පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන? චින්තක රණසිංහ
පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන? චින්තක රණසිංහ ලංකාවේ විශ්ව විද්‍යාල කතිකාචාර්යවරු ලියා පළ කරන බොහෝ නවකතා කෙටිකතාවලට පාදක වන්නේ ඔවුනගේම විශ්ව විද්‍යාල අභ්‍යන්තර අත්දැකීම්ය. ඒ හේතුවෙන් චින්තක රණසිංහ අතින් ලියැවුණු මේ නව කතාවේ ද ඇත්තේ විශ්ව විද්‍යාලයට පිටින් සිටිනා අප වැන්නවුන් නොදන්නා ඔවුනගේම විත්ති කාරණා ඇතුලත් කතාවකි. මෙබඳු උසස් අධ්‍යාපන කේන්ද්‍ර යේ ඇති පුළුල් චරිත පිටුපස ඇති අප්‍රසිද්ධ - ඇසීමට දැන ගැනීමට නොසුදුසු -එම වෘත්තීයට නොගැලපෙන යථ ඇසුරෙන් කතා නවකතා සහ වාර්තා ලියා පළ කොට ඇත්තේ චින්තක රණසිංහ පමණක් නොවේ. වර්තමානයේ සැබැවින්ම උසස් අධ්‍යාපනය නැතිනම් විශ්ව විද්‍යාල කේන්ද්‍ර කරගත් ගුරු බල ඇණි විසින් නියාමනය කරනු ලබන සමස්ත අධ්‍යාපනය උදෙසා වූ අරගලය උත්කර්ෂයට නැංවී ඇති මොහොත අභිමුව ඔවුනගේ සටන දුර්මුඛ කරනු වස් මෙබඳු සාහිත්‍යාංග මතුකර දක්වන්නෝ ද මතු විය හැකිය. මේ එබඳු ප්‍රයාමයක් නොවන මුත් ප්‍රබන්ධයත් යථාර්ථයත් අතර මායිම් රේඛා මැකී ගොස් ඇති බව යලි යලිදු පවසන්නට ඇවැසි බුද්ධිමය ප්‍රජාවක් මේ මොහොතේ මේ මහ පොළව මත ඇතැයි කල්පනය කිරීම නුනුවණ කමකැයි මම සිතමි. පරිකල්පනය ඔස්සේ කළ නිර්මානයක යථ ස...