සිතිවිලි රක්ෂිත වනය
සිතිවිලි රක්ෂිත වනය අවසන් රුකත් මහ පොලව බදා ඇද වැටුනු විට අසංඛ්‍ය දූලි වළා රැලි නැගි නැගී දෑස් කුහර ගුලි කර පුළුස්සා සතා සීපාවා සැරි අභිරුචි කල්පනා ලෝකා තුඟු කඳු පාමුල නැගි ඝණ හරිත පදපත්‍ර ජාලා යටිවියන් උඩුවියන් සැරි සර සියුම් ජල සීරා අනේක කුහුඹු කදෝපැණි සිතිවිලි සිහින රූරා පෙරා ලූ මෘග සංවර්ෂා අනන්ත කාලාවසානා දැඩි රුදු බිමකි හිස් කෙම් බිමකි අද සෝදා පාළුව ගිය පාංශු නිපාතාදි වැල්ලේ රැලි සුළි පාරා සිතිවිලි වනය කිසිවෙකුත් ඇතුළු වනු නැති දිවා රැය නොමැති භින්න වූ රේඛා පාණ්ඩු පැහැ පොලෝ තලයකි රූ ගත් දූර සහරා ඇද වැටි දිරා ගිය රුක් කඳින් වැසී ගිය වියලි පෟෂ්ඨා තැනකි නැති තෙතමන ජල අංශු මුසු ලවණා නැගෙන්නට හෝ බිම් මලක් වැනි ශුෂ්ක භෞම සාධක බාධා දැව කඳන් එකල පැටවුනි ද පිට දේශ දේශාන්තර මුලිනුපුටා හරිත වන රාජා තැනින් තැන ගොදුරු ඉව ලැදි සිංහ කොටි වලස් සේනා පයට පෑගෙන බිම්පලස් වී හම ගැසී නගන ඝෝෂා ඉහ වහා ගිය දෘඨතර ශක්ති බන්ධන ලීලා පෑ ගොර බිරම් ඇත් ගජබ ගිජිදුන් සේනා දල පැහැර ඇන වැළලුවේ භූ ගර්භ බොල් කවචා ඉතිරිව ඇත රක්ෂිතය මන්දස්මිතය විදුලි වැට වටලා ඇතුළු වන්නට ඇවැසිය කහවණු පතුරු මුද්‍රිත සංඥා අවසර පත්‍ර නේකා ...