සිසිරයේ පිපුන මල [2000] කාව්‍ය සංග්‍රහය-ජගත් ජේ එදිරිසිංහ
නූගත් ඝාතකයාගෙ කවිය නීතිඥයන් දෙදෙනෙකු මැරුවෙමි ඊයේ දොස්තර කෙනෙකු අළු කෙරුවෙමි දර සෑයේ සගය බලව අර මුල්ලේ ගැහෙන්නේ ඉංජිනේරුවෙකි අත් පා කපා දැමූ කඩුවෙන් කළ යුත්ත පෑනෙන් වලකන්න වැර දැරූ උන්ට කර ඇති දේ බලපන්න මුර දේවතාවන් කුමට ද මෙ දැයට බණ පොත් ගිණි තබමි උණුසුම ලැබ ගන්න උපාධිය සමග කඩුවක් නොදෙන නිසා බොහෝ පහසු විය කරනට මගෙ සේවෙ මගෙ අසිපතට නැත කසි අභියෝගෙ උගත් කම මොටද කඩුවක් නොමැතිකොට නිමා කොට රැුයක් බොහො වෙහෙසයි සගය විවෙකයට සැතපෙමි කහවනු මත්තේ හෙටත් නැවත ඔ්නැවෙන නිසාවට මුවත් තබමි අසිපත ඇහැරුණ පසුව ජගත් ජේ එදිරිසිංහ සිසිරයේ පිපුන මල 2000 කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගන්නා ලදී. සිසිරයේ පිපුන මල ජගත්ගෙ ප්‍රථම නිර්මාණ සංග්‍රහයයි. එය අදින් වසර අටකට ඔබ්බෙන් ඔහු තුල වු සමාජ දැක්මෙ ප්රකාෂිත ලක්ෂ්යයි. වසර දෙදාහ ලබද්දී ද ලොවම කැලඹී නව සහස්‍රය පිලිබඳ නොයෙක් භීතිකාවන් සිත් මවා ගෙන මාධ්‍ය කේන්ද්‍රීය මහා ව්‍යසනයක් වපුරමින් ඉලක්කම් මාරු වීමට පසුබිම් වූ ආර්ථික මූලෝපායන් ප්‍රතිසංවිධානය වූ බැංකු කොල්ලකරුවන්ගෙ සිහින බිඳ වැටුන සමයයි. අන්තර්ජාලය ලොව වඩාත්ම වෙගයෙන් ව්‍යාප්ත වූ කාල වකවානුවයි.ඊට මදක් එහාට දශකයක...