Posts

Showing posts from January, 2014

Being Small by Sindusara Munasinghe

There’s nothing wrong with being small It could be fun and scary Sometimes being small is very scary. Walking through big people with big arms and deep voices, Growing time by time, thinking you have a bad sickness that makes you large. First time feeling the coldness of air, Gazing at the clouds while singing the ABCs Being helpless to other people who are hurt because you don’t know what to do. Meeting problems you don't know how to solve. Getting some pain for once, being bullied, Being teased like a banana being squashed, or a pear left there to rotten and falling down in a hole of sadness You see being small is hard, But it is not bad, Cause you never know what you will see, that you never would have seen if you were big. Sindusara Munasinghe P.S. සිඟිති සිඳුසර වචන මුතු එකට අමුනල කවියක් ගොතල. මම ඒක මෙතන පැලැන්දුවා. හරිම සුන්දර ආභරණයක් මට එය!

අලුයම ද මේ...?

ශීතකරණය-ගොරොද්ද අදින කුරුකුරුව බිත්ති දිගේ වයර්වල කරන්ට් එක අමාරුවෙන් ගමන් කරන නමක් එහෙමකට නැති සද්දබද්ද-හූනන්ගෙ චුක්චුක් වගෙ නන්නාඳුනන කෘමීන්ගේ ආලිංගන ඉඟිබිඟි ද මන්දා මහ රාත්තිරි ගෙවී අළුයම හුස්ම ටික හිර කරපු බිරිස්සාව අලුයම ද මේ දහසක් බුදුන් බුදුවන? පාන්දර තුනයි විස්සයි! හුස්ම ටික නාහෙන් එලියෙ-කොහේ බුදු වෙන්නද ? උණුවතුරෙ දියව ගිය මොකද්දෝ කුප්පි පොඩියක රැඳුනු ඉස්පොලු කඩං ගිය ආලේප කර්කශක විවර කළා අවිවරව දුක් දුන් නාස් කුහර පේන්න පටං ගත්තා නැවතුනු තැනිං පරණ හීන ටික ඇඳට වැටුනම අළුයම වුනත් හෙමිහෙමින් දැල වියන කුඩා මකුළුවෙක් වගේ මම හීනයෙන් හීනයට ඉව ඇල්ලුවා සැහැල්ලු නාසිකාවෙන් ආශ්වාසයේ හුස්ම ටික පෙණහළු තුළට ගමන් කළා නිදහසේ... 20/01/2014

අවිඥානය නම් හීලෑ නැති අශ්වයා!

මගේ සියලු හැසිරීම් බලා සිටිනා ඔබ උඩ ඉන්න දෙවියන් ය කලකට පෙර මගේ සියලු හැසිරීම් බලා සිටිනා ඔබ දොස්තර දෙවියන් ය ... කලකට පසු ඔබේ ආශාවට මෙන්න මගේ රහස අනාවරනය වේවා ඔබේ අසනීප සනීප වේවා! (රෝගී කාන්තාවක් අපහසුවෙන් රෝහල් වැසිකිලියේ ලියූ කවියක්!) නව වසරේ පුවතක් ඇසුරිනි. ඔබට සුබ නව වසරක් ද වේවා!!!