Posts

Showing posts from June, 2014

සබඳ හදවත ඇත්තේ සිරුරෙන් පිටතය

දෑත් දෙපසට විහිදා අත් කර ගනිමි අවකාශය එපමණි අත්කර ගත හැකි උපරිමය හැකිලෙමි දැන දිග පළල පොළොව මත වපසරිය එම සම දිනෙක වැළලීමට නියමිත කය ගැහෙන්නට ඇත වම් උරතුර කුස හොත් මොහොතක සිට ටික් ටික් හඩින් පැන යන ජීවිත ඔරලෝසුව කොතරම් කුඩා ද එය? මිට මෙළ වු තරමට අත පමණ වේ හදවත ද හදවත හිස් වූ කල සැතපෙන වලේ හිස් බව පිරී යනු ඇති 20/06/2014