මගේ යහනම...

මගේ යහනම සිහින වංගගිරියක පාවේ...

නොසුමට ඇඳ ඇතිරිලි
ගල් ගෙඩි කොට්ට මෙට්ට
දහදියෙන් පෙඟී...

උණුදිය විලක සිරවුණු
වරල් බිඳුණු
මසෙකු මෙන්
මා ද ...
යහනේ පිහිනමි
ඇඳ ඇතිරිලි වල
නොගිලී ඉන්නට වලි කමි

මගෙ යහනම ගිලෙයි
ටයිටැනික් නෞකාව මෙන්
එකවර සීතල ඝණ අන්ධකාර
දිය වලක පතුල වෙත

සිහිනවල දොරගුළු කඩාගෙන
දිගු කොරිඩෝ දිගේ ගුහාමය
බිත්තිවල හැපෙමින් පළා යමි
දිය මතුපිට පා ඔබා යමි

පියවර සළකුණු
ඇඟිලි සළකුණු
දැක පුරුදු මුහුණු
මකා දමමින් දුව යමි

අන්ධකාර ඇස් අඳ කර
දුස්‍රාවී බල පසා කර
දිය රකුසු මුවින් පැන ගෙන
කොහේ හෝ පිහිනා යමි

මගේ යහනම
සිහින වංගගිරියක පාවේ...
මගේ යහනම
දිය වලක පතුලට යාවේ...

27/04/2011

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු