ජනක ගුණතිලක ලියන්න පටන් අරං!
මට දැනුනේ කාලයකට පසු නොමද ආශ්වාදයක් ගෙන දුන් සමස්ත ව්‍යායාමයක අවසන් ඵලයක් අත් වීමක් වැනි හැඟුමක්! ගිය අවුරුද්දේ මාර්තුවේ සිට කරන ලද අරගලයක ප්‍රතිඵලයක් ලෙස ඔහු ලියන්නට පටන් ගෙන දැං මාස දෙකක් පමණ වෙනවා. ඔහුගේ ලියැවිලි ගැන ලිවීමට කල් වැඩි බැවින් ඔහු ලියන්නට ගැනීම පිළිබඳ පමණක් මගේ උද්දාමය මෙසේ ලියා තබන්නට උත්සහ කරමි. ඕමානයේ වෙසෙන සිංහලෙන් ලිවීමට උනන්දු පිරිසක් මුණගැසී එන මාසෙට අවුරුද්දක් පිරෙන්නත් ලං වී ඇතත් මාසික සඟරාවක් හෝ ලිවීමේ-කියවීමේ කවයක් නිර්මානය කරන්නට මා ගත් වෙහෙසට ප්‍රතිඵලයක් ලෙස හෝ ජනක ලියන්නට ගැනීම අතිශය වැදගත් යැයි මම සිතමි. ජනක ලියන්නේ " අපි " බ්ලොග් අඩවියේ. ඒක හුදකලා බ්ලොග් අඩවියක්. බොහෝ හුදකලා තැන්වල සිදුවන පරිදිම මොකද්දෝ දෙයක් වෙමින් පැවතීම හැරෙන්නට වෙන කියන්න දෙයක් මේ අවස්ථාවේ මට සොයා ගන්න අපහසුයි. හෝ එසේ කීමෙන් කට වරද්දා ගැනීමට මට ඇවැසි නැත. ඔහු කිසියම් අරමුණක් ඇතුව හෝ නැතුව මේ පටන් ගත් ලිවීම දිගටම කරගෙන යන්නේ නම් මැනැවි යයි මම සිතමි. අපි බ්ලොග් අඩවිය පටන් ගත්තේ ඕමානයේ වෙසෙන සිංහලෙන් ලියන කීප දෙනෙකු එකතු කරන්නයි. නමුත් අවසානයේ එකම එක අයෙකු හෝ ලියන්න...