Posts

Showing posts from April, 2011

වීදි දරුවන්

Image
ලෝකයම එක යායකි සාගතයේ මල් පිපුණ එ මල් රොන් උරා යන අධිවේග බඹර තාක්ෂණ "ධන" සයුර වෙත ඇදී යන "සෘණ" ජීවිත පොළව මත ඉතිරි වුන "ධන" "සෘණ" අතර හිරවුන මල් පෙති; සුවඳ ආගන්තුක!

අපි හැමෝම තකතීරුවෝ

හදිසියේම මට නම් වැලක් මතක් විය. මේ නම් වැල මට මතක් වන්නට හේතු වූයේ ගහෙන් ගෙඩියක් එන්නා සේ අනපේක්ෂිතව ලංකාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් "ලංකාව" තුළ අක්‍රිය කරවීමට අධිකරණ නියෝගයක් ලැබීමේ අවාසනාවන්ත ආරංචිය ඇසී මොහොතකින්ය. මේවා අතර සම්බන්ධයක් නැත. ඉබේ දේවල් සිතට එයි... මාලනී බුලත්සිංහල, නිර්මලා රණතුංග, ප්‍රදීපා ධර්මදාස, අමරසිරි පීරිස්, ග්‍රැන්විල් රොද්‍රිගු, ලෙස්ලි ප්‍රනාන්දු, මාෂල් ජනතා, සුනිලා අබේසේකර, සුනිල් විඡේසිරිවර්ධන... මේ නම්වැලේ ඉන්නා අය අතරද සම්බන්ධයක් නැත. ඔවුහු කිසියම් කටයුත්තකට එක්තැන් වී ඇත. සමහරු දැං ජීවතුන් අතරද නැත. ඒ අය වාසනාවන්තයැයි මට සිතෙයි. මේ නම් වැලේ ගැට ගැසී ඉන්නා අය කලකට පෙර අපූරු ගීතයක් සාමුහිකව ගායනා කළහ. කේමදාසයන්ගේ "කිලර්" කැසට් පටයෙන් අප කනින් අසා ලියා ගත් පදමාලාව මතු දැක්වෙන්නේ එම ගීතයේ ය. දොස් ඇත්තේ නම් ඒ අපේ කන්වල දෝස නිසා මිසක් මෙහි පරිවර්තක විජිත ගුණරත්නයන් නිසාවෙන් නොවේ යැයි දිවුරමු. මේ ගීතය ප්‍රථම වරට නිර්මාණය වන්නේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ජර්මනියේ හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගැන නිර්මාණය වූ කවියකිනි. හිට්ලර්ගේ ඇමති මණ්ඩලය මැති ...

මගේ යහනම...

මගේ යහනම සිහින වංගගිරියක පාවේ... නොසුමට ඇඳ ඇතිරිලි ගල් ගෙඩි කොට්ට මෙට්ට දහදියෙන් පෙඟී... උණුදිය විලක සිරවුණු වරල් බිඳුණු මසෙකු මෙන් මා ද ... යහනේ පිහිනමි ඇඳ ඇතිරිලි වල නොගිලී ඉන්නට වලි කමි මගෙ යහනම ගිලෙයි ටයිටැනික් නෞකාව මෙන් එකවර සීතල ඝණ අන්ධකාර දිය වලක පතුල වෙත සිහිනවල දොරගුළු කඩාගෙන දිගු කොරිඩෝ දිගේ ගුහාමය බිත්තිවල හැපෙමින් පළා යමි දිය මතුපිට පා ඔබා යමි පියවර සළකුණු ඇඟිලි සළකුණු දැක පුරුදු මුහුණු මකා දමමින් දුව යමි අන්ධකාර ඇස් අඳ කර දුස්‍රාවී බල පසා කර දිය රකුසු මුවින් පැන ගෙන කොහේ හෝ පිහිනා යමි මගේ යහනම සිහින වංගගිරියක පාවේ... මගේ යහනම දිය වලක පතුලට යාවේ... 27/04/2011