ඇවිලෙන සුලුයි: දිවි නසා ගැනීම සාර්ථක ක්‍රියාවක් ලෙස...
මාර්තු 14 මම ඇවිලෙන සුලුයි බලන්න ලිබර්ටි එකට ගියේ පළමු දර්ශනයටයි. මංගල දර්ශනයටයි. මා එක්කල එතැනට කීපදෙනෙක්ම ගියා. ටිකට් ගත්තේ මා පමණක් වුවත් මා සමග පැමිණි සියල්ලෝම මා අසලින් වූ අඳුරු අවකාශයේ තැනින් තැන වාඩි වුණා. ඇසට පෙනුණු මානයේ මා මෙන්ම ටිකට් අරගෙන සිනමා ශාලාවට පැමිණි සිටි අයවලුන් ගනණ අතේ ඇඟිලි ගණන ඉක්මවා නොගොස් තිබුණෙන් මා සමග පැමිණ අයවලුන් ඉතා සැහැල්ලුවෙන් ඒ අය කැමති කැමති ආකාරයෙන් වාඩිවී සිටිනු මට දක්නට හැකි වුණා. බොහෝ අය සුරුට්ටු දල්වා ගෙන තිරය දෙස බලා සිටිනු දුටුවෙමි. සිග්මන් ෆ්‍රොයිඩ් - ජැක් ලකාන් - ජිජැක් - වොන් ට්‍රියර් -ටැරන්ටිනෝ - හිච්කොක් - ඩේවිඩ් ලින්ච් සහ අනෙකුත් බොහෝ අයගෙන් මා වට කර මිනිස් පවුරක් බැඳී තිබුනෙන් ඒ අය කියූ බොහෝ දේ මගේ දෙසවනේ රැවු දුනි. ඔවුහු අනවරතව දිගු සංවාදයක යෙදී සිටින්නාහු මා මගේ අදහස් කීපයක් කටු ගා තබන්නට උත්සුක වෙමි. අවාසනාවකට හෝ වාසනාවකට මා චින්තනගේ පළමු සිනමා සිත්තම නරඹන්නට යන්නේ ලෝකයම කොරෝනා වසංගතයට යට වෙමින් සිටි මුල් කාලයේ ය. මට හැඟෙන පරිදි චින්තන මේ සිනමාපටය කරද්දි මෙවැනි අවදානම් කාලයක මේ සිනමාපටය තිරගත ...