"මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි"-මංජුල වෙඩිවර්ධන
මංජුල වෙඩිවර්ධනගේ නවතම කාව්‍ය සංග්‍රහය "මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි" එළි දැක්වීම නිමිත්තෙන් පවත්වනු ල බන සාහිත්‍ය උළෙල ජනවාරි 30 වන ඉරිදා සවස 3 ට කොළඹ 7 නිදහස් මා වතේ අංක 14 ද රන තැ න පිහිටි ජාතික පුස්තකාල සේ වා මණ්ඩ ලයීය ශ්‍රවණාගාරයේ දී පැ වැත් වෙයි. එහිදී "කවිය කොයිබටද? ප්‍රවණතාමය කවිය සහ කලාකරුවාගේ දිශානතිය" යන මැයෙන් දර්ශන මේදිස් සහ "කවියේ කාව්‍යාත්මක/ දේශපාලන නිමේෂය" යන මැයෙන් සුමිත් චාමින්ද දෙසුම් පවත්වති. වෙඩිවර්ධන (ෂේන් මැකෙල්වි සමග ) 1997 දි සිය මුල්ම කවි එකතුව වූ 'නිරුත්තර ස මාධිය' එ ළි දක්වූ අතර ඉන් පසු 'පිළිහුඩුවී', 'මධු සඳිනි මධු වි ත' යන කාව්‍ය සංග්‍රහයන් ද 'මේ ස්නේහයෙ කල්වාරියයි ' ගීත එකතුව ද පළ කළේය. වාරණය කරන ලද 'මේරි නම් වූ මරියා ' කෙටි කතා එකතුව ද 'බත්තලංගුණ්ඩුව' නවකතාව ද ඔහුගේ අනෙක් කෘතීන් අතර වේ. 'සමනලුන්ට වෙඩි තියන්න ' සහ 'ඇහි පිල්ලමක් යට' යන ප්‍රාසංගික ටෙලි නාට්‍ය පිටපත් රචනයෙන් ඔහු රූපවාහිනී මාධ්‍යයට ද සිය දායකත්ව ය සැපයුවේය. " මාතෘකාව...