Posts

Showing posts from March, 2010

ජනක මහබෙල්ලනගේ "රංචු"

Image
ජනක මහබෙල්ලනගේ සංයුක්ත කවියක් කියවන්න ලැබුනා ඔහුගේ අලුත්ම කවි පොතෙන්. ඒ "කම්මුල් පහර" (2009) කවි/සංයුක්ත කවි පොතයි. මෙහි මා අවධානය යොමු කළ සංයුක්ත කවිය "රංචු". මේ නිරූපනය වන්නේ මිනිස් වර්ගයා රංචු ගැසෙන ආකාරයයි. සමහර රංචු විශාලය. කේන්ද්‍රීය ය. තවත් සමහර රංචු ක්ෂුද්‍රය. විසිරී ඇත. එක් තැනක "ර" කේන්ද්‍ර වද්දී තවත් තැනක "ං" කේන්ද්‍ර වන අතර තවත් තැනක කේන්ද්‍රය වන්නේ "චු" යන්නයි. මේ සියල්ල හඟවන්නේ විවිධ කේන්ද්‍රයන් පවා එකිනෙකින් වෙනස් බවය. සමස්ත රංචු ද මොකද්දෝ දෙයකට කේන්ද්‍රීය බව සංයුක්ත කවියෙන් මට පෙනෙයි. ඒ හරියට සූර්යා කේන්ද්‍ර කර ගත් ග්‍රහ රංචුව තවත් එවැනිම පද්ධතියක් වූ ගැලැක්සියේ තවත් දේ සමග රංචු ගසමින් එම ගැලැක්සි ද තවත් ඊට වඩා අති විශාල වූ පද්ධතියක කුඩා කොටස් බවට පත්වී ඒ තුල රංචු ගැසීමද යනාදී වශයෙන් එකිනෙක තුල වඩ වඩාත් කුඩා වෙමින් රංචු ගැසී ඉන්නා සෙයකි. දෙවනුව මා පෙළ ගස්වා ඇත්තේ අද උදෑසන ගෙදර බිත්තියක කූඹින් රංචු ගැසී සිටිනා අකාරය ය. එය මිනිස් රංචු ගැසීම සංකේතිකරණය වූ අයුරට වඩා වෙනස් අයුරකින් සිදු වී ඇති බව බැලු බැල්මට ‍මට පෙනුනි. මන්ද...

රෝස මලට කී ජීවන කවිය

Image
රෝස මලට කී ජීවන කවිය "ජීවිතයේ කිසිම දෙයක් තවමත් මම නොදන්නෙමිය" කියමින් සුළඟට පැද්දුනු රෝස මලක් මා අභියස මා කුමක් කිව යුතුද? සරසවියේ ගත කළ මහ විසාල කාලයටම උගෙන නැත පිළිතුරක් මේ පැනයට දෙන්න කළු ලෑලි සුදු ලෑලි ප්‍රොජෙක්ටර පින්තූර බිත්තිවල එල්ල ගෙන ගුරුවරුන් කියා දුන් පාඩමක දේශනයක නැත කොහේවත් කියැවි ජීවිතය ගැන සඳහනක් ඒ ගැන කටුම කටු සටහනක්? ඒ පැනය අතැරී ඇත ඒ පැනය මගැරී ඇත කීවෙමි ජීවිතය "හර්මිෂියන්" බව ජීවිතය උඩුයටිකුරු කර නැවත ප්‍රතිබද්ධය ගත් විට එය ජීවිතයටම සමාන විය යුතු බව මම නොපැකිලව කීවෙමි ඇයට ජීවිතය දැන ගැනීමට පහසු ක්‍රමයක් ඇවැසි බව කීවෙන් මළානිකව විඩාබර දෑසින් සුළං රැලි පවන් රැලි වෙනස්වන තෙතමන ආර්ද්‍රතා පරිසරයෙන් ඈ නටුවෙන් මුදා ගෙනැවිත් තැබුවෙමි විනිවිද වීදුරු කැටයම් මල්වැල් පින්තාරු කළ නූස් වූ පුංචි වීදුරු බඳුනක් නිවෙස කොට මන්දාලෝකය ඇති මා යහන් ගැබ ඈ දැන් නිතිපතා මගේ පාඩම් අසා සිටී වෙනදා නොතිබුනු ජීවයක් සුවඳක් මා හිස් යහන් ගැබ අරා ඉඳී ඊ ඒ ඩෝසන් ප්‍රීති 2010/03

පංචායුධය

Image
පංචායුධය මම මගේ පොඩි එකාගේ පංචායුධය ගලවලා වැසිකිළියට දැම්මා -චන්දො-ගලගෙදර -රාවය SMS තීරුව-2010 පෙබරවාරි 28 වැනිදා ඉරිදා සකියනි තෙප ගලවා විසි කරන්නට ගත්තොත් පංචායුධය වැනි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක පැවතුම් සංකේත අනාදීමත් අතීතෙන් අනාගතයට දායාද වුන කුමකින් කුමක් වන්නේ දැයි මොහොතකට සිහි කැඳවුව මැන පේරැස් මුදුව මා යැයි ඔටුන්න මා යැයි ලක්දිව මා යැයි මහ පොළොව මා යැයි විශ්වයම මා යැයි කී විගස නිරිඳා හෝ හැර යන්න ද කල්පනාව‍ මේ දෙපා යට රැඳුනු පොලෝ කඩ පළු ගසා? ඉහ උඩින් බැබැලෙන කිරි මුහුද අනන්තය සක්වල දෙබෑ කර? සඟ රැස් මා යැයි සද්ධර්මය මා යැයි තෙදබල රැඳි තුඟු බුදු කය ද මා යැයි කියා ගතොත් නිරිඳා හෝ වැසිකිළි වළට පෙරළම් ද අති උතුම් බුදු කය? ඊ ඒ ඩෝසන් ප්‍රීති 2010/03