.

4.2 Stapp: Quantum State Reductions and Conscious Acts
4.3 From Umezawa to Vitiello: Quantum Field Theory of Mind/Matter States
4.4 Beck and Eccles: Quantum Mechanics at the Synaptic Cleft
4.5 Penrose and Hameroff: Quantum Gravity and Microtubuli
4.6 Mind and Matter as Dual Aspects
4.7 Mental Quantum Features

පෙන්රෝස්ගේ නියුරෝ-භෞතවාදීමය විඥානයේ ආකෘතිය

මෙම ලිපියේ පළමු කොටස: විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්...

3. Neurophysiological Levels of Description
ස්නායු (නියුරො) භෞතවේදී විග්‍රහ තල පිළිබඳ

3.1 නියුරෝනමය එකලස් කිරීම්

මානසික පද්ධතියක් විවිධාකාර වූ සිහි [conscious] සහ අභිමතාර්ථමය මනෝ තත්වයන් [intentional mental states] තුළ පැවතිය හැකිය. උපකල්පිත තත්ව අවකාශයක් තුළ එබඳු සිහි පිහිටුම් පථයකට අපි සන්තතික විඥානය යැයි කියමු. මානසික තත්ව අවකාශය තුළ දර්ශීය ලෙස විවිධ ස්ථායීතා ගුණ සහිත උපකුලක පැවතිය හැකි නිසා කිසියම් මනෝ තත්වයක් එම මනෝ අවකාශය තුළ තම පිහිටුම අනුව වැඩි හෝ අඩු ආකාර වූ ස්ථායිතාවයක් අත්කර ගන්නේ යැයි උපකල්පනය කළ හැකිය. අස්ථායි තත්ව හෝ පාර අස්ථායි තත්ව යන අවස්ථාවල කාල ප්‍රමාණයට සාපේක්ෂව ස්ථිර තත්වයන් පැවැත්මේ හෙවත් නේවාසික කාලයෙන් වැඩි වීමෙන් එය වෙන් කර හඳුනා ගත හැකිය. කිසියම් මානසික තත්වයක් කැළඹීම්වලට සාපේක්ෂව ස්ථායිතාවයක් දක්වන්නේ නම් එය සිහියෙන් ප්‍රත්‍යක්ෂ කරනු ලබන මානසික ආදර්ශනයක කේතීකරණය සක්‍රිය කරන්නේ යැයි පැවසිය හැකිය.

මෙම ශුද්ධ වශයෙන්ම මනෝවිද්‍යාත්මක හෝ ප්‍රජානනාත්මක හෝ ඥානනය පිළිබඳ ස්ථාවරයේ සිට එහි ප්‍රතිපක්ෂය වන්නා වූ ස්නායු-භෞතවේදාත්මක පාර්ශවයට යද්දි මෙබඳු පැණයක් නැගේ-මානසික ආදර්ශනයේ ස්නායුමය සහසම්බන්ධය කුමක් ද? සම්මත හෝ පිළිගත් වාර්තාවලට අනුව (නෝ සහ තොම්සන් 2004 වත්මන් සංවාදවලට අනුව [Noë & Thompson (2004) )] මානසික ආදර්ශනයන් ස්නායුමය හෝ නියුරෝනමය එකළස් කිරීම්වල ක්‍රියාකාරිත්වයන් හා සහසම්බන්ධනය [correlation] එනම් දහස් ගණනක නියුරෝන එකළස් කිරීම්වල සාමුහික වෘන්දය සමග සමපාත වේ. කිසියම් පරිසරයකට අනුකූලව නෛසර්ගික ලෙස සකස්වන නියුරෝන එකළාසයක් මානසික ආදර්ශනයට දක්වන සහසම්බන්ධතාවය එහි නියුරෝන අතර ඇති සම්බන්ධතා සමස්තයට වඩා දුර්වල වීම තුළ හටගනී. ස්නායු හෝ නියුරෝන මානසික ආදර්ශනයට දක්වන සහසම්බන්ධතාවය සක්‍රිය වන්නේ එම එකළාසය තුළ ඇති නියුරෝනවල ක්‍රියාකාරිත්වය කිසියම් සීඝ්‍රතා අගයක් ඉක්මවා පත්තුවන හෝ දැල්වෙන තත්වයක් තුළදීය.

කිසියම් සක්‍රිය නියුරෝන එකළාසයක ක්‍රියාකාරිත්වය ස්ථාවරව පවත්වා ගැනීම උදෙසා [inhibitory] ප්‍රතිෂේධාත්මක සහ [excitatory] උත්තේජනාත්මක නියුරෝන අතර සම්බන්ධතාවල සියුම් සමබරතාවයක් ඇවැසි වන්නේය. රූප රාමු 1 බලන්න. නියුරෝනයක ප්‍රවාහක යාන්ත්‍රණය ඒකතානික වුවහොත් එනම් වැඩිවන ප්‍රදානය විසින් වැඩිවන ප්‍රතිදානයක් ඇති කරන්නේ නම් මෙම එකළාසවලට සමබරතාවය රැක ගැනීම දුෂ්කර වන්නේය. මේ හේතුව නිසා මෑත කාලීන පර්යේෂණ ප්‍රතිඵල වාර්තා කරන්නේ ඒකතානික නොවන ප්‍රවාහන තත්වයන් එනම් මධ්‍යස්ථ සීඝ්‍රතාවයක ප්‍රදානයන් පවතිද්දී උපරිම සීඝ්‍රතාවයක ප්‍රතිදානයන් වඩාත් ලාක්ෂණික ලෙස නියුරෝන එකළාසයන් මොඩලයන් තනා ගන්නට උපකාරී වන බවයි. උදාහරණයක් වශයෙන් වර්ගජ උපරිමයෙන් යුගලගත අනුරූපණය කිරීම් දැලිස සහිත ජාල සැළසුම් (network models using lattices of coupled maps with quadratic maximum ) සුසමාදර්ශී ලෙස එබඳු හැසිරීමකට ගැලපේ. මෙම ජාල සැළසුම් මෙන්ම වෙනත් එබඳුම සුලබ ආකෘති සූත්‍රගත කිරීම් එක්තරා අන්දමකින් ක්වොන්ටම් සිද්ධාන්තයේ වඩාත් ප්‍රකට හැසිරීම් සමග එකඟතාවයන් ඇති කරන්නට තරම් ප්‍රභලත්වයක් හෝ ඇවිලුමක් ඇති කරන්නට සමත් නොවේ. එනමුත් ව්‍යක්ත ව්‍යාතිරේකයක් හෙවත් වඩාත් සුපැහැදිලි වෙනස් මගක් ගත් එවැනිම ආකෘතියක් උමෙසාවා විටීලෝ සහ අනෙකුත් අය යෝජිතය. 4.3 කොටස බලන්න.

3.2 ඒකීය නියුරෝන සහ සිනැප්සස්

නියුරෝන එකළාසයන් හි ක්‍රියාකාරකම් ගැන සම්භාව්‍ය හැසිරීම් රටා විග්‍රහයන් (පරිවර්තක සටහන බලන්න)වඩාත්ම බහුල වුව ද ක්වොන්ටම් පැහැදිලි කිරීම් වඩාත් ලංවන්නේ සම්භාව්‍ය පදනමින් පැහැදිලි කිරීමට අසමත්වන ඒකීය නියුරෝනමය හැසිරීම් වලට එනම් තනි නියුරෝන හෝ ඒවා අතර අන්තර්මුහුණත්වලට අදාලව බැවින් මුල් සම්භාව්‍ය හැසිරීම් විග්‍රහයන් අභියෝගාත්මක නොවන බැව් සඳහන් කළ හැක. මේ අන්තර්මුහුණත් හෙවත් නියුරෝන අතර සංඥා හුවමාරුවන තලය සිනැප්සස් වශයෙන් හැඳින්වේ. විද්‍යුත් සංඥා මෙන්ම රසායනික සංඥා ද මේ සිනැප්සස් වලට අයත් වන්නේ එම සංඥා වාහක වන ආකාරය මත රඳා පැවතීමෙනි. එනම් විදුලිමය හෝ රසායනික වශයෙනි.

විද්‍යුත් සිනැප්සස්වල දී විදුලිය ජනනය වී ප්‍රචාලනය වන්නේ "presynaptic" නියුරෝනයක් තුළින් සෘජුවම "postsynaptic" නියුරෝන සෛලයක් වෙත ක්‍රියාකාරී විභවයන් හට ගැනීමක් ලෙසින් භෞතිකවම ඒ අන්ත දෙක යා කොට නිර්මාණය වී ඇති ප්‍රකට හිදැස් සන්ධියක් හරහාය. රසායනික සිනැප්සස්වල දී පූර්ව සහ පශ්චාත් සිනැප්ටික් සෛල අතර පැල්මක් භාවිතයට ගනු ඇත්තේය. කිසියම් රසායනික සංඥාවක් සම්ප්‍රේෂණය උදෙසා රසායනික වාහකයක් එනම් ග්ලූටමේට් පූර්ව සිනැප්ටික් අන්තයෙන් මුදා හැරේ. මෙම රසායනික මුදා හැරීමේ ක්‍රියාවලිය "එක්සොසයිටෝසිස්" (exocytosis) යනුවෙන් හැඳින්වේ. මෙම වාහකය සිනැප්ටික් විවරය හරහා විසිරී පශ්චාත් සිනැප්ටික් නියුරෝන පටලයේ ප්‍රතිග්‍රාහකයන් බැඳ ගන්නා අතර ඉන් අයනික මාර්ගයක් විවෘත කරගනී. (Kandel et al. 2000, part III; see Fig. 2) රසායනික ප්‍රචාලන වේගය විද්‍යුත් ප්‍රචාලන වේගයට වඩා අඩුය.

බෙක් සහ එක්ලෙස් විසින් වර්ධනය වූ ආකෘතියකට අනුව එක්සොසයිටෝසිස් යාන්ත්‍රණයේ සූක්ෂම කාරණා පැහැදිලි කිරීමට නිශ්චිත වශයෙන්ම ක්වොන්ටම් යාන්ත්‍රික ක්‍රියාවලිය යොදා ගෙන ඇති අතර මානසික තත්වයන් සම්බන්ධයෙන් ද සමීප සම්බන්ධයක් ගොඩ නැගේ. මෙය වඩාත් දීර්ඝ ලෙස 4.4 කොටසේ දී සාකච්ඡා කෙරේ.

මේ අවස්ථාවේ දී ෆ්ලෝ 2000 විසින් ඉදිරිපත් කරන ලද වෙනත් එළඹුමක් ද සඳහන් කළ යුතු වන්නේ රසායනික සිනැප්සස් ක්‍රියාවලියේදී උපකාරී වන සුවිශේෂ ප්‍රතිග්‍රාහක වර්ගයක් වන ප්‍රකට NMDA ප්‍රතිග්‍රාහක අතිශය වැදගත්කමක් දක්වන බැවිනි. කෙටියෙන් ෆලෝ නිරීක්ෂණය කරන්නේ NMDA ප්‍රතිග්‍රාහකයන්ගේ පවත්නා සුවිශේෂී සුවිකාර්යතා ගුණය plasticity නියුරෝන එකළාසයන්ගේ විස්තෘත ස්ථායීතාවයන් එනම් මානසික ආදර්ශනයන් කෙරෙහි සහසම්බන්ධතා වර්ධනය නිර්මාණය කරගැනීමට අත්‍යාවශ්‍ය බව සහ මෙම තත්වය මානසික තත්වයන් සමග සම්බන්ධ බැව් හෙළි කෙරෙයි. වැඩි දුරටත් ඔහු විග්‍රහ කරන්නේ නිර්වින්දනකාරකයන් (anaesthetic agents) විසින් විවිධාකාර වූ යාන්ත්‍රණ ඔස්සේ NMDA ප්‍රතිග්‍රාහකයන් හිර කිරීමෙන් සිහි නැති කිරීමේ ක්‍රියාවලිය සිදු වන බවයි. ෆ්ලොගේ මෙම එළඹුම භෞතීයවාදාත්මක මෙන්ම ඌනිතවාදී ද වන අතර සුවිශේෂි ක්වොන්ටම් අදහස් වලින් විනිර්මුක්ත ද වේ.

3.3 මයික්‍රොටියුබියුලි -සූක්ෂම නාලිකා

නියුරො-භෞතවේදයේ ප්‍රාථමිකම මට්ටමේ දී එනම් ක්වොන්ටම් යාන්ත්‍රික ක්‍රියාකාරිත්වයන් මානසික තත්වයන් කෙරෙහි සහසම්බන්ධතා දක්වන බවට යෝජිත අවස්ථාවේ එනම් ඒකීය නියුරෝනයක අභ්‍යන්තරය සළකනු ලබන මට්ටමේ දී - එනම් "සයිටොස්කෙලටනය" යි. එය අත්‍යාවශ්‍ය ලෙසම ද්විප්‍රකාර වූ ප්‍රෝටීන ජාල ව්‍යුහයන් විසින් නිර්මිත වන අතර නියුරොෆිලමන්ටයන් සහ මයික්‍රොටියුබියුලි හෙවත් සියුම් නාලිකා වේ. මේවා දීර්ඝ බහුඅවයවිකයන් වන අතර සාමාන්‍ය යෙන් ඒවා නිර්මාණය වී ඇත්තේ අන්වායාම ලෙස ඇල්ෆා සහ බීටා නාලිකා විසින් බාහිර විෂ්කම්භය නැනෝ මීටර විසිපහක් තරම් වන ආකාරයේ නාලිකා පිළිවෙලක් (tubular array ) ලෙසිනි. 3 රූප රාමුව බලන්න. වැඩි විස්තර සඳහා Kandel et al. (2000), Chap. II.4. බලන්න.

මෙම සූක්ෂම නාලිකා දේහ තුළ වන ටියුබියුලින් උපස්තර යනු හැමරෝෆ් යෝජනා කරන පරිදි පෙන්රෝස්ගේ නියුරෝ භෞතවාදීමය සෛද්ධාන්තික රාමුව ගොඩ නගන්නට හේතු වේ. සවිස්තරාත්මක ලෙස 4.5 දී සාකච්ඡා වන මෙම ටියුබියුලින් තත්වයන් රඳා පවතින්නේ ක්වොන්ටම් සංසිද්ධි මත යැයි උපකල්පනය කළ විට වෙනස් ටියුබියුලින් අතර ක්වොන්ටම් සංසක්තනයේ (quantum coherence ) හැකියාව උපදියි. වැඩි දුරටත් පෙන්රෝස් සහ හැමරෝස්ගේ තීරණාත්මක නිබන්ධනයක් වන එබඳු සංසක්ත ටියුබියුලින් තත්වයන් ගේ ක්වොන්ටම් ගුරුත්වය ද ආශ්‍රිත බිඳ වැටිම් ප්‍රාථමික මට්ටමේ විඥානය පිළිබඳ සම්බන්ධතාවක් දක්වන බව පෙන්වා දී ඇත.

4 වන කොටසින් උදාහරණ සාකච්ඡා කිරීම් බලාපොරොත්තු වන්න.

පරිවර්තක සටහන
ස්නායු සෛලවල සිනැප්ටික් යාන්ත්‍රණ වඩාත් පැහැදිලිව අධ්‍යයන කිරීමට මෙතැනට යන්න. එහි ඇති සජීවිකරණය කරන ලද විඩියෝ පට ආශ්‍ර යෙන් වඩාත් විචිත්‍ර ලෙස එම යාන්ත්‍රණ දැක බලා ගත හැකිය.

Friday, July 1, 2011

විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්...

විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්...


ද්‍රව්‍යමය මොළය හා මොනයම් හෝ ආකාරයකින් විඥානය හෝ මානසික ක්‍රියාකාරිත්වය සබැඳී ඇති බැව් අතිශය ප්‍රචලිත පිළිගැනීමකි. ක්වොන්ටම් සිද්ධාන්තය ද්‍රව්‍ය පිළිබඳව දැනට සොයා ගෙන ඇති ප්‍රමූලිකම සිද්ධාන්තයක් බැවින් විඥානය පිළිබඳව කිසියම් පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට එයට හැකියාවක් ඇත්දැයි කිසිවෙකු ප්‍රශ්න කිරීම යුක්තිසහගතය.

මේ ප්‍රශ්නයට විවිධාකාර එළඹුම් ඔස්සේ ලබා දී ඇති පිළිතුරු කීපයක් පසුගිය දශක දෙකක පමණ කාලයක සංවර්ධනය වෙමින් පැවති හෙයින් ඉන් කීපයක් සසඳා බැලීමටය මේ විමර්ෂණය. මෙහිදී අවධාරණය කළ යුතු කාරණාවක් වන්නේ මේ විවිධ ක්වොන්ටම් සිද්ධාන්ත ආශ්‍රිත විග්‍රහයන් එකිනෙක වෙනස් ඥානවිභාගාත්මක උපකල්පන ඔස්සේ ස්නායු-භෞතවේදීය මට්ටම් වලින් විස්තර සාධනය කොට ඇති බවයි. එම විවිධ එළඹුම්වල විග්‍රහයන් ඔස්සේ ඒවායේ පවතින ගැටළු මෙන්ම සාධනීය අංග ද මේ ලිපියේ දී මතුකර දක්වන්නට උත්සාහ කෙරේ.


1-හැඳින්වීම


ද්‍රව්‍ය සහ විඥානය එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳ ගැටළුවට විවිධාකාර මුහුණුවර ඇති හෙයින් ඒ කරා එළඹෙන්නට ද විවිධාකාර ඇරඹුම් ලක්ෂ්‍ය ඇත්තේය. ඇත්ත වශයෙන්ම ඓතිහාසිකව මෙම ගැටළුව කරා මූලිකව අවධානය යොමු කරන්නේ දර්ශන විශය ක්ෂේත්‍රය සහ මනෝවිද්‍යා විශය ක්ෂේත්‍ර වන අතර පසු කලෙක චර්යා විද්‍යාව ඥානනය පිළිබඳ විද්‍යාව සහ ස්නායු විද්‍යා යනාදී ක්ෂේත්‍රවල සම්බන්ධ වීම ද සිදුවේ. ඊට අමතරව සංකීර්ණ පද්ධති භෞතිකය සහ ක්වොන්ටම් භෞතිකය ද උත්තේජනාත්මක ආකාරයේ අතරමැදි වීමක් මෙම ඓතිහාසික සාකච්ඡාවට එකතු කර ඇත.

සංකීර්ණතාව පිළිබඳව ඇගයුම් වෙද්දී මෙය වඩාත් ප්‍රත්‍යක්ෂ වේ. මොළය යනු අප දන්නා පද්ධති අතර අතිශය සංකීර්ණතම පද්ධතියකි. සංකීර්ණ පද්ධති පිළිබඳ එළඹුම වඩාත් ඵලදායි ප්‍රතිඵල අත්කර දෙන්නේ ස්නායු ජාල අධ්‍යයනය සහ එම දැනුම ඒකීය නියුරෝන සෛලයක ක්‍රියාකාරිත්වයට දක්වන සම්බන්ධය සහ අනෙකුත් වැදගත් මාතෘකා පිළිබඳව අවධානය යොමු කරද්දීය. ක්වොන්ටම් භෞතිකය පිළිබඳ අවධානය යොමු කරද්දී ක්වොන්ටම් සංසිද්ධි සහ උපයෝගීතාවය මොළය හෝ වෙනත් ඕනෑම ද්‍රව්‍ය ලෝකයේ පැවත්මක් ඇති දේකට යෙදිය හැකි වීම ගැන කිසිදු ආකාරයක සැක සංකාවක් හට නොගන්නේ ඇවැසි නම් එම සිද්ධාන්ත ජීව විද්‍යාත්මක පද්ධති තුළට පවා අදාල කරගත හැකි බැවිනි. එනමුත් මෙම සංසිද්ධි කොතරම් දුරට මොළයේ ක්‍රියාකාරිත්වයේ සහ මානසික ක්‍රියාකාරිත්වයේ අන්තර්සම්බන්ධතාව හෙළි කරන්නේ ද යන්න විවාදාත්මක බැව් සඳහන් කළ යුතුමය.

විසිවන සියවසේ මුල් කාල පරිච්ඡේදයේ ක්වොන්ටම් සිද්ධාන්තය සහ විඥානය අතර සම්බන්ධතාවයේ ප්‍රාරම්භක පෙළඹවීම ඉඳුරාම අතිශය දාර්ශනික විය. සමස්තයක් වශයෙන් සියල්ල නිරවද්‍ය ලෙස නිර්ණය කළ හැකි ලෝකයක් තුළ විඥානය තුළින් ස්වතන්ත්‍ර සිතුවිලි ජනනය වන්නේ යැයි සිතුමම තරමක් ගැටළු සහගත ව්‍යාජයක් ලෙස පෙනෙන හෙයින් ක්වොන්ටම් අහඹුතාවය විසින් ස්වතන්ත්‍ර සිතුවිලි ජනනය ගැන නැවුම් බලාපොරොත්තු ඇති කරවන සුළුයි. (අනෙක් අතට අහඹුතාවයම ස්වච්ඡන්දය කෙරෙහි ගැටළු නිර්මාණය කරයි!)

ක්වොන්ටම් සිද්ධාන්තය අපගේ කලින් පැවති නිශ්චිත ලෝක දැක්ම වෙත ඊට එරෙහිව අහඹුතාවය නමැති අංගයක් එකතු කළ බැවින් එම අහඹුතාවය සත්‍ය වශයෙන්ම එම ලෝක දැක්මට අදාල වූයේ නම් සවිස්තරාත්මකව ලෝකය වටහා ගැනීමෙන් මිදී එය නොසළකා හළ තත්වයකට අප පත්වන බව ඉන් ගම්‍ය වේ. අපගේ නොසැළකිල්ල හෝ නොදැනුවත්කමින් ස්වාධීනව ක්වොන්ටම් අහඹුතාවයේ ක්‍රියාකාරිත්වය එබඳු ඥානවිභාගාත්මක අහඹුතාවයක් ඉක්මවා උදාහරණ වශයෙන් ආලෝක අංශුවල ස්වයංසිද්ධ මුක්ත වීම හෝ විකිරණශීලී ක්ෂය වීම හෝ වෙනත් තත්ව හෝ ගතික ඌණනයන් ස්වාභාවික ලෝකයේ මූලික ධර්මතා ලෙසම පවතිනු ඇත. වඩාත් නිවැරදිව එබඳු සංසිද්ධි තනි තනි ක්වොන්ටම් සංසිද්ධි ලෙස එම හැසිරීම් ඒකාකාරී රටාවකට අනුව සංඛ්‍යාත්මකව නිර්ණය කළහැකි වනු ඇත. තනි තනි ක්වොන්ටම් සංසිද්ධිවල පවතින අවිනිශ්චිතතාවය සංඛ්‍යාන නීති මත රඳා පවතී.

විඥානය පිළිබඳ සාකච්ඡාවේ දී වඩාත් ආකර්ෂණීය වන ක්වොන්ටම් සිද්ධාන්තයේ පවතින අනෙකුත් ගතිගුණ වන්නේ අනුපූරකතාව පිළිබඳ සංකල්පය සහ පැටලිල්ල නම් වූ සංකල්පය යි. ක්වොන්ටම් භෞතිකයේ පුරෝගාමීන් වන ප්ලාන්ක්-බෝර්-ෂ්‍රෝඩිංගර්-පෝලි සහ අනෙකුත් අය උධෘත කළේ පෞරාණික මතවාදයක් වූ භෞතික නිශ්චිතතාවය සහ විඥානයේ ස්වතන්ත්‍රභාවය පිළිබඳ ගැටළුවට විවිධාකාර ප්‍ර වේශයන් ක්වොන්ටම් සිද්ධාන්ත ඇසුරෙන් නැවතත් සළකා බැලිය හැකි බවය.

මෙම දායකත්වය ඔස්සේ විඥානය පිළිබඳ හැදෑරීම් වෙතට ක්වොන්ටම් සිද්ධාන්තයේ ජනප්‍රිය එළඹුම් කීපයක යෙදුම් විමර්ෂනය කරනු ලබන අතර ඒවායෙන් බොහොමයක් කාල්පනික දෑ වන අතර ඒවා විවිධ මට්ටම්වලින් විඥානය පහදා දෙන්නට ශක්‍යතා පෙන්වා ඇත. 2 කොටසේ දී ද්‍රව්‍ය සහ මානසික තල අතර පද්ධතිමය වශයෙන් ඇති සබැඳියාව පිළිබඳ විමසන්නේ එකිනෙකට වෙනස් දාර්ශනික විකල්පයන් දෙකක් ඔස්සේය. 3 වන කොටසේ දී සාකච්ඡා කරනු ලබන්නේ එකිනෙකට වෙනස් ස්නායු භෞතවේදයන් ත්‍රිත්වයක් හරහා ක්වොන්ටම් එළඹුම් සම්බන්ධතාවයන් ගැනය. මූලික හඳුන්වා දීම් ස්වල්පයකින් පසුව 4වන කොටසේ දී ඒවායේ තනි තනි ප්‍රවේශයන් සාකච්ඡා කෙරේ. 4.2 ස්ටාප් 4.3 උමෙසාවා සහ වීටීලෝ 4.4 බෙක් සහ එක්ලෙස් 4.5 පෙන්රෝස් සහ හැමර්රෝෆ් 4.6 පෝලි සහ යුං විසින් යෝජිත සහ බෝම් සහ හිලී විසින් ද යෝජිත ද්විත්ව දෘශ්ටිමය එළඹුම පිළිබඳව ද 4.7 දී සංශුද්ධ වශයෙන්ම විඥානමය සංසිද්ධි ගණිතමය ලෙස ලක්ෂණනය කර ක්වොන්ටම් ව්‍යුහයන් තුළින් පැහැදිලි කිරීමක් ද 5වන කොටසේ දී එම සියළු සංකල්පයන් පිළිබඳ සංසන්දනාත්මක විග්‍රහයක් ද වේ.


2. දාර්ශනික උපකල්පනයන් පිළිබඳ පසුබිම

අතිශය විචිත්‍ර සහ ද්‍රව්‍ය පද්ධතියක උසස්ම සංවර්ධනාත්මක අවධිය ලෙස හඳුනා ගත හැකි මොළයේ මනස හෝ විඥානය පහළ වීම එහි ප්‍රාථමික මට්ටමේම සවිස්තරාත්මක විග්‍රහයන්ට අනුව  ද්‍රව්‍ය සහ විඥානය අතර වූ බෙදුම ගැන විවිධාකාර වූ සාක්ෂි සපයන්නට සමත් වන්නේය.

මේ සියළු සාක්ච්ඡාවන්හි වැදගත් අරමුණක් වන්නේ ද්‍රව්‍ය සහ මනස අතර සබැඳියාව පිළිබඳ ව්‍යක්ත සහ ව්‍යාකෘත එළඹුම්වල වෙනස යි. උදාහරණයක් ලෙස සහසම්බන්ධනය යනු අනුභූතික අදාළත්වයකින් යුතු ව්‍යක්ත යෙදීමක් වන අතර හේතුඵල සම්බන්ධතාවය ව්‍යාකෘත යෙදීමක් ලෙස සහසම්බන්ධතා සෛද්ධාන්තිකව වටහා ගන්නට උත්සාහ කරද්දී භාවිත වේ. හේතුඵල සම්බන්ධතාවය හේතුව සහ ප්‍රතිඵලය අතර සහසම්බන්ධතා යෝජනා කරන නමුත් මෙය ප්‍රතිවර්ත්‍ය ලෙස සැමවිට ම සත්‍ය නොවේ- පද්ධති දෙකක් අතර සහසම්බන්ධතා සෘජු හේතුඵලකාරක සම්බන්ධතාවයක අන්තර්ක්‍රියාවක්ම වීමට වඩා එහි ඓතිහාසික තත්වයන් ඔස්සේ පොදු හේතුවක් නිසා ද හටගත හැකිය.

කෙනෙක් මූලික විද්‍යාවේ පසුබිම තුළ හේතුඵල සම්බන්ධතා ගැන කතා කරන්නේ අන්තර්ක්‍රියාවන් ලෙසිනි. භෞතික විද්‍යාවේදී උදාහරණයක් වශයෙන් මූලික ලෙසම පවතින අන්තර්ක්‍රියාවන් හතරක් වේ. එනම් විද්‍යුත් චුම්බක-දුර්වල-ශක්තිමත් සහ ගුරුත්ව යනාදී වශයෙන් වූ මෙම අන්තර්ක්‍රියාවන් භෞතික පද්ධති තුළ සහසම්බන්ධතාවන් පැහැදිලි කර ගැනීමට ඉවහල් වේ. ද්‍රව්‍ය සහ මනස අතර ගැටළුවට අදාලව තත්වය වඩාත් බැරෑරුම් වේ. මෙම ක්ෂේත්‍රය තුළ පවත්නා සෛද්ධාන්තික අවබෝධයෙන් ඔබ්බට නොගොස් පවතින දැනුමේ මුලාශ්‍රයන් තුළ අත්‍යාවශ්‍ය ලෙසම අන්තර්ගත වන්නේ ද්‍රව්‍ය සහ විඥානය පිළිබඳ අනුභූතික සහසම්බන්ධතාවයන් පමණි. මෙම සහසම්බන්ධතා ව්‍යක්ත වන අතර ව්‍යකෘත නොවේ-ඒවා හේතුභූතාත්මක ලෙස හේතුඵලවාදී නොවේ.( These correlations are descriptive, not explanatory; they are not causally conditioned.) ඒවා සමහර අරමුණු කෙරෙහි ජනනය වන මානසික තත්වයන් මොළයේ විවිධ පෙදෙස් හි සිදුවන ක්‍රියාකාරි පිබිදීම් සිදුවන අයුරු පෙන්වා දෙන නමුත් ඒවා එසේ වන්නේ ඇයිදැයි විග්‍රහ නොකරයි. එමනිසා මනස සහ ද්‍රව්‍ය අතර අන්තර්ක්‍රියා පිළිබඳව හේතුඵල සම්බන්ධතා ඔස්සේ සාකච්ඡා කිරීම අපරිණත හෝ නොමේරු උත්සාහයක් විය හැකිය. සංකේතාත්මක සුපැහැදිලිතාවය උදෙසා ද්‍රව්‍ය සහ විඥානය අතර සම්බන්ධතා මධ්‍යස්ථ හෝ උදාසීන ලෙස විශය ගෝචර කර ගැනීම මෙම ලිපියේ භාවිතාවයි.

බොහෝ එළඹුම්වල ද්‍රව්‍යමය මොළයේ තත්ව [ma] සහ විඥානයේ මානසික තත්ව [me] අතර සම්බන්ධතා සාකච්ඡා කරන්නේ සෘජු ආකාරයකටය.
මෙම ආකෘතිය අවම රාමුවක් ලෙස ක්‍රියාත්මක වන්නේ ඌණනය -අනපේක්ෂිත සංවර්ධනාත්මක අවධි-උත්පාතන සම්බන්ධතා යනාදී වූ ද්වෛතවාදී සහ අද්වෛතවාදී යනාදී වූ දෙආකාර ආස්ථානයන් හැදෑරීමටය. උදාහරණයක් වශයෙන් දැඩි ඌණීත සම්භාවනීය ආස්ථානයක් වශයෙන් මානසික තත්වය සහ එහි නෛසර්ගික ගුණ ද්‍රව්‍ය විශය ක්ෂේත්‍රය තුළට ඌණනය කළ හැකියැයි පැවසෙන ද්‍රව්‍යවාදී ස්ථාවරය හෝ භෞතික ස්ථාවරය සැලකිය හැකිය. මෙම දෘශ්ටිකෝණය විදහා දක්වන්නේ ද්‍රව්‍ය විශය ක්ෂේත්‍රය ගවේශණය අවශ්‍ය සහ ප්‍රමාණවත් ලෙස භාවිතා කිරීමෙන් මොළයේ මානසික ක්ෂේත්‍රය හෝ අවබෝධය ලබා ගැනීමේ ක්‍රියාදාමය (ප්‍රජානනය) වටහා ගන්නට හැකියාව නිර්මාණය කරනු ලබන බවයි. බොහෝ දුරට මෙම දෘශ්ටිකෝණයෙන් අද්වෛතවාදී රාමුවට එනම් කිසිවෙකු මානසික තත්වයන් පිළිබඳව කෙරෙනු ලබන සාකච්ඡාව ඉන් මුදා හැරීමක් හෝ ද්‍රව්‍ය කෙරෙහි ඇති ක්‍රියාවේ අතුරුඵලයක් ලෙස වටහා ගන්නා අවස්ථාවක් බවට ඌණනය වේ. එනම් අන්වාභාසමය (epiphenomenal) තත්වයකට එම සාකච්ඡාව යොමු වේ.

මේ තත්වය තුළ මනස-මොළය අතර සහසම්බන්ධතා අන්වාභාසමය දෘශ්ටිකෝණයකින් බැලුවත් හේතුඵල සම්බන්ධතා පිළිබඳ එළඹුම අසමර්තකම් පෙන්වන අතර හුදෙක් බැහැර කිරීමක් ලෙස ද්‍රව්‍යවාදී ස්ථාවරයේ සහසම්බන්ධතා පවා අදාළ නොවන තත්වයකට පත්වේ.

බොහෝ විට සංවාදයට බඳුන් වී ඇති එවැනි දැඩි ඌණිත එළඹුමක් කෙරෙහි නැගී එන ප්‍රතිතර්කයක් වන ක්වේලියා තර්කය (ක්වේලියා එනම් මනසේ විශය වර්ණනාවිෂයාතික්‍රාන්ත වීම හෝ වචන වලට හැරවීමේ නොහැකියාව හෝ මනෝවිශ්ලේෂණාත්මකව යථමය තත්වය) සිය අවධානය යොමු කරන්නේ ද්‍රව්‍යවාදී ගණනය කිරීම් හරහා මානසික තත්වයන් පිළිබඳව කරනු ලබන ප්‍රමාණාත්මක හැදෑරීම් ආත්මීයත්වයට අදාල අත්දැකීම් නිර්වේෂණය කෙරෙහි එනම් එය කුමක් වැනි දැයි පැහැදිලි කිරීමට බලපවත්නා නොහැකියාවයි. මෙය තුන්වන පුද්ගලයෙකු සහ පළමුවන පුද්ගලයෙකු අතර ඇතිවන පරතරය නිර්මානය කරමින් චාමර්ස් 1995 විසින් සංකේතීය ලෙස වාත්තු කරන ලද විඥානය පිළිබඳ දෘඨ ගැටළුව කරා කැඳවා යයි. තවත් වඩාත් අප්‍රචලිත ප්‍රති තර්කයක් වන්නේ භෞතික විෂය ක්ෂේත්‍රය එය තුළම හේතුඵල සම්බන්ධතා ඇසුරෙන් සංවෘත වීමයි. චලිතයේ මූලික සමීකරණ ඒවා පර්යේෂණාත්මකව හෝ සංඛ්‍යාත්මකව හෝ විශ්ලේෂණාත්මකව හෝ විසඳුමක් කරා පිය මනින්නට ඇවැසි සීමා තත්වයන් හෝ මුල් තත්වයන් සැපයීම ස්වභාදහමේ මූලික නියමයන් ඔස්සේ නොසැපිරෙයි. මෙම හේතුඵල පරතරය සම්භාව්‍ය භෞතිකය මෙන්ම ක්වොන්ටම් භෞතිකය ද මූලික වශයෙන් අවිනිශ්චිතතාවයට යොමු කර කඩාවැටීමට සැළැස්වීම අභියෝගාත්මක වේ. තෙවන පෙළ ප්‍රති තර්කයක් වන්නේ භෞතික පැහැදිලි කිරීමක් තුළ වන තත්සම පැවැත්ම සහ ප්‍රත්‍යුත්පන්න (සලකනු ලබන මොහොත) සංකේතනය පිණිස ඇති දුෂ්කරතාවය යි.

කෙසේ වුවද මානසික සහ ද්‍රව්‍යමය තත්වයන් අතර ඇති සෘජු සම්බන්ධතා ඌණිත නොවන ආකාරයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ද හැකිය. එනම් ප්‍රාදූර්භූත වීමේ විචල්‍යයන් විශාල ප්‍රමාණයක් හැඳිනීම විශිෂ්ට උදාහරණයෝ වෙති. මානසික තත්වයන් සහ/හෝ ගුණ ද්‍රව්‍යමය මොළයේ ප්‍රාදූර්භූතවන්නේ යැයි සැලකිය හැකි නම් ඒවා ගවේෂණයට හෝ අවබෝධයට අවශ්‍යතාවයක් හෝ ප්‍රමාණවත් බවක් නොපවතී. මෙය ද්වෛතවාදය කරා තල්ලු වීමක් හෝ එනම් කාටිසියානු ද්වෛතවාදයට ත් වඩා ස්වල්ප ලෙස විප්ලවකාරී සහ ව්‍යාජෝක්තියෙන් බර පෙදෙසකට යාමකි. මෙයින් ශේෂ වන්නේ කිසිවෙකු මානසික තත්වය ද්‍රව්‍ය තත්වයක් තුළට ඌණනය කිරීමෙනි. ද්වෛතවාදී ආස්ථානයෙන් මනස සහ ද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මානසික සහ ද්‍රව්‍ය අතර හේතුවාදී සම්බන්ධතා පැහැර හැරිය නොහැකි ගැටළුවකි. විශේෂයෙන් හේතුඵලාත්මක ගුණ ලෙස මොළයේ තත්වයන් මානසික තත්වයන් සමග ගවේෂණය කිරීම වර්තමානයේ ආකර්ෂණයට ලක්වූ ක්ෂේත්‍රයකි.

අප ඉහත දැක්වූ ද්‍රව්‍ය සහ මනස අතර සරල සම්බන්ධතාවයට විකල්ප වශයෙන් වක්‍ර ලෙස එම සම්බන්ධතාවය විදහා දක්වන මේ ආකෘතිය ද තුන්වැනි වර්ගයක් හෝ විචල්‍යක් අනුසාරයෙන් භාවිතා කළ හැකිය.
මෙම තුන්වැනි වර්ගය එනම් mame විචල්‍යය යනු ද්‍රව්‍ය හෝ මානසික තත්වයන් කෙරෙන් උදාසීන විචල්‍යයක් ලෙස බොහෝ විට හඳුනා ගැනේ. එනම් භෞත-මානසික වශයෙන් උදාසීන ලෙසයි. මෙම දෙවැනි ආකෘතියේ ගුණාත්මක ලක්ෂණයක් නම් එය වෙන් කළ නොහැකි ලෙස ද්‍රව්‍ය සහ මනස අතර බැඳීමත් ඒ ද්විත්වයේ පවතින වෙනස්කම් කෙරෙහි ඌණිත සහ ප්‍රාදූර්භූත වීමේ ශක්‍යතාවයන් ට පසුබිම් යථාර්ථයක් සපයන බවයි. මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් 4.6 කොටසේ එයි.

එබඳු ද්විත්ව දෘශ්ටි විකල්පනයක් ඔස්සේ එනම් ප්‍රධාන දහරාවේ වඩාත් ඉස්මත්තට නොපැමිණි ආඛ්‍යානයක් වෙත දීර්ඝ සම්ප්‍රදායක් ඇත්තේය. එහි මුලාකෘති ස්පිනෝසා දක්වාම විහිදේ. දහනමවැනි සියවසේ මුල් කාලීන මනෝභෞතික ප්‍රවාදයන් ෆෙෂ්නර් 1861 හා වන්ඩ්ට් 1911 විසින් දෘශ්ටිමය ලෙස ග්‍රහණය කොට තිබුණි. දාර්ශනික සන්තති විෂය ක්ෂේත්‍ර යේ නූතන පුරෝගාමියකු වන වයිට්හෙඩ් මානසික සහ භෞතික ද්විධ්‍රැවයන් තත්‍යය අවස්ථාවල ධ්‍රැවයන් ලෙසත් ඒවා එකිනෙකින් ලෝකෝත්තර ස්වාභාවයේ ද්විධ්‍රැවතාවයන් ප්‍රදර්ශනය කරන බවත් පවසා ඇත. අනන්‍යතා සිද්ධාන්ත ලෙස ද සම්ප්‍රදායික එළඹුම් හඳුන්වා දී ෆෙයිගල් [1967] සහ ස්මාර්ට් [1963] ඒවායේ අනිවාර්ය ලක්ෂණ වූ මානසික සහ ද්‍රව්‍යමය තත්වයන් එකිනෙක අනන්‍ය මධ්‍යම තත්වයන් ලෙස ද අර්ථකතනය කොට ඇත්තේ වෙනස් පර්යාදර්ශීන් ලෙසය. යුංග් සහ පෝලි [1955] ද මේ සම්බන්ධයෙන් වෙනස් අදහස් යෝජනා කොට ඇත්තේ වෙසෙසින් යුංග් ගේ දැක්මට අනුව මානසික-භෞතවේදය නිශ්ක්‍රිය පුරාකෘතික පිළිවෙලින් යුත් බවත් බෝම් සහ හිලේ විසින් යෝජිත වන්නේ සංශ්ලේෂණාත්මක පිළිවෙලකින් විවිධ මානසික සහ ද්‍රව්‍යමය මානයන් නිරවුල් කරගත හැකිය යනුවෙනි.


වෙල්මන් [2002/2009] මෑත කාලීනව ඉදිරිපත් කර ඇති මනෝවිද්‍යාත්මක ප්‍ර වේශය වන්නේ ඒ ආකාරම වූ අනුභූතික ද්‍රව්‍යාත්මක අනුබලයකින් කරනු ලබන විග්‍රහයකි. ස්ට්‍රෝසන් [2003] දී යෝජනා කර ඇත්තේ යථමය ද්‍රව්‍යවාදයකින් උත්පත්තිය ලැබුවා වූ ඒ ආකාරම වූ ආකෘතියකි. තවත් ආකාරයකට ද්වෛතවාදී චින්තාවලි විග්‍රහයක් ගෙන එන චාමර්ස් [1996] පවසන්නේ මානසික-භෞතිකවේදය තොරතුරු හසුරවා ගැනීම පිළිබඳ ප්‍ර වේශයකින් එහි යටිතලය වඩාත් නිරාවරණය කරගත හැකි ආකෘතියක් බවට පත් කර ගත හැකිය යන මතයයි.

මේ විෂයේ වැඩිදුරක් යාමට මත්තෙන් අප අවධාරණය කරගත යුත්තේ බොහෝ වර්තමාන එළඹුම් ප්‍රථම පුද්ගල සහ තෙවන පුද්ගල පර්යාලෝකනයන් කෙරෙහි දක්වන උනන්දුව ද්‍රව්‍ය සහ මනස අතර හිදැසට දක්වන උනන්දුවට වඩා විෂය වශයෙන් ආකර්ෂණීය වී ඇති බවය. එම අපේක්ෂාවෙන් අවලෝකනය වන මෙම විෂය වඩාත් නැඹුරු වන්නේ ක්වේලියා නම් වූ ක්ෂණික මනස් අත්දැකීම්වලට එදිරිව චර්යාත්මක පාර්ශවය සළකා බැලීමටත්- ස්නායු සහ ජීව භෞතික තත්වයන් අතර හට ගන්නා විෂමතාවයන් පිරික්සීමත්ය. දෘඨ ගැටළුව ලෙස නාමික වූ මනස පිළිබඳ පර්යේෂණාත්මක පෙළඹවීම විසින් පුරවා දැමීමට තැත් දරන්නේ ප්‍රථම පුද්ගල අත්දැකීම සහ තෙවන පුද්ගල නිර්වේෂණ අතර පරතරය වේ. මේ වත්මන් දායකත්වය විසින් මානසික විඥාන තත්වයන් ව්‍යංගයෙන් අනුමාන කරන්නේ ඒවා ප්‍රථම පුද්ගල අත්දැකීම් ලෙස වටහා ගැනුමටය. කෙසේ වෙතත් මෙය විඥානය නිරවද්‍ය ලෙස අර්ථදක්වා ගැනීමේ ගැටළුව විසඳා ඇතැයි කීමට හැකි තත්වයක් නොවන බැව් අමතක නොකළ යුතුය. අවසාන වශයෙන් එය අවම තරමින් මානසික තත්වයන් අරුත්දැක්වීම ද්‍රව්‍ය තත්වයන් පිළිබඳ විග්‍රහ කරගැනීම උදෙසා වන දුෂ්කරතාවයට වඩා ඉමහත් දුෂ්කර කාර්යයක් බැව් හෝ සනාථ කරනු ඇත.


මීළඟට 3 කොටසින් ස්නායු(නියුරො)-භෞතවේදී විග්‍රහ තලයන් සාකච්ඡාවට ගැනෙනු ඇත.


දර්ශනය පිළිබඳ ස්ටැන්ෆර්ඩ් විශ්වකෝෂයේ ලිපියක පරිවර්තනයකි.
2004 නොවැම්බර් 30 මුල්වරට පළ වූ මෙම ලිපිය 2011 මැයි 19 වන දින සංශෝධන සහිතව නැවත පලකරන ලද්දකි.


මෙම ලිපියේ හිමිකම් Harald Atmanspacher වෙතය.
Copyright © 2004 Harald Atmanspacher haa@igpp.de

Monday, June 27, 2011

මනස ක්වොන්ටම් යාන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ද?

ඩිස්කවර් සම්මුඛ සාකච්ඡාව

රොජර් පෙන්රෝස් පවසන්නේ භෞතික විද්‍යාව තන්තු සිද්ධාන්තයේ සිට ක්වොන්ටම් යාන්ත්‍රිකය දක්වාම සදොස් බවයි...


භෞතික විද්‍යා චින්තන දහරාවේ දැවැන්තයෙකු වන මොහු පවසන්නේ මිනිස් මොළය මෙන්ම විශ්වය ද ක්‍රියාත්මක වන්නේ කිසියම් අප තවමත් සොයා නොගත් එකම සිද්ධාන්තයක් මතයි කියාය.


සාකච්ඡාව සුසන් ක්‍රැග්ලින්ස්කි- සේයාරූ ඔලිවර් කැනරින් විසිනි.


2009 සැප්තැම්බරයේ ඩිස්කවර් සගරාවේ පළ වූ ලිපිය අන්තර්ජාලයේ පළ වූයේ 2009 ඔක්තෝබර් 6 වැනිදාය.

රොජර් පෙන්රෝස් ඔහුටම ආවේණික වූ ඉමහත් ආඩම්බර සුළු ස්වභාවය නොසළකා හැරිය හැකි දෙයකි. භෞතික විද්‍යාව, ගණිතය සහ ජ්‍යාමිතියට ප්‍රමූලික සම්පත් දායක කළ ඔහු භෞතික විද්‍යාවේ සදාකාලික දැවැන්තයින් වන හෝකින්ස් සහ අයින්ස්ටයින් වැන්නවුන්ගේ නාමාවලිය අතරට සිය නාමය සනිටුහන් කළ න්‍යායාචාර්යවරයෙකි. ඔහු, මිය යන තාරුකාවලින් කළු කුහර නිර්මාණය වන බව සාක්ෂාත් කරන්නට සාමාන්‍යකරණය කළ සාපේක්ෂතාවාදයෙන් සාධනයන් ඉදිරිපත් කරන්නට සමත් වූවෙකි. ඔහු "ට්විස්ටර්" සිද්ධාන්තය [twistor theory] ලොවට හඳුන්වා දෙමින් එමගින් කාලය සහ අවකාශය පිළිබඳ ආකෘතිය දෙස නැවුම් ලෙස බැලීමටත් ගුරුත්වාකර්ෂණයේ ස්වභාවය පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් අත් කර දීමටත් මග පාදා දුන්නේය.

"පෙන්රෝස් කැට" ලෙසින් හඳුන්වන්නට යෙදුනු ඔහු විසින් සොයාගත් නවතම ජ්‍යාමිතියේ රූපික ආකෘති විශේෂය සුවිශේෂය. ඔහු තවදුරටත් මොළය පිළිබඳ පර්යේෂකයකු ලෙස මොළයේ ක්‍රියාකාරිත්වය හෙවත් විඥානය පහල වන්නේ ක්වොන්ටම් යාන්ත්‍රික ක්‍රියාවලියකින් බැව් සෛද්ධාන්තිකව පෙන්වා දීමෙන් විද්‍යා ලෝකය විමතියෙන් අවුස්සන්නට සමත් විය. එමෙන්ම මේ නැවුම් සංකල්ප ලෝකය වෙත ගෙන එනු පිණිස දැවැන්ත ලෙස පාඨකයන් කියවන්නට පොළඹවන සුළු සහ ඉහළම මට්ටමින් විකිණෙන විද්‍යා ග්‍රන්ථ ගණනාවක් ඔහු විසින් ලියැවුණි.

තවමත් අසූ වියේ පසුවන පෙන්රෝස් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යනාංශයේ ගෞරවණීය විශ්‍රාමලත් මහාචාර්යවරයෙකු ලෙස පදවි හොබවන අතර ඔහුගේ මුල්ම වෘත්තීය ප්‍රවිෂ්ටය වූ පර්යේෂකයකු ලෙසම සරල ඇවතුම් පැවතුම් ඇතුව ජීවත් වන බැව් සඳහන් කළ යුතුය. ඔහුගේ කුඩා කාර්යාල කාමරය තවත් මහාචාර්යවරු හය දෙනෙකු සමග බෙදා හදා ගනිමින් ඔවුන්ගේ බඩු මුට්ටු ද සමග අවහිරතා මධ්‍යෙය් සිය කටයුතු කළ ද ඔහු සැඳෑ කාලයේ දී දෛනිකව සිය නව හැවිරිදි පුතුන් පාසලෙන් මුදා ගන්නට ද සිය කාලය මිඩංගු කරන්නේ ඉමහත් කාර්යබහුලත්වය තුළය. අධික කුතුහලයකින් ජීවය ලබන ඔහු තවමත් සිය මනස මෙහෙය වන්නේ තමන්ගේ නම ඉතිහාසයේ කුමන ස්ථරයක ස්ථාවර කරගන්නේ දැයි යන විමතියෙන්, විශ්වය කෙසේ ඇරඹුනි ද? කාලය සහ අවකාශය තුළ තවත් ඉහළ මාන තිබේ ද? දැනට මුල් පෙළේ සෛද්ධාන්තික පසුබිමක් අත් කරගත් තන්තු න්‍යායට [string theory] සැබැවින්ම තේරුමක් තියේ ද? වැනි ඉමහත් පරාසයක පැතිරුණු ප්‍රශ්න කෙරෙහි ය.

ජීවිත කාලයම නොයෙක් සංකීර්ණ ගණිතමය ගැටළුවල කාලය ගත කළ හෙයින් පෙන්රෝස් හට සාමාන්‍ය ආධුනික පර්යේෂකයකුට වඩා අතිමහත් පර්යාලෝකනයකින් භෞතික විද්‍ය න්‍යායන් දෙස බැලිය හැකි බැව් අවිවාදිතය. මේ සියල්ලේ පතුල ගවේෂණය කිරීමට පෙර ඔහු පවසන්නේ භෞතික විද්‍යාඥයාගේ කාර්යභාරය වන්නේ සියළු ප්‍රෙහ්ලිකාවන්ගේ මාතෘ වන අතිශය ප්‍රමූලික අංශුවල හැසිරීම නිර්ණය කරන්නා වූ නීති රීති සහ අප වැනි විශාල පද්ධති නිර්මාණය කරන එවැනි අංශුවල ඒකාග්‍රතාවයේ නීති රීති අතර ඇති සම්බන්ධතාවය සොයා යෑමේ ගැටළුව සමග පොර බැදිය යුතු බවයි.

ඩිස්කවර් සඟරාවේ සංස්කාරකවරයෙකු වන සුසන් ක්‍රැග්ලින්ක්සි සමග පෙන්රෝස් කරනු ලබන මේ සාකච්ඡාවේ දී හෙතෙම නූතන භෞතික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රඥප්ති එනම් වළලු සිද්ධාන්තය සහ ක්වොන්ටම් යාන්ත්‍රිකය ප්‍රශ්න කෙරෙන විවාදාත්මක කාරණා පිළිබඳව නොපැකිලව පිළිතුරු සපයයි. අප ජීවත් වන යථාර්ථය තුළ අතිශය ගැඹුරු ස්ථර කරා ගමන් කිරීමට වර්තමානයේ පවතින බාගෙට තැම්බුනු සිද්ධාන්ත කොතරම් දුරට තව වර්ධනය විය යුත්තේ දැයි වටහා ගන්නට දක්වන උනන්දුව මැනිය හැක්කේ හුදෙක් අතීතයේ එම දැනුමේ සංවර්ධනය පිළිබඳ ඇති පෙන්රෝස්ගේ අවබෝධය වත්මන් භෞතික විද්‍යාඥයන් කිසි දිනෙක සම්පූර්ණයෙන්ම අවබෝධ කර නොගන්නා විශ්වයේ ගම්භීර සිද්ධාන්ත කෙරෙහි ඔහුගේ දැනුමට එදිරිවය.

ඔබ ගොඩනැගෙන්නේ කීර්තිමත් අධිෂ්ඨානපූර්වක පවුල් පසුබිමකින් යැයි කීවොත් එය ඔබ පිළිගන්නව ද?

මගේ වැඩිමල් සොහොයුරා රාජකීය විද්‍යා සමාජයේ අධි-සාමාජිකත්වය දරන අග්‍රගණ්‍ය සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්. මගේ බාල සොහොයුරා බ්‍රිතාන්‍ය චෙස් ශූරතාවය පිට පිට දහ වරක් දිනා වාර්තා තැබූවෙක්. මගේ පියා චාම් ක්‍රිස්තියානි පවුලකින් පැවත ආවෙක්. ඔහුගේ පියා වෘත්තීය කලාකරුවෙක්. බොහෝම සාම්ප්‍රදායික සහ ආගමික නැඹුරුවකින් නිර්මානකරණයේ යෙදුන අයෙක්. අපේ පවුල බොහොම තද නීති මධ්‍යෙය් පැවතුනක්. මම හිතන්නේ නෑ අපට නවකතාවත් කියවන්නවත් නිදහසක් තිබ්බ ද කියල ඒ කාලේ. ඇත්ත වශයෙන්ම ඉරිදා නම් කොහෙත්ම ඉඩක් නෑ. සොහොයුරන් සිව් දෙනෙකු අතර මගේ පියා ඉන් එක් අයෙකු වූ අතර ඔවුන් සියල්ලම දක්ෂ කලාකරුවන් විය. ඔවුන් අතරින් එක් අයෙකු වූ සර් රෝලන්ඩ් කලා ලෝකයේ ඉතා ප්‍රචලිත කලාකරුවකු බවට පත් විය. ඔහු ලන්ඩන්හි අද්‍යතන කලා සංගමයේ ආදිකතෘවරයෙක් ද විය. මගේ පියා මානව ජාන විද්‍යාඥයෙකු ලෙස වැඩිහිටි මවුවරුන් විසින් ඩවුන් සින්ඩ්‍රෝම් ජාන විකෘතියෙන් යුත් දරුවන් වැඩිපුර බිහි කරන බවට සාධනයක් ඉදිරිපත් කරමින් ජාන විද්‍යා දැනුමේ කීර්තිමත් නාමයක් උපයා ගත් අයෙක් වන අතර ඔහු විවිධාකාර වූ විද්‍යාත්මක දෑ පිළිබඳ දැඩි උනන්දුවක් ඇත්තෙක් විය.

කොහොමද ඔබගේ පියා ඔබගේ චින්තනයට බල පෑ ආකාරය?

මගේ පියා ගැන සුවිශේෂ වශයෙන් කිව යුත්තක් වන්නේ ඔහුගේ ජීවිකාව සහ ඔහු විනෝදය පිණිස කළ දේවල් අතර කිසිදු සීමාවක් හෝ බාධාවක් නොපවත්වා ගන්නට සමත් වූ බවයි. ඒකම තමයි මටත් බලපෑවේ. ඔහු තමන්ගේ දරුවන්ට මුණුපුරන්ට ප්රහේලිකා සහ සෙල්ලම් බඩු නිර්මාණය කරල දුන්නා. ඔහු තමන්ගේ නිවස පිටුපස කුඩා මඩුවක තමන්ගේ අත් කියතෙන් විවිධ ලී කොටස් කපමින් කොටමින් මේ දේවල් කළේ. මට මතකයි එක් වරක් ඔහු ස්ලයිඩ් රූලක් [Slide Rule]නිර්මාණය කරා එකිනෙකට වෙනස් "ස්ලයිඩ්" දෙලොසක් පමණ එහා මෙහා චලනය කරමින් විවිධ සංකේත සහ ගණිත ලකුණු යොදා සංකීර්ණ ආකාරයට එම සංකේත හසුරවන්නට හැකි. පසුකාලීනව ඔහු වැඩිමනත් කාලය ගත කළේ ලීවලින් තැනූ මොඩල විශේෂයක් හරහා එම රූප විසින් ම තම රූපය වඩාත් සංකීර්ණ ලෙස තනා ගන්නා ලී හැඩතල විශේෂයක් වෙනුවෙනි. ඒවට දැන් කාලේ නම් කියන්නේ කෘත්‍රිම ජීවිතය කියලයි. මේවා හරිම සරල උපකරණ-ඒවාට ඒවාම සම්බන්ධ කරන්න හරිම පහසුයි- හැම කොටසක්ම ඒවායේම අනෙක් කොටස් සමග හරි පහසුවෙන් සම්බන්ධ වෙනවා. ඔහු ලී මඩුවේ වාඩි වී මේ පැතැලි උපකරණ විශාල ප්‍රමාණයක් ලීයෙන් කපමින් කාලය ගත කළා.

එහෙනම් මම හිතන්නේ ඔබගේ පියා වෙන්නැති පෙන්රෝස් ටයිල් ඒ කියන්නේ හැඩතල නැවත නැවත ප්‍රතිවර්තනය කිරීමෙන් සමමිතික පංචාස්‍රාකාර ඝණ මතුපිටක් සොයා ගැනීම වෙනුවෙන් ඔබව පොළඹවන්නට ඇත්තේ කියා.

ඒක එක අතකින් හරිම තකතිරු වැඩක් තමයි. මට මතකයි මම ඔහුගෙන් අහනවා-එතකොට මට වයස අවුරුදු නවයක් විතර ඇති-සම ෂඩස්‍ර එකට එකතු කර ගෝලයක් තනන්නට හැකිදැයි කියා-එතකොට එයා කීවා "බැහැ එහෙම කරන්න බැහැ, නමුත් ඔබට පුළුවනි පංචාස්‍ර [pentagon]භාවිතයෙන් එවැන්නක් හදන්න".-මෙය මා පුදුමයට පත් කළා. ඔහු මට පෙන්වලා දුන්නා කොහොමද බහුතලයක් [polyhedra] හදන්නේ කියලා-ඊට පස්සේ මම එතනින් පටන් ගත්තා.

"පෙන්රෝස් ටයිල්" වල ලස්සන විතරක් ද, වෙන කිසියම් ප්රයෝජනයක් නැද්ද?

මම මේ "ටයිල්" වලට ආකර්ෂණය වන්නේ, මගේ අදහසක් තියෙනවා විශ්වය පාලනය වන්නේ අතිශය සරල බලවේග මතයි කියන එක-සමහර විට අප ඕනවටත් වඩා සංකීර්ණ දේවල් දැක්ක වුනත්. මේ "ටයිල්" රටා මැවීමේ ක්‍රියාදාමය සංකීර්ණ රටා කරා යාමේ දී සිදුවන සම්මත නීති රීති මතුකර පෙන්වනවා. මේක එක්තරා උත්සාහයක් අපි එදිනෙදා ලෝකයේ දකින වස්තු තුළ, සරල දේවල් තුළින් සංකීර්ණ දේවල් නිර්මාණය වන නීති රීතින් අතර ඇති සරල සම්බන්ධතා අවධාරණය කරගන්නට.

එම් සී එස්කෙර් නම් වූ චිත්‍රශිල්පියා ඔබගේ මේ ජ්‍යාමිතික සොයා ගැනීම් තුළින් ප්‍රහර්ෂය ලද්දෙක්. ඒ පිළිබඳ කතා පුවත කුමක් ද?

මම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබද්දී ඇම්ස්ටර්ඩෑම්වල පැවති ජාත්‍යන්තර ගණිතඥයන්ගේ සමුළුවට සහභාගි වුනා. මට මතකයි, එහි මා දැන සිටි එක්තරා දේශකයෙකු අත මේ කැටලොග් එක තිබ්බා. ඒකේ මුල් පිටුවේ තිබ්බේ එස්කෙර්ගේ "දහවල සහ රාත්‍රිය" නම් වූ සිතුවමයි. එහි කුරුල්ලන් එකිනෙක ප්‍රතිවිරුද්ධ දිශාවලට පියඹා යන අයුරු සිතුවම්ව තිබුණා. දර්ශන පසුතලය එක් පැත්තකින් රාත්‍රී කාලයත් අනෙක් පසින් දිවා කාලයත් දැක්වුණා. මේ දැකුමින් ප්රෝමදයට පත් මා ඔහුගෙන් විමසා සිටියා මේ සිතුවම ඔහු ලද්දේ කොහෙන්දැයි කියා. ඔහු කීවා "හොඳයි ඔබ ආකර්ෂණය වන ආකාරයේ සිතුවම් සහිත ප්‍රදර්ශනයක් තියෙනවා එස්කෙර් නම් වූ චිත්‍ර ශිල්පියෙකුගේ" යැයි. ඉතිං මම ඒක බලන්න ගියා -ඇත්තටම මා කවදාවත් නොසිතා සිටි අතිශය අද්භූතජනක පුදුමාකාර සිතුවම් මට එහිදී දක්නට ලැබුණා. මම හිතා ගත්තා ඒ වගේ ප්‍රායෝගික නොවන ජ්‍යාමිතික සැකසුම් සහිත නිර්මාණ කීපයක් අත්හදා බලන්නට සිතුවම් ඇසුරින්. එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රිත්ව-දඩු [Tri-Bar] නමින් දැන් හැඳින්වෙන මේ සැකසුම මා නිර්මානය කළා. ඒක ත්‍රිකෝණාකාර ත්‍රිමාන හැඩයක් මෙන් පෙනී යන දෙයක් නමුත් එය ත්‍රිමාන දෙයක් ලෙස භෞතික ලෝකයේ සකස් කළ නොහැකියි. මම මේක මගේ පියාට පෙන්වූවාම ඔහු තවත් එවැනි ප්‍රායෝගික ත්‍රිමාන ලෝකයේ නිර්මාණය කළ නොහැකි ගොඩනැගිලි සහ ආකෘති ගණනාවක් සිතුවම් කර පෙන්වූවා. ඊට පස්සේ අපි මේ ගැන ලිපියක් සකස් කරල බ්‍රිතාන්‍ය මනෝ විද්‍යා ජර්නලයට යැව්වේ චිත්‍රශිල්පී එස්කෙර්ටත් දැනුම් දීමක් කරලයි.

එස්කෙර් මේ ලිපිය දැකලා ඉන් ඇවිස්සුනා ද?

එයා ලිපියෙන් කාරණා දෙකක් උපුටා ගත්තා. එකක් තමයි ත්‍රිත්ව දඩු- අන්න ඒක එයා පාවිච්චි කළා එයාගේ "දිය ඇල්ල" [Waterfall] නම් වූ ලිතෝග්‍රැෆික සිතුවමට. අනිත් එක තමයි අප්‍රායෝගික තරප්පු පෙළ-ඒක නිර්මාණය කරල සිතුවම් ගත කළේ මගේ පියා විසිනුයි. එස්කෙර් යතිවරුන් පිරිසක් තරප්පු පෙළක අනවරතව ගමන් කරන අයුරු විදහා දැක්වෙන "නැගීම සහ බැසීම" [Ascending and Descending] නම් වූ සිතුවම එය අනුසාරයෙන් නිර්මානය කළා. මට එක් වරක් එස්කෙර් හමු වුන විටෙක මම ඔහුට දුන්නා රටා පුනරාවර්තනය වන ටයිල් කැට ටිකක් ඒවා කැට දොලසක් පමණක් එකිනෙකට සම්බන්ධ වන ආකාරයේ ප්රබේදයක්. ඔහු මේක සාර්ථකව සකස් කරල පසුව ඔහු මට ලිපියක් ලීවා එය කළෙ කෙසේද යන්නත් එය කුමන පදනමකින් කළා ද යන්නත් අසමින්. ඉතිං මම එයාට පෙන්නුවා කුරුල්ලෙකු වැනි හැඩයක් මේ නිර්මාණයට පාදක වූ බවත් ඉන් පසු ඔහු එම හැඩය මගේ මතකයේ හැටියට ඔහුගේ අවසාන නිර්මානය වූ "හොල්මන්"[Ghosts] නම් වූ සිතුවම නිර්මානය කරන්නට උපයෝගී කරගත්තා.

ඔබ කුඩා කල ගණිතයේ අදක්ෂයෙකු බැව් හැබෑ ද?

මම හිතාගන්නත් බැරි තරම් සෙමින් වැඩ කළේ ඒ කාලේ. මම කැනඩාවේ කාලයක් වාසය කළා -අවුරුදු හයක් විතර -ඒ යුද්ද කාලේ. මට වයස අටක් වෙද්දි පංතියේ සරල ගණිත විශය යටතේ මනසින් ගණන් හදන්නට වෙනවා බොහොම ඉක්මණින් එහෙම නැත්නම් මට දැනිච්ච විදියට ගොඩක් වේගයෙන්. මම හැමතිස්සේම අසමත් මේ වැඩේට. මගේ ගුරුවරයත් මා ගැන කිසිම පැහැදීමක් තිබ්බෙ නැති නිසා හැමදාම වගේ පංතියෙන් දොට්ට දැම්මා මාව. එක්තරා සියුම් දැක්මකින් යුත් ගුරුවරයෙක් මගේ මේ අසමර්තකම දැකුමෙන් මට මේ ගණිත කර්ම සිදු කරන්නට වැඩිපුර කාලයක් දෙන්නට තීරණය කළා. මට ඕන තරම් කාලය ගන්නට උපදෙස් ලැබුනා. අපි සේරමලා එකම ගණිත පරීක්ෂණයට මුහුණ දුන්නා. මට විතරක් ඊළඟ කාල පරිච්ඡේදයත් මේ වෙනුවෙන් ගන්නට ඉඩ ලැබුණේ ඇත්ත වශයෙන්ම ඊළඟ කාල පරිච්ඡේදය වෙන් ව තිබුණේ සරඹ සඳහා බැවිනුයි. අනිත් හැමෝම පරීක්ෂණය නිම කරලා සරඹ ක්‍රීඩාවලින් විනෝද වෙද්දි මට සිදු වුණා මේ ගණිත පරීක්ෂණ වෙනුවෙන් මොළය වෙහෙසන්න. එහෙම වෙලත් සමහර දවසට මට සරඹ කාල පරිච්ඡේදයත් ඉක්මවලා ඊළඟ කාල පරිච්ඡේදය උදාවනතුරුත් මේ වැඩේ ඉවරයක් කරගන්න බැරි වෙනව. ඉතිං මම සාමාන්‍ය අනෙක් සිසුවෙකුට වඩා දෙගුණයක් සෙමෙන් කියල මට තේරුණා. එහෙම වුනත් මම හොඳින් වැඩ කළා. ඔබට තේරෙනව නේද මට ඇති පදම් කාලය දුන්නා නම් වඩාත් ඉහළ ලකුණු අරන් සමත් වෙන්න තිබ්බා.

ඔබ කියනවා ක්වොන්ටම් භෞතිකයේ යථා ලෝක හැඟවුම් විකාර සහගත බව. මේ විරුද්ධත්වයේ පදනම කුමක් ද?

පරමාණුවල ස්ථායිතාවයෙන් ඇරඹෙන මින් පෙර කවර කලෙකවත් විග්‍රහ නොවූ හැම දෙයක්ම විග්‍රහ කරන්නට සමත් ක්වොන්ටම් යාන්ත්‍රිකය කියන්නේ විශ්වාස කළ නොහැකි තරම් බලවත් සිද්ධාන්තයක්. නමුත් අපි අයින්ස්ටයින්ගෙන් දැන උගත් කාල අවකාශ සංකල්පය විසිකර දමන්නට සිදු වෙනවා මේ අරුම පුදුම ක්වොන්ටම් යාන්ත්‍රිකය විශ්වාස කරන්න ගත්තම. මෙතන තියෙන පුදුමාකාර විකාර සහගත තත්වය තමයි මේ විශ්වාසයෙන් කිසිම ප්‍රායෝගික තේරුමක් නැති බව. ඔබ මේ නීති පිළිපදින්නට පටන් ගත්තොත් ඔබ එක්තරා තැනකට එනවා සම්පූර්ණයෙන්ම වැරදි සහගත.

ක්වොන්ටම් යාන්ත්‍රිකයේ දී කිසියම් වස්තුවකට එකවර විවිධ අවස්ථා තුළ පවතින්නට පුළුවන් වීම ටිකක් විකාරයි වගේ. ලෝකය පිළිබඳ ක්වොන්ටම් පැහැදිලි කිරීම් සම්පූර්ණයෙන්ම අපගේ අත්දැකීම්වලට පටහැණියි.

ඒක කිසිම තේරුමක් නෑ; සහ සරල හේතුවකුත් තියෙනවා. ඔන්න බලන්න, ක්වොන්ටම් යාන්ත්‍රිකයේ ගණිතයට පැති දෙකක් තියෙනවා. එකක් තමයි ක්වොන්ටම් පද්ධතියේ පරිණාමය. ඒ කියන්නේ ෂ්‍රෝඩිංගර් සමීකරණයෙන් හරියටම අර්ථ දැක්වෙන සහ අතිශය නිවැරදිව ගණනය වන වපසරිය. ඒ සමීකරණයෙන් ඔබට කියනව මෙහෙම. ඔබ දන්නව නම් මේ අවස්ථාවේ කිසියම් පද්ධතියක ඇති අංශුවක තත්වය ඔබට පුළුවනි තව මිනිත්තු දහයකින් එහි තත්වය නිවැරදිව ගණනය කරන්නට. ඒ කොහොම වුනත් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ අනිත් ගණිතමය පැත්ත සළකා බැලූ විට ඔබ යමක් මැන ගැනීමට දරන උත්සාහයේ දී සිදුවන දෙය සළකා බැලිය හැකියි. එක් ප්‍රතිඵලයක් ලබනවා වෙනුවට එවැනි අවස්ථාවක දී ඔබ සමීකරණය භාවිතා කරන්නේ සම්භාවිතා අගයයන් පරාසයක් ලැබෙන පරිදියි. ප්‍රතිඵලය කියන්නේ නැහැ මේ තමයි ලෝකය කරන දේ යනුවෙන් නමුත් එය පවසා සිටින්නේ යම් දෙයක් කරන්නට ඇති හැකියාවන් පිළිබඳ තක්සේරුවක් පමණයි. සමීකරණය විසින් පැහැදිලි කළ යුත්තේ ලෝකය පිළිබඳ සම්පූර්ණ නිර්ණායකයක් සැපයීම වුවත් එය එසේ කරන්නේ නෑ.

එම සමීකරණය නිර්මානය කළ අර්වින් ෂ්‍රෝඩිංගර් ශ්‍රේෂ්ට බුද්ධිමතෙකු ලෙස සැළකෙනවා. ඇත්ත වශයෙන්ම ඔහු මේ සංඝට්ටනය පිළිබඳව දැනුවත්ව සිටියා.

ෂ්‍රෝඩිංගර් මේ පිළිබඳව අවධානයෙන් සිටියා කවුරුත් වගේම. එයා තමන්ගේ උපකල්පිත බළලාගේ කතාවේ දී ඔහු මෙහෙම පවසා තියෙනවා. "අඩු වැඩි වශයෙන් හරි, ඔබ මගේ සමීකරණය නිර්වේෂණය කරන දෑ විශ්වාස කරනවා නම්, ඔබ මේ බළලා එකම වෙලාවක දී ජීවත් වන බවත් මරණයට පත් වන බවත් විශ්වාස කළ යුතුයි". ඔහු කියනවා "ඒක කිසි තේරුමක් නැති දෙයක්. මොකද ඒක එහෙම නොවන දෙයක් නිසා. ඒ නිසා මගේ සමීකරණය බළලුන්ට හරි යන්නේ නෑ.ඒ නිසා වෙන අනිත් හේතුවක් මේ සඳහා යොදා ගත යුතුයි."

ඔබ මේ අරුම පුදුම ක්වොන්ටම් යාන්ත්‍රිකය විශ්වාස කරන්න ගත්තම අයින්ස්ටයින්ගෙන් දැන උගත් කාල අවකාශ සංකල්පය පැත්තකට කර දමන්නට සිදු වෙනවා. ඔබට හමුවෙන්න ගන්නවා යමක් කිසිම නිරවද්‍යභාවයක් නොමැති.

ඒ කියන්නේ ෂ්‍රෝඩිංගර් යථාර්ථයේ ස්වභාවය "බළල් උපන්‍යාසයෙන්" විග්‍රහ වන්නේ යැයි කවරදාකවත් විශ්වාස කළේ නැහැ?

ඔව් එය ඇත්ත. මම හිතනවා එයා මේක පෙන්වලා දුන්නා. ඒ කියන්නේ, බලන්න ක්වොන්ටම් යාන්ත්‍රිකයේ විශාලතම ප්‍රතිරූප ත්‍රිත්වය දෙස-ෂ්‍රෝඩිංගර්-අයින්ස්ටයින් සහ පෝල් ඩයිරැක්. ඒ අය සේරම ක්වොන්ටම් සංශයවාදීන් එක අතකින්. මිනිස්සු වැඩියෙන් ම විශ්මයට පත් වන්නේ ඩයිරැක් ගැන, මොකද එයා තමයි ක්වොන්ටම් යාන්ත්‍රිකයේ මූලික පදනම ව්‍යුහගත කරන්නේ. මිනිස්සු තේරුම් ගන්නවා මේකේ බැරූරුම් බව, නමුත් ඩයිරැක් හුඟක් පරෙස්සම් වෙනවා එයා මෙහෙම කියද්දී. එයාගෙන් ඇහුවම මෙහෙම "මොකද්ද මිනුම් කිරීම සම්බන්ධව ඇති ගැටළුව ගැන ඔබේ අදහස?" එයා ප්‍රතිචාර දක්වන්නේ මෙහෙම; "ක්වොන්ටම් යාන්ත්‍රිකය කියන්නේ අවස්ථානුකූල සිද්ධාන්තයක්. ඇයි මම ක්වොන්ටම් යාන්ත්‍රිකයෙන් පිළිතුරක් බලාපොරොත්තු වන්නේ?" එයා විශ්වාස කළේ නෑ ඒක සත්‍යයි කියලා. නමුත් එයා මේක වැඩිය ප්‍රසිද්ධ කළේ නෑ.

එහෙම වුනත් "බළල් උපන්‍යාසය" හැම තිස්සෙම සාධනය කළේ අපට අමුතු යථාර්ථයක් පිළිගන්නට කරන බලපෑමක් හැටියටයි. ඒ සංකල්පය අද වෙනකොට සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ සංකල්ප දියුණු කරන්නට බලපෑවේ නැද්ද?

ඒක හරි. මිනිස්සුන්ට ෂ්‍රෝඩිංගර් සමීකරණය වෙනස් කරල එහි ප්‍රතිඵල ලෙස ගම්‍යමාන වන බහු ලෝක අර්ථකථනවලට යෑමේ අවශ්‍යතාවයක් තිබ්බේ නෑ.

ඒ පැහැදිලි කිරීම් පවසා සිටින්නේ එම සම්භාවිතා අගයයන් විසින් ජනනය කරන්නේ කොහෙද තියෙන සමාන්තර විශ්ව ගැන නේද?

එහෙම කියැවෙනවා තමයි. එකම මොහොතක ඒ බළලා ජීවත් වන අතරම මියගොස් ඇති බවක් කොහොම හරි කියැවෙනවා තමයි. ඒ බළලා දෙස ඔබ අධිස්ථාපන[superposition] රාමුවකින් බලන්නට වෙනවා ඒ කියන්නේ එකම විට බළලා ජීවත් වෙන සහ මිය ගිය යන ද්විප්‍රකාර තත්වයන් එක මත වැටුණු. ඇත්ත වශයෙන්ම අපට එය අත්දකින්නට බැහැ ඒ කියන්නේ භෞතික විද්‍යාඥයන්ට කියන්න වෙනවා ඔබගේ විඥානය එක පථයක් හෝ අනෙක් පථයක් කරා ගමන් කරන බව ඔබගේ දැනුවත් වීමෙන් තොරව. ඒ කියන්නේ ඔබට යන්නට සිදුවන්නේ සම්පූර්ණයෙන්ම විකාර සහගත දෘෂ්ටිකෝණයකට. ඔබට මේ බහුලෝක කතා තුළට තල්ලු වන්නට සිදුවීම එක්තරා අයුරකින් අප දන්නා කියන ප්‍රත්‍යක්ෂ ලෝකය එක්කල කිසිම සම්බන්ධයක් නෑ.

මේ සමාන්තර විශ්ව හෝ බහුලෝක පිළිබඳ අදහස් මිනිසා කේන්ද්‍ර කරගත් අදහස් ඇත්තටම මේවා වටහා ගන්නට අපගේ පංචේන්ද්‍රියන්ට ගෝචර ප්‍රත්‍යක්ෂ දේවල් තුළින් පර්යාලෝකනය විය යුතුයි.

ප්‍රශ්නය තමයි අපිට මොනවද ඒකෙන් කරන්න පුළුවන්? මොකුත් නෑ. ඔබට අවශ්‍ය වන්නේ කිසියම් භෞතික සිද්ධාන්තයක් අප අවට ලෝකය පැහැදිලි කරන්නට සමත් වන. ඒ වෙනුවෙන් තමයි භෞතික විද්‍යාව කවදත් පෙනී සිටියේ. අප දකින ලෝකය පැහැදිලි කරන්නට සහ අපි දකින්නෙ ඇයි සහ කොහොමද කියන එකට. බහු ලෝක ක්වොන්ටම් යාන්ත්‍රිකය ඒ දේ ඉටු කරන්නේ නෑ. එහෙම නැත්නම් ඔබ එය පිළිගෙන උත්සාහ කරන්න ගත්තොත් ඒකට කිසියම් තේරුමක් ලබා දෙන්නට ගොඩක් අය උත්සාහ කරනවා වගේම නැත්නම් මා වාගේ ඔබ කියයි නෑ ඒක ක්වොන්ටම් යාන්ත්‍රිකය අපට පවසන දේවල් වල සීමාවට වඩා එහයින් තියෙන දෙයක් කියලා. ඒක බොහොම පුදුමාකාර ලෙස අපි නොගන්නා ආස්ථානයක්. මගේම අදහස නම් ක්වොන්ටම් යාන්ත්‍රිකය සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ සහ මම හිතනවා ඒකට හේතු සම්භාරයක් තියෙන බව. ඒ කියන්නේ වර්තමානයේ පවතින සීමා තුළ සිදුකරන පරීක්ෂණ ඔස්සේ ලැබෙන සෘජු සාක්ෂිවලින් නොවෙයි.

සාමාන්‍ය යෙන් සෛද්ධාන්තික භෞතික විද්‍යාව එන්න එන්නම අද්භූතජනක වෙනවා. තන්තු සිද්ධාන්තය ගන්න. එය කතා කරන්නේ මාන එකොළහක් ගැන හෝ අපගේ විශ්වය තියෙන්නේ දැවැන්ත පටලයක් තුළය යන්න විකාරරූපියි.

ඔබ හරියටම හරි. සහ තවත් විදියකින් මම ක්වොන්ටම් යාන්ත්‍රිකයට දොස් පවරනවා. මොකද මිනිස්සු කියනවා "හොඳයි, ක්වොන්ටම් යාන්ත්‍රිකය සහජ ඥානයට ප්‍රතිවිරුද්ධයි. ඔබ ක්වොන්ටම් යාන්ත්‍රිකය විශ්වාස කරනවා නම් ඔබට ඕනෑම සහජ ඥානයට ප්‍රතිවිරුද්ධ දෙයක් පිළිගන්නට සිදුවෙනවා". නමුත් බලන්න, ක්වොන්ටම් යාන්ත්‍රිකයට බොහෝ පර්යේෂණාත්මක සාධක තියෙනවා එහි වලංගුතාවය වෙනුවෙන්. ඒ කියන්නේ ඔබට බොහෝ දුර ඒ සමගින් යා හැකියි කියන එකයි. එහෙම වුනත් තන්තු සිද්ධාන්තය ගැන එයාකාර පර්යේෂණාත්මක පසුබිමක් නෑ.

මට වැටහෙනවා ඔබ ඔබගේ අලුත්ම කෘතියේ ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන මේ තියෙන විචාරය අන්තර්ගත වන බව.

පොතේ නම තමයි-Fashion, Faith and Fantasy in the New Physics of the Universe-"නව භෞතික විද්‍යාවේ විලාසිතාව, භක්තිය සහ ෆැන්ටසිය". මේ හැම වදනකින්ම ගම්‍ය වන්නේ සෛද්ධාන්තික භෞතික විද්‍යා සංකල්පයක්. විලාසිතාව තමයි තන්තු සිද්ධාන්තය. ෆැන්ටසිය කියන්නේ විශ්ව න්‍යාය විද්‍යාව තුළ විවිධත්වය හෝ ප්‍රධාන වශයෙන් පාවෙන විශ්වය පිළිබඳ න්‍යායන් ඒ කියන්නේ මහා පිපුරුම සිදුවී තත්පරයකින් සියල්ල ඝාතීය ලෙස පා වුනා කියන සංකල්පය. දැවැන්ත මාලුවා අන්න ඒ වගේ දේවල්. ඒවට පහර දීම ඇත්තටම සාපරාධී යි. අනිත් එක තමයි වඩාත් ම සාපාරාධී ඒ කියන්නේ ක්වොන්ටම් යාන්ත්‍රිකයේ විවිධ තලවල පැවැත්ම- ඒක තමයි භක්තිය. මිනිස්සු කොහොම හරි දැක්මකට එනවා, තමන්ටම ප්‍රශ්න කළ නොහැකි.

ඔබ මීට වසර කීපයකට පෙර පැවසූවා ගුරුත්වය තමයි සම්ප්‍රදායික ලෝකය සහ ක්වොන්ටම් ලෝකය අතර බෙදුම කියලා. මේ වගේ දෙයක් ගැන පර්යේෂණ කරන්නට ක්වොන්ටම් දැනුම යොදන්නට ඉදිරිපත් වන මිනිස්සු ඉන්නව ද දැං?

නෑ. එනමුත් ඒක ඇත්තටම ඒ ගැන පර්යේෂණයේ යෙදෙන මිනිස්සු දිරිගන්වන්ට පමණක් හේතු වෙයි. ඒක විකාර වැඩක් මිනිස්සු වයසට ගියාම විශ්‍රාම ගියාම වගේ අවධානය යොදන්නට වඩා සුදුසු. ඉතිං දැං මම වයසයි, විශ්‍රාම ගිහින්! ඒත් මේ වගේ දේකට කේන්ද්‍රීයව මූලිකත්වය දෙනවා කියන්නේ හරිම ලැජ්ජා සහගත වැඩක් තමයි.

නිව්ටන්ගෙන් පස්සේ අයින්ස්ටයින්ගෙන් පස්සෙත් මිනිස්සු ලෝකය ගැන හිතුව ආකාරය විතැන් වුනා. ක්වොන්ටම් යාන්ත්‍රිකය පිළිබඳ ගැටළුව විසඳුනොත් තව ඒ වගේ විප්ලවකාරී මතවාදයක් ආයෙම ඇති වෙයිද?

අනාවැකි කියන්න නම් අමාරුයි. අර්නස්ට් රදර්ෆඩ් කීවා එයාගේ පරමාණුක ආකෘතිය (න්‍යෂ්ටික භෞතික විද්‍යාවට සහ පරමාණු බෝම්බය තනන්නට පාදක වුන) කිසිම වැදගැම්මකට ඇති දෙයක් නොවේ කියල. නමුත් ඔව් මම හිතනවා ඒක අති විශාල වෙනසක් ඇති කරන්නට බලපෑවා කියලා. ක්වොන්ටම් යාන්ත්‍රිකය ජීව විද්‍යාවට අදාල කරගන්නේ කෙසේද වැනි දේවල් ගැන කතා වෙනවා. එහෙම වුනොත් සම්පූර්ණයෙන්ම හිතා ගන්නට අසීරු වෙනස් දේවල් කරා මග පෑදෙන්නට ඉඩ තියෙනවා.

ඔබගේ The Emperor’s New Mind පොතේ විඥානය මතු වන්නේ මොළයේ සෛල තුළ සිදුවන ක්වොන්ටම් භෞතික ක්‍රියාකාරකම් නිසාවෙන් යැයි මතයක් සාකච්ඡා කරනවා. දශක දෙකකට පසුව ඔබ දැන් ඒ මතය දරනව ද?

මගේ දැක්මේ හැටියට සබුද්ධික මනස ක්‍රියාත්මක වන්නේ සම්භාවනීය භෞතික විද්‍යාවට අනුව නොවෙයි. ඒ විතරක් නොවෙයි එය හැසිරෙන්නේ සම්මුතිගත ක්වොන්ටම් යාන්ත්‍රිකයට අනුව වත් නොවෙයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ කිසියම් අප මෙතෙක් නොදන්නා සිද්ධාන්තයකට අනුව. මේක ටිකක් දරුණු ඔලුවකට ගැලපෙන ගැටළුවක් නමුත් මම හිතන්නේ ඒක ටිකක් විලියම් හාවේ [William Harvey] ගේ රුධිර සංසරණ පද්ධතියේ සොයා ගැනීමේ කතන්දරයට ආසන්න බවයි. ඔහු කීවේ රුධිරය චක්‍රීයව ගමන් කළ යුතු බවත් නමුත් ධමනි සහ ශිරා කෙළවර එකිනෙක අතුරුදන් වී තිබුණු බැවින් එකිනෙකින් රුධිරය හුවමාරු වන්නේ කෙසේ ද? එයා කීවා "හොඳයි ඉතා සියුම් රුධිර නාලිකා ජාතියක් තිබිය යුතුයි, ඒවා අපට පේන්නේ නෑ, නමුත් එහෙම දෙයක් තිබිය යුතුයි" යනුවෙන්. කිසිවෙක් මේ කතාව කාලයක් යනතුරු විශ්වාස කළේ නෑ. ඉතිං මම තවමත් බලාපොරොත්තු සහගත වෙනවා ඒ වගේ දෙයක් සිදු වෙයි කියලා, ඒ කියන්නේ කිසියම් ව්‍යූහයක් විසින් මේ ගැලපුම කරන්නට සමත් වෙයි කියා, මොකද මම හිතන නිසා එබන්දක් පවතිනවා කියලා.

කවද හරි භෞතික විද්‍යාඥයන් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ න්‍යෂ්ටිය වටහා ගත්විට ඔබට හිතෙන්නේ කොහොම ද ඒ සිද්ධාන්තය ගැන?

මම හිතනවා ඒක හරිම සුන්දර වෙයි කියලා.




පරිවර්තක සටහන:


මෙම පරිවර්තනයේ කිසියම් දෝෂයක් හෝ සදොස් තැනක් වෙතොත් එහි අගෞරවය මෙහි පරිවර්තකයා ලෙස මා වෙතය. මෙම ලිපිය කියවීමෙන් කිසියම් බුද්ධි ප්‍රබෝදයක් හෝ දැනුමක් කිසිවෙක් අත් කර ගතහොත් එහි ගෞරවය සම්පූර්ණයෙන්ම, මෙම මුල් ලිපිය සම්පාදනය කරන්නට ශ්‍රමය වැගිරූ ඩිස්කවර් සඟරාවේ වියතුන් වෙතය.