දිනෙක ඔවුන් මෙහි එනු ඇත නියතවම
THE LAST THEOREM රාත්‍රියේ උදා වූ තරු මන්දාකිනිය සැලි සැලී උදුල තරු එලි කැල සිය සිය ශක්තියෙන් කල එලිය දල්වා අත්‍යාංශුක පරමාණු සිය ලය තුල එවා පණිවිඩ විශ්වයේ කඳ බඩ කුහර අතර කම්පනය කර පාරාවලයික දර්පණ දැවැන්ත පොලව මත නාභිගත කර සිසියුම් වර්ණාවලීක්ෂ පටක මත හඩ නගයි විශ්වයේ කෙළවරක පිපිරුම් මහා පරමාණුක හිරෝෂිමාවේ පිබිදුන සූර්ය රශ්මිය එක මොහොතක සිසාරා මුළු මහත් විශ්වය ගලා ගිය අරුමය පාරවා විශ්ව බඩතුර අල්ලාගෙන ඇත රශ්මිය ඈත කෙළවරක අන් අය නිසැකවම ඔව් දිනෙක ඔවුනොවුන් මෙහි පැමිණෙනු ඇත අසනු ඇත ඒ දිලුනු සූර්ය එලිය ගැන මිහි මත සූර්යයෙක් නොවුනු ග්‍රහ ලෝකයක මතුපිට කෙලෙස උපනිදැයි සූර්ය රශ්මියක් විනිවිද විශ්වය? අපද දල්වා යෝද පාරාවලයික දර්පණ ඇහුම්කන් දෙති විශ්වයේ කෙළවරක සිදුවන කම්පන නැත තවමත් ඇසී මිහිපිට පමණ පුපුරා ගිය න්‍යශ්ටික අවියක කෙඳිරුම මිනිසත් වගද නෑසූ කන්ව සිටියැකි කාලය තව කොතරම් ද? දිනෙක ඔවුන් මෙහි එනු ඇත නියතවම උත්තර බඳින්නට ලැහැස්ති වෙයල්ලා මේ සියළු පිපිරුම් ගැන එදාට! ඊ ඒ ඩෝසන් ප්‍රීති 011209 ආතර් සී ක්ලාක් අවසන් වරට ලියා පළ කළ ද ලාස්ට් තියරම්[The Last Theorem] නම් වු විද්‍ය ප්‍රබන්ධය කියවීමෙන...