සුදෝ මම ආදරෙයි (cover by Dawson)



නැති වුණු ආදරයක් වෙනුවෙන් -  හෙලන සුසුම් අන් හදක වැදී
පෑරුනු හදවත් එකිනෙක අමතා - කියන කතාවයි මේ
සුදෝ ........... මම ආදරෙයි -  සුදෝ මම ආදරෙයි

සිතින් පලා ගිය එක් ආදරයක් - දිහා කඳුලු පිරි නෙතින් බලා 
ඉන්නා අතරේ තව ආදරයක් - වෙත හදවත් දොර විවර කළා
සුදෝ............ මම ආදරෙයි සුදෝ මම ආදරෙයි

ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාලු හදවතට සෙනෙහස පුදනා මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ .......... මම ආදරෙයි සුදෝ මම ආදරෙයි

සෙනෙහස ඉතිරුනු ‌ ඒ ආදරයයි සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙළෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි
ඔබටත් ආදරෙයි
ඔබට මම ආදරෙයි

මුල් ගායනය: සුජාතා අත්තනායක
සංගීතය: ලයනල් අල්ගම
පද රචනය: ගාමිණි ෆොන්සේකා



Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්