Posts

Showing posts from 2014

දෙලොවක් අතර කවි|සුදු කතක් සහ මධු විතක්|නිරාෂ ගුණසේකර

Image
සුදු කතක් සහ මධු විතක් දෙලොවක් අතර කවි නිරාෂ ගුණසේකරගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන “ සුදු කතක් සහ මධු විතක් ” මා හට ගෙන ආවේ අමුතුම හැඟුම් සමුදායකි. මෑතක කියවන්නට ලැබුණ කාව්‍ය සංග්‍රහ කීපයකින් කුමක් ගැන කුමක් ලියා තබම්දැයි විපිලිසරව හුන් මොහොතක නිරාෂගේ නිර්මාණ සංග්‍රහය ගැන ලිවීම හිතට සැනසුමකැයි සිතුණේ මගේ ඉපැරණි රහස් මිත්‍රත්වයක් ඔහුගේ නිර්මාණ සමගින් ද තිබූ බැවිනි. ඔහුගේ “ බඹරු එළපු දැල් ” මගේ මාතර ගෙදර පොත්ගුලේ ඇති බැව් මට මතකය. පොත්ගුලට මාව අමතකදැයි මම නොදනිමි. මන්ද යත් මගේ පොත්ගුලෙන් මා  දුරස්ව බොහෝ කල් බැවිනි. කෙසේ වෙතත් වෙනත් කුඩා පොත්ගුලක් හා පෙමින් මම දැන් කාලය ගත කරමි. ඒ කුඩා පොත්ගුලේ ඇත්තේ මෑතක අතපත ගාන පොත්ය. ඒ අතර නිරාෂගේ පොත ද වෙයි. ඒ විද්‍යුත් පිටපතක් වශයෙනි. මුද්‍රිත කරදහි , තීන්ත සුවඳ , රහිත තිරයක් මත ප්‍රක්ෂේපිත ආලෝක රටාවක් වශයෙනි ; ඒත් ඒ කවි ය ; නිර්මාණ ය. විමසුමට , විඳුමට ඇණවුම් කරනු ලබන ආලෝක තරංගයෝ ය. නිරාෂ ද මා මෙන්ම විදෙස්ගතව මානසික ශ්‍රමය වගුරා ජීවිතය ගැට ගසාගැනීමේ එකම ආදායම් මාර්ගය ලෙස වැටුපකට වැඩ කරන ශ්‍රමිකයෙකි ; කම්කරුවෙකි. එනිසාවෙන් නිරාෂත් මාත...