රෝස මලට කී ජීවන කවිය


රෝස මලට කී ජීවන කවිය

"ජීවිතයේ කිසිම දෙයක්
තවමත් මම නොදන්නෙමිය"
කියමින් සුළඟට පැද්දුනු
රෝස මලක් මා අභියස

මා කුමක් කිව යුතුද?

සරසවියේ ගත කළ
මහ විසාල කාලයටම
උගෙන නැත පිළිතුරක්
මේ පැනයට දෙන්න

කළු ලෑලි සුදු ලෑලි
ප්‍රොජෙක්ටර පින්තූර
බිත්තිවල එල්ල ගෙන
ගුරුවරුන් කියා දුන්
පාඩමක දේශනයක
නැත කොහේවත් කියැවි
ජීවිතය ගැන සඳහනක්
ඒ ගැන කටුම කටු සටහනක්?

ඒ පැනය අතැරී ඇත
ඒ පැනය මගැරී ඇත

කීවෙමි ජීවිතය
"හර්මිෂියන්" බව

ජීවිතය උඩුයටිකුරු කර
නැවත ප්‍රතිබද්ධය ගත් විට
එය ජීවිතයටම සමාන විය යුතු බව
මම නොපැකිලව කීවෙමි

ඇයට ජීවිතය දැන ගැනීමට
පහසු ක්‍රමයක් ඇවැසි බව
කීවෙන් මළානිකව
විඩාබර දෑසින්

සුළං රැලි පවන් රැලි
වෙනස්වන තෙතමන ආර්ද්‍රතා
පරිසරයෙන් ඈ නටුවෙන් මුදා
ගෙනැවිත් තැබුවෙමි
විනිවිද වීදුරු කැටයම් මල්වැල්
පින්තාරු කළ නූස් වූ
පුංචි වීදුරු බඳුනක් නිවෙස කොට
මන්දාලෝකය ඇති මා යහන් ගැබ

ඈ දැන් නිතිපතා
මගේ පාඩම් අසා සිටී
වෙනදා නොතිබුනු ජීවයක් සුවඳක්
මා හිස් යහන් ගැබ අරා ඉඳී

ඊ ඒ ඩෝසන් ප්‍රීති
2010/03

Comments

kkroxc said…
ඔච්චර දේවල් ආදේශ කරන්න ඕනී නෑ බන්
ජීවිතය හරි ස්ම්පල් පැලැන් එකක්..........ආදරේ ආවම තමයි සංකීර්න වෙන්නේ
රවා said…
ඔන්න ඔයා තවත් ඇත්තක් ලියලා...ඇත්ත තමයි.. එ දෙශන වලින් ... එ නියමයන් ජිවිතයට වලංගු වෙන්නෙ නැහැ.. එ වෙනුවට මිනිසුන් අතරට බැහැලා..එයලත් එක්ක උරෙන් උර ගැටිලා ලබා ගන්න අත්දැකිම් එක්ක අපිම අපිටම ආවෙනික දැනුමකින් තමයි ජිවිතය අපි ගෙනියන්නෙ... අපි හදාගන්න නියමයන් මත තමයි අපි ලස්සනද කැතද කියලා ලොකයා දකින්නෙ...
Raven said…
ඔබේ බොහොමයක් කවි මුලදි අණ්ඩර දෙමලයක් වගෙයි මට පේන්නෙ. නමුත් දෙතුන් වර කියවීමෙන් අණතුරුව ටිකෙන් ටික මගක් පාදගන්න මට හැකිවෙනව. ඒ අද්දැකීමම මාර ගති.

ඔබට ජය.
Jay said…
Raven හා එකඟ වෙමි..
එහෙත් අපූරුයි..!!

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු