පංචායුධය


පංචායුධය

මම මගේ පොඩි එකාගේ පංචායුධය ගලවලා වැසිකිළියට දැම්මා
-චන්දො-ගලගෙදර
-රාවය SMS තීරුව-2010 පෙබරවාරි 28 වැනිදා ඉරිදා

සකියනි තෙප ගලවා විසි කරන්නට ගත්තොත්
පංචායුධය
වැනි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක පැවතුම් සංකේත
අනාදීමත් අතීතෙන් අනාගතයට දායාද වුන
කුමකින් කුමක් වන්නේ දැයි
මොහොතකට සිහි කැඳවුව මැන

පේරැස් මුදුව මා යැයි
ඔටුන්න මා යැයි
ලක්දිව මා යැයි
මහ පොළොව මා යැයි
විශ්වයම මා යැයි
කී විගස නිරිඳා හෝ
හැර යන්න ද කල්පනාව‍ මේ දෙපා යට රැඳුනු
පොලෝ කඩ පළු ගසා?
ඉහ උඩින් බැබැලෙන කිරි මුහුද අනන්තය
සක්වල දෙබෑ කර?

සඟ රැස් මා යැයි
සද්ධර්මය මා යැයි
තෙදබල රැඳි තුඟු බුදු කය ද
මා යැයි කියා ගතොත් නිරිඳා හෝ
වැසිකිළි වළට පෙරළම් ද අති උතුම් බුදු කය?

ඊ ඒ ඩෝසන් ප්‍රීති
2010/03

Comments

නියමයි.........
Anonymous said…
ගෙදර බුලත් වැලද කපා දැමිය යුතුය.
දුකා said…
Niyamai dosa . . . patta
ඕකා පන්චායුදය නෙමි පචායුදය...
ඔය පොඉස්ටරයේ පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්ලු..
වහාම ගිහින් අහුලන් වර අර අහින්සකයාගේ පන්චායුදේ..
තලන්නට පෙර මඩුවලිගයෙන් අනිවාරතේ කලබල වෙන උම්බට...
CD Athuraliya said…
සිතන්නට යමක්...
රවා said…
මෙකෙ ඇතුලෙ දුවන්න පාරවල් ගොඩාක් තියනවානෙ.. කොහෙන් කොහාටද යන්න පුළුවන්ද කියලා හිතාගන්න බැහැ. සැහෙන වෙලා කල්පනා කරලා පාරවල් කිපයක් තුනක් විතර හොයා ගත්තා... ඔයා මෙක ලියද්දි අරමුණු කර පාර මොකද්ද...
Raven said…
නියමයි සහෝ. උපරිමයි!

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු