අලුයම ද මේ...?

ශීතකරණය-ගොරොද්ද අදින කුරුකුරුව
බිත්ති දිගේ වයර්වල කරන්ට් එක අමාරුවෙන් ගමන් කරන
නමක් එහෙමකට නැති සද්දබද්ද-හූනන්ගෙ චුක්චුක් වගෙ
නන්නාඳුනන කෘමීන්ගේ ආලිංගන ඉඟිබිඟි ද මන්දා

මහ රාත්තිරි ගෙවී අළුයම හුස්ම ටික හිර කරපු බිරිස්සාව
අලුයම ද මේ දහසක් බුදුන් බුදුවන? පාන්දර තුනයි විස්සයි!
හුස්ම ටික නාහෙන් එලියෙ-කොහේ බුදු වෙන්නද ?

උණුවතුරෙ දියව ගිය මොකද්දෝ කුප්පි පොඩියක
රැඳුනු ඉස්පොලු කඩං ගිය ආලේප කර්කශක
විවර කළා අවිවරව දුක් දුන් නාස් කුහර
පේන්න පටං ගත්තා නැවතුනු තැනිං පරණ හීන ටික
ඇඳට වැටුනම අළුයම වුනත්

හෙමිහෙමින් දැල වියන කුඩා මකුළුවෙක් වගේ
මම හීනයෙන් හීනයට ඉව ඇල්ලුවා
සැහැල්ලු නාසිකාවෙන් ආශ්වාසයේ
හුස්ම ටික පෙණහළු තුළට ගමන් කළා නිදහසේ...


20/01/2014

Comments

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්