සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා...
අමරදේව ගායනා කරන මේ සුවිසල් ගීතය කසුන්ගෙ හඩින් අහද්දි, මට දැනෙන දේ, අතීත සැමරුම් අස්සෙන් වෑස්සෙන ශෝකී හැඟුමක් වන්නේ මන්දැයි මම නොදනිමි. සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කදුළු බිඳු ගලා සඳේ තුරු ලතා පුරා සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ ඔබේ නෙත යදී මහද වියරුවෙන් සඳ හොරෙන් හොරෙන් කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි නිවාලන්න මා ඔබේ සිසිලසින් සඳ හොරෙන් හොරෙන් ඩබ්ලිව්. ඩී. අමරදේව/ප්‍රේමසිරි කේමදාස/කුලරත්න ආරියවංශ