ජනක මහබෙල්ලනගේ "රංචු"
ජනක මහබෙල්ලනගේ සංයුක්ත කවියක් කියවන්න ලැබුනා ඔහුගේ අලුත්ම කවි පොතෙන්. ඒ "කම්මුල් පහර" (2009) කවි/සංයුක්ත කවි පොතයි. මෙහි මා අවධානය යොමු කළ සංයුක්ත කවිය "රංචු". මේ නිරූපනය වන්නේ මිනිස් වර්ගයා රංචු ගැසෙන ආකාරයයි. සමහර රංචු විශාලය. කේන්ද්‍රීය ය. තවත් සමහර රංචු ක්ෂුද්‍රය. විසිරී ඇත. එක් තැනක "ර" කේන්ද්‍ර වද්දී තවත් තැනක "ං" කේන්ද්‍ර වන අතර තවත් තැනක කේන්ද්‍රය වන්නේ "චු" යන්නයි. මේ සියල්ල හඟවන්නේ විවිධ කේන්ද්‍රයන් පවා එකිනෙකින් වෙනස් බවය. සමස්ත රංචු ද මොකද්දෝ දෙයකට කේන්ද්‍රීය බව සංයුක්ත කවියෙන් මට පෙනෙයි. ඒ හරියට සූර්යා කේන්ද්‍ර කර ගත් ග්‍රහ රංචුව තවත් එවැනිම පද්ධතියක් වූ ගැලැක්සියේ තවත් දේ සමග රංචු ගසමින් එම ගැලැක්සි ද තවත් ඊට වඩා අති විශාල වූ පද්ධතියක කුඩා කොටස් බවට පත්වී ඒ තුල රංචු ගැසීමද යනාදී වශයෙන් එකිනෙක තුල වඩ වඩාත් කුඩා වෙමින් රංචු ගැසී ඉන්නා සෙයකි. දෙවනුව මා පෙළ ගස්වා ඇත්තේ අද උදෑසන ගෙදර බිත්තියක කූඹින් රංචු ගැසී සිටිනා අකාරය ය. එය මිනිස් රංචු ගැසීම සංකේතිකරණය වූ අයුරට වඩා වෙනස් අයුරකින් සිදු වී ඇති බව බැලු බැල්මට මට පෙනුනි. මන්ද...