මරණය

මරණය

කොතැනින් ද සොයා ගැනුනේ
මළ සිරුර ?
කවුරුන් ද සොයා ගත්තේ මළ සිරුර?
මළ සිරුර මිය ගොස් ද
සොයා ගන්නා විට
සොයා ගනු ලැබුයේ කෙලෙසකද
මළ සිරුර?
කවුරුන් ද මළ සිරුර
කවුරුන්ද
මවක පියකු
සොහොයුරකු සොහොයුරියක
මාමෙකු දියණියක වන්නේ
අත්හැර දැමූ විට දෝ සිරුර මැරුණේ
සිරුර අතහැර දමා තිබුණේ ද
කවුරුන විසින් එය අත් හැර දමුවෙද
නිරුවත්ව සිටියා ද?
ඇඳුම් ඇඳ සිටියා ද
මළ සිරුර මරණයට ඔබ හැදු ප‍්‍රකාශය
කුමක් වී ද?
ඔබ
නොවලහා කීවෙ ද?
මළ සිරුරෙ මරණය ?
කෙලෙසක ද ඔබ
දැන ගත්තේ මරණය
ඔබ
මළ සිරුර සේදුවෙ ද?
ඇස් දෙක ම වැසුවෙ ද?
සිරුර වැළලුවෙ ද?
අත්හැර දමා ආවෙ ද?
සිප ගත්තා ද මළ සිරුර?


හැරල්ඩ් පින්ටර්

පරිවර්තනය පබෝදනී චන්ද‍්‍රරත්න
උපුටනය ලංකා ඉරිදා සංග‍්‍රහය 08-06-2008 සිහින වෙනුවට මරණය කවියට නැගීම

Comments

AJ said…
me wage kavi dakiinath aasai dawsaaaaaaaaaaaaa......

(me word verification eka ain karapan.....)

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු