ඔබ සදා කල් මසිතේ ලැගුම් ගනී....
කනස්සල්ලක් විශ්වයේ ඇත තැනින් තැන විසිරී ගලා යන නිරතුරු ඇද හැලෙන වැස්සකි අන්තරීක්ෂ කිරණයක වුන හිර ගලා හැලෙයි ඇල්ලක් විලස විසිර කැටි කැටිති දිය බුබුළු වැදී පාෂාණ දාර මත නගයි පෙණ කැටි සැනින් පුපුරන පසා වෙයි හද බිත්ති කම්පනය කරවයි සියුම් තන්තු පාරවයි අනන්ත සියුමැලි සිතුවිලි මැවී යයි දෙසවන තත්සර එබඳු වීණාවක පැටළුන තතක් සේම තතක පැටළුන ඇඟිල්ලක් සේම කවුරුන් හඩ නගයි දැයි සිත සැලෙයි එනමුත් හද සෝ රාවය ම රැව් දෙයි මුව මී රොණ් ගලා සැලී මත් වූ සිත් අද සසැලී තැනින් තැන ගලා යන විසිරී සිර වී වැළපෙන සිතුවමකි පොඩි වී තැලී [ප්‍රේමකීර්ති ද අල්විස් සොඳුරු මිනිසා සිහි වී ලියැවුණි. ] ඊ ඒ ඩෝසන් ප්‍රීති 31/07/2010